යොහන් 2:1-25

  • කානාවල විවාහ උත්සවය; වතුර වයින්වලට හැරෙව්වා (1-12)

  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කරයි (13-22)

  • යේසුස් මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ දන්නවා (23-25)

2  දවස් දෙකකට පස්සේ ගලීලයේ කානා නගරයේ විවාහ උත්සවයක් තිබුණා. ඒකට යේසුස්ගේ අම්මාත් ඇවිල්ලා හිටියා.  යේසුස්ටත් ඔහුගේ ගෝලයන්ටත් ඒ විවාහ උත්සවයට ආරාධනා කරලා තිබුණා.  උත්සවය වෙලාවේ වයින් ඉවර වෙන්න ගිය නිසා යේසුස්ගේ අම්මා ඔහුට මෙහෙම කිව්වා. “එයාලාගේ වයින් ඉවරයි.”  එතකොට යේසුස් අම්මාට මෙහෙම කිව්වා. “ඇයි අපි ඒ ගැන කරදර වෙන්නේ?* මගේ වෙලාව තවම ඇවිත් නැහැ.”  ඔහුගේ අම්මා කෑම බීම පිළිගන්නපු අයට මෙහෙම කිව්වා. “එයා මොකක් හරි කරන්න කිව්වොත් ඒක කරන්න.”  එතන ගලින් හදපු වතුර භාජන හයක් තිබුණා. යුදෙව්වන් දාලා තිබුණ නීතිවලට අනුව+ අත් හෝදගන්න ඕනෙ කරන වතුර පුරවන්නයි ඒ භාජන තිබුණේ. ඒ එක භාජනයකට වතුර බාත් ඒකක* දෙකක් නැත්නම් තුනක් පුරවන්න පුළුවන්.  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මේ භාජනවලට වතුර පුරවන්න.” ඉතින් එයාලා ඒවාවල කට ළඟටම වතුර පිරෙව්වා.  ඊටපස්සේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “දැන් ඒකෙන් ටිකක් අරගෙන උත්සවයේ වැඩකටයුතු බලාගන්න ඉන්න කෙනාට ගිහින් දෙන්න.” ඉතින් එයාලා එහෙම කළා.  උත්සවයේ වැඩකටයුතු බලාගන්න හිටපු කෙනා වයින්වලට හරවලා තිබුණ වතුරවල රහ බැලුවා. ඒත් එයා දැනන් හිටියේ නැහැ ඒ වයින් හම්බ වුණේ කොහෙන්ද කියලා. (භාජනවලින් වතුර ගත්ත සේවකයෝ නම් ඒක දැනන් හිටියා.) ඉතින් එයා මනමාලයාට අඬගහලා 10  මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් මිනිස්සු මුලින්ම දෙන්නේ හොඳ වයින්. කට්ටිය ටිකක් වෙරි වුණාට පස්සේ තමයි බාල වයින් දෙන්නේ. ඒත් ඔයා දැන්නේ හොඳම වයින් දෙන්නේ.” 11  ගලීලයේ කානා නගරයේදී යේසුස් කරපු ඒ ආශ්චර්යය ඔහු කරපු පළවෙනි ආශ්චර්යයයි. ඒ විදිහට ඔහු තමන්ට තියෙන පුදුමාකාර බලය අනිත් අයට දකින්න සැලැස්සුවා.+ ඔහුගේ ගෝලයෝ ඔහු ගැන විශ්වාසය තියන්න පටන්ගත්තා. 12  ඊටපස්සේ යේසුස් අම්මායි, සහෝදරයෝයි,+ ගෝලයෝයි එක්ක කපර්ණවුමට+ ගියා. ඒත් එයාලා වැඩි දවසක් එහේ හිටියේ නැහැ. 13  යුදෙව්වන්ගේ පාස්කු උත්සවය+ ළං වෙලයි තිබුණේ. ඉතින් යේසුස් යෙරුසලමට ගියා. 14  යේසුස් දේවමාලිගාවට ගියාම මිනිස්සු එහේ ගවයන්, බැටළුවන් සහ කොබෙයියන්ව+ විකුණන විදිහත් සල්ලි මාරු කරන අය එතන ඉඳගෙන ඉන්න විදිහත් දැක්කා. 15  ඔහු ලණුවලින් කසයක් හදාගෙන බැටළුවන්වයි, ගවයන්වයි, උන්ව විකුණන්න ඇවිත් හිටපු හැමෝවමයි දේවමාලිගාවෙන් එළියට එළවලා දැම්මා. මුදල් මාරු කරන අයගේ කාසි බිමට හලලා එයාලාගේ මේස පෙරළලා දැම්මා.+ 16  ඔහු කොබෙයියන්ව විකුණන අයට මෙහෙම කිව්වා. “මේවා මෙහෙන් අරන් යන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක්* නෙමෙයි.”+ 17  ඒක දැක්කාම ලියවිලිවල තියෙන මේ දේ ඔහුගේ ගෝලයන්ට මතක් වුණා. “ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මොන තරම්ද! ඒක මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ.”+ 18  සිද්ධ වුණ දේ දැක්ක යුදෙව්වන් යේසුස්ට මෙහෙම කිව්වා. “මේ දේවල් කරන්න ඔයාට අයිතියක් තියෙනවාද? ඒක ඔප්පු කරන්න ඔයාට දෙන්න පුළුවන් ලකුණ මොකක්ද?”+ 19  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මේ දේවමාලිගාව කඩලා දාන්න. දවස් තුනකින් මං ඒක ආයෙත් හදනවා.”+ 20  එතකොට යුදෙව්වන් මෙහෙම ඇහුවා. “මේ දේවමාලිගාව හදන්න අවුරුදු 46ක් ගියා. එතකොට ඔයා කියන්නේ ඔයාට ඒක දවස් තුනකින් හදන්න පුළුවන් කියලද?” 21  ඒත් දේවමාලිගාව කියලා කියද්දී යේසුස් අදහස් කළේ ඔහුගේ ශරීරයයි.+ 22  යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වාට පස්සේ තමයි ඔහුගේ ගෝලයන්ට මතක් වුණේ යේසුස් ඒ දේ නිතරම කිව්වා කියලා.+ ඉතින් ශුද්ධ ලියවිලිවල තියෙන දේවලුයි, යේසුස් කියපු දේවලුයි එයාලා විශ්වාස කළා. 23  පාස්කු උත්සවය පවත්වපු කාලේ යෙරුසලමේ ඉද්දී යේසුස් ආශ්චර්යයන් කළා. ඒවා දැකලා ගොඩක් අය ඔහුව* විශ්වාස කරන්න පටන්ගත්තා. 24  ඒත් එයාලා ඇත්තටම කොයි වගේ අයද කියලා තේරුම්ගත්ත නිසා යේසුස් එයාලා එක්ක හොඳ කල්පනාවෙන් වැඩ කළා. 25  මිනිස්සුන්ව තේරුම්ගන්න ඔහුට කිසිම මනුස්සයෙක්ගේ උදව් අවශ්‍ය වුණේ නැහැ. මොකද මිනිස්සුන්ගේ හිත්වල තියෙන දේ ඔහු දැනන් හිටියා.+

පාදසටහන්

මූ.අ., “ස්ත්‍රිය, මටයි, ඔයාටයි මේකට තියෙන සම්බන්ධය මොකක්ද?” සාමාන්‍යයෙන් තමන්ගේ අකමැත්ත පළ කරන්න ඒ විදිහට කියනවා. “ස්ත්‍රිය” කියලා කතා කරන එක අගෞරවනීය දෙයක් නෙමෙයි.
ග්‍රීක භාෂාවෙන් මෙට්‍රෙටීස්. ඒක සමහරවිට බාත් ඒකකයක් වෙන්න පුළුවන්. උප. B14 බලන්න.
හෝ, “ව්‍යාපාර කරන තැනක්.”
මූ.අ., “ඔහුගේ නම ගැන.”