යොහන් 3:1-36

  • යේසුස් සහ නිකදේමස් (1-21)

    • ආයෙත් ඉපදෙනවා (3-8)

    • දෙවියන් මුළු ලෝකයටම ආදරය කළා (16)

  • යොහන් අන්තිමට යේසුස් ගැන දුන්න සාක්ෂිය (22-30)

  • ඉහළින් එන කෙනා (31-36)

3  නිකදේමස්+ කියලා පරිසිවරයෙක් හිටියා. එයා යුදෙව්වන්ගේ පාලකයෙක්.  රෑ වුණාට පස්සේ එයා යේසුස්ව හම්බ වෙන්න ඇවිල්ලා+ ඔහුට මෙහෙම කිව්වා. “රබ්බි,+ ඔබ දෙවියන් එවපු ගුරුවරයෙක් කියලා අපි දන්නවා. මොකද දෙවියන්ගේ උදව් ලැබුණේ නැත්නම්+ ඔබ කරන මේ ආශ්චර්යයන්+ කරන්න කාටවත් බැහැ.”  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඇත්තටම මං කියන්නේ කෙනෙක් ආයෙත් ඉපදුණේ නැත්නම්*+ එයාට දෙවියන්ගේ රාජ්‍යය දකින්න ලැබෙන්නේ නැහැ.”+  එතකොට නිකදේමස් “මහලු වයසේ ඉන්න කෙනෙක් කොහොමද ඉපදෙන්නේ? එයාට ආයෙත් අම්මාගේ බඩට ගිහින් ඉපදෙන්න බැහැනේ” කියලා කිව්වා.  යේසුස් මෙහෙම උත්තර දුන්නා. “ඇත්තටම මං කියන්නේ කෙනෙක් දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් එයා වතුරෙන් බව්තීස්ම වෙන්න ඕනේ.+ ඒ වගේම එයා දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඉපදෙන්න ඕනේ.*+  මිනිසෙක්ගෙන් ඉපදෙන කෙනෙක් මිනිසෙක්. ඒත් දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඉපදෙන කෙනෙක් ස්වර්ගයට අයිති කෙනෙක්.  ඔයාලා ආයෙත් ඉපදෙන්න ඕනෙ කියලා මං කියපු දේ ගැන පුදුම වෙන්න එපා.  හුළඟ ගැන හිතන්න. ඒක කැමති දිශාවකට හමනවා. ඒක හමන සද්දෙත් ඇහෙනවා. ඒත් ඒක ආවේ කොහෙන්ද කියලවත් ඒක යන්නේ කොහෙටද කියලවත් කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ තමයි කෙනෙක් දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඉපදෙන්නේ+ කොහොමද කියලා කාටවත් තේරුම්ගන්න බැහැ.”  එතකොට “කොහොමද ඒ වගේ දෙයක් වෙන්නේ” කියලා නිකදේමස් ඇහුවා. 10  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයා ඊශ්‍රායෙල්වරුන්ගේ ගුරුවරයෙක් නේද? ඒත් මේ දේවල් ගැන දන්නේ නැද්ද? 11  ඇත්තටම මං ඔයාට කියන්නේ අපි දන්න දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. අපි දැක්ක දේවල් ගැන තමයි සාක්ෂි දරන්නේ. ඒත් අපි දෙන සාක්ෂිය ඔයා පිළිගන්නේ නැහැ. 12  පොළොවේ තියෙන දේවල් ගැන මං ඔයාට කියද්දී ඔයා ඒවා විශ්වාස කරන්නේ නැත්නම් ස්වර්ගයේ තියෙන දේවල් ගැන මං කිව්වොත් ඔයා ඒවා විශ්වාස කරයිද? 13  කිසිම මිනිසෙක් ස්වර්ගයට ගිහින් නැහැ.+ ස්වර්ගයෙන් ඇවිත් ඉන්න+ එකම කෙනා මනුෂ්‍ය පුත්‍රයා විතරයි. 14  මෝසෙස් පාළුකරයේ ඉද්දී සර්පයෙක්ව+ කණුවක එල්ලලා තිබ්බ විදිහටම මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලලා තියනවා.+ 15  එහෙම කරන්නේ ඔහු ගැන විශ්වාසය තියන හැමෝටම සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් වෙන්නයි.+ 16  “දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව*+ එයාලා වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.+ 17  දෙවියන් තමන්ගේ පුතාව ලෝකයට එව්වේ ඔහු මාර්ගයෙන් ලෝකයේ ඉන්න අයව විනිශ්චය කරන්න නෙමෙයි එයාලව ගලවගන්නයි.+ 18  ඔහු ගැන විශ්වාසය තියන කෙනෙක්ව විනිශ්චය කරන්නේ නැහැ.+ ඒත් ඔහු ගැන විශ්වාසය තියන්නේ නැති අයව දැනටමත් විනිශ්චය කරලා ඉවරයි. මොකද ඒ අය දෙවියන්ගේ එකම පුතා* ගැන විශ්වාසය තිබ්බේ නැහැ.+ 19  ලෝකයට ආලෝකය ආවා.+ ඒත් මිනිස්සු ආලෝකයට ආස කරනවා වෙනුවට වැඩියෙන් ආස කළේ අන්ධකාරයටයි. මොකද එයාලා කරන්නේ දුෂ්ට දේවල්. එයාලව විනිශ්චය කරන්නේ ඒක නිසයි. 20  පිළිකුල් දේවල් කරන කෙනා ආලෝකයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කරන දේවල් හෙළි වෙන නිසා* එයා ආලෝකයට එන්නේ නැහැ. 21  ඒත් හරි දේ කරන කෙනා ආලෝකයට එනවා.+ එයා ආලෝකයට එන්නේ එයා කරපු දේවල් දෙවියන්ගේ කැමැත්තට එකඟයි කියලා පැහැදිලිව පෙන්නන්නයි.” 22  ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක යුදයේ පිටිසර පළාත්වලට ගිහින් එහේ ටික කාලයක් හිටියා. එහේ ඉද්දී කීපදෙනෙක්ව බව්තීස්ම කළා.*+ 23  ඔය අතරේ යොහනුත් සාලිම් ළඟ තියෙන ඒනොන්වලදී මිනිස්සුන්ව බව්තීස්ම කළා. මොකද එතන ගොඩක් වතුර තිබුණා.+ එයා ළඟට ආපු මිනිස්සුන්ව එයා බව්තීස්ම කළා.+ 24  ඒ වෙද්දී යොහන්ව හිරේට දාලා තිබුණේ නැහැ.+ 25  පවිත්‍ර වෙන්න තිබුණ චාරිත්‍ර ගැන යොහන්ගේ ගෝලයන් සහ යුදෙව්වෙක් අතරේ වාදයක් ඇති වුණා. 26  එයාලා යොහන් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “රබ්බි, ඔයාට මතකද ඔයා අර කෙනෙක් ගැන සාක්ෂි දැරුවේ?+ යොර්දාන් ගඟෙන් එහා පැත්තේ ඉද්දී එයා ඔයා ළඟට ආවේ? දැන් එයාත් මිනිස්සුන්ව බව්තීස්ම කරනවා. හැමෝම එයා ළඟට යනවා.” 27  යොහන් එයාලට මෙහෙම උත්තර දුන්නා. “කාටවත් දෙවියන්ගේ අවසරය නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. 28  ‘මං ක්‍රිස්තුස් නෙමෙයි.+ මාව එව්වේ ඔහුට ඉදිරියෙන් යන කෙනා විදිහටයි’+ කියලා මං කියපු දේට ඔයාලා සාක්ෂිකරුවෝ. 29  මනමාලිව අයිති වෙන්නේ මනමාලයාට.+ ඒත් මනමාලයා ළඟින් ඉන්න එයාගේ යාළුවාට එයාගේ හඬ ඇහුණාම ලොකු සතුටක් දැනෙනවා. දැන් මට දැනෙන්නෙත් ඒ වගේ සතුටක්. 30  ඔහුට ඉන්න අයගේ ගාණ අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මං ළඟ ඉන්න අයගේ ගාණ අඩු වෙනවා.” 31  ඉහළින් එන කෙනා+ හැමෝටම වඩා ශ්‍රේෂ්ඨයි. පොළොවෙන් එන කෙනා මේ පොළොවේ කෙනෙක් නිසා එයා කතා කරන්නේ පොළොවේ තියෙන දේවල් ගැනයි. ඒත් ස්වර්ගයේ ඉඳන් එන කෙනා හැමෝටම වඩා ශ්‍රේෂ්ඨයි.+ 32  ඔහු අහපු දැකපු දේවල් ගැන+ සාක්ෂි දැරුවත් කිසිම මිනිසෙක් ඔහුගේ සාක්ෂිය පිළිගන්නේ නැහැ.+ 33  ඒත් ඔහුගේ සාක්ෂිය පිළිගන්න කෙනා දෙවියන් කියන හැම දෙයක්ම සත්‍යයයි කියලා මුළු හදවතින්ම පිළිගන්නවා.*+ 34  දෙවියන් එවපු කෙනා දෙවියන් කියන දේවල්+ ගැන කතා කරනවා. මොකද දෙවියන් ලෝභ නැතුව තමන්ගේ බලය ලබා දෙනවා. 35  පියාණන් ඔහුගේ පුතාට ආදරෙයි.+ ඒ නිසා ඔහුගේ අතට හැම දෙයක්ම භාර දීලා තියෙනවා.+ 36  පුතා ගැන විශ්වාසය තියන කෙනාට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.+ ඒත් පුතාට අකීකරු වෙන කෙනාට ජීවිතය ලැබෙන්නේ නැහැ.+ දෙවියන්ගේ කේන්තියෙන් එයාට කොහොමටවත් බේරෙන්න බැහැ.+

පාදසටහන්

හෝ, “අලුත් ජීවිතයක් පටන්ගත්තේ නැත්නම්.”
මූ.අ., “කෙනෙක් වතුරෙන් සහ දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඉපදෙන්න ඕනේ.”
ඒ කියන්නේ දෙවියන් තමන්ගේ අතින්ම නිර්මාණය කරපු එකම පුතාව.
ඒ කියන්නේ දෙවියන් තමන්ගේ අතින්ම නිර්මාණය කරපු එකම පුතාව.
හෝ, “එයා කරන දේවල්වලට අවවාද ලැබෙන නිසා.”
පේන විදිහට මේ බව්තීස්මයන් කළේ යේසුස්ගේ මඟ පෙන්වීම යටතෙයි. යොහ 4:2ත් බලන්න.
මූ.අ., “තමන්ගේ මුද්‍රාව තියනවා.”