යෝනා 2:1-10

  • මාළුවාගේ බඩේ ඉද්දී යෝනා කරපු යාච්ඤාව (1-9)

  • යෝනාව ගොඩබිමට වමාරයි (10)

2  යෝනා ඒ මාළුවාගේ බඩේ ඉද්දී තමන්ගේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරලා+  මෙහෙම කිව්වා. “මගේ දුකේදී මම යෙහෝවාට අඬගැහුවා. ඔහු මට පිළිතුරු දුන්නා.+ අන්ධකාරයෙන් වැහුණ මිනී වළේ ඉඳන්* උදව් ඉල්ලලා මම කෑගැහුවා.+ ඔබ මට සවන් දුන්නා.   ඔබ මාව මහ මුහුදේ ගැඹුරටම වීසි කළා.ජල ධාරා මාව වට කරගත්තා.+ ඔබ එවපු දරුණු රළ පහර මගේ හිසටත් උඩින් ගියා.+   ‘ඔබට මාව නොපෙනී යන විදිහට ඈතින් ඈතට මාව ගහගෙන ගියා. ඔබේ ශුද්ධ මාලිගාව මට නැවත දැකගන්න පුළුවන් වෙයිද’ කියලා මම කල්පනා කළා.   රළ පහර මාව යට කරගත්ත නිසා මං මරණය ළඟටම ආවා.+ගැඹුරු මුහුදේ පතුලටම මං ගිලෙන්න පටන්ගත්තා. මුහුදු පැළෑටි මගේ හිස වටේ එතුණා.   මම මුහුද පතුලටම* කිඳා බැස්සා. ‘පොළොව මාව වහගෙන හැමදාටම මාව හිර කරගනියිද’ කියලා මට හිතුණා. ඒත් යෙහෝවා මගේ දෙවියනි, ඔබ මාව මිනී වළෙන් ගොඩට අරන් මගේ ජීවිතේ ආරක්ෂා කළා.+   යෙහෝවා, මරණය ඉස්සරහා ඉද්දී මට මතක් වුණේ ඔබව විතරයි.+ ඔබේ ශුද්ධ මාලිගාවේ ඉඳන් ඔබ මං කරපු යාච්ඤාවට සවන් දුන්නා.+   කිසි දෙයක් කරන්න බැරි රූප ඉස්සරහා වැඳ වැටෙන මිනිස්සු නොසැලෙන ආදරයක්* පෙන්නන ඔබව අත්හැරලා දාලා.*   ඒත් මම ස්තුති ප්‍රශංසා දෙමින් පූජා ඔප්පු කරන්නේ ඔබටයි. ඔබට පොරොන්දු වුණ හැම දේම මම ඒ විදිහටම ඉටු කරනවා.+ ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා වන ඔබයි.”+ 10  පස්සේ යෝනාව ගොඩබිමට වමාරන්න කියලා යෙහෝවා මාළුවාට අණ කළා. ඌ යෝනාව ගොඩබිමට වැමෑරුවා.

පාදසටහන්

හෝ, “මරණය පෙනිපෙනී ඉද්දී.”
මූ.අ., “කඳුවල අත්තිවාරම් දිහාවට.”
හෝ සමහරවිට, “ඔවුන්ගේ පක්ෂපාතකම අත්හැරලා දාලා.”