Skip to content

පටුනට යන්න

යෝබ් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • යෝබ්ගේ විශ්වාසවන්තකම සහ එයාට තිබුණ ධන සම්පත් (1-5)

    • යෝබ්ට නරක චේතනා තියෙනවා කියලා සාතන් චෝදනා කරයි (6-12)

    • යෝබ්ට එයාගේ ධන සම්පත් සහ දරුවන් අහිමි වෙයි (13-19)

    • යෝබ් දෙවියන්ට දොස් කියන්නේ නැහැ (20-22)

  • 2

    • සාතන් ආයෙත් යෝබ්ගේ චේතනා ගැන ප්‍රශ්න කරයි (1-5)

    • යෝබ්ගේ ශරීරයට පහර දෙන්න සාතන්ට අවසර ලැබෙයි (6-8)

    • ‘දෙවියන්ට ශාප කරලා මැරෙන්න’ කියලා යෝබ්ගේ බිරිඳ කියයි (9, 10)

    • යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා එයි (11-13)

  • 3

    • යෝබ් තමන් ඉපදුණ දවසට ශාප කරයි (1-26)

      • යෝබ් තමන් දුක් විඳින්නේ ඇයි කියලා අහයි (20, 21)

  • 4

    • එලිෆස් කතා කරපු මුල් වතාව (1-21)

      • යෝබ් විශ්වාසවන්ත කෙනෙක් නෙමෙයි කියලා අඟවයි (7, 8)

      • භූතයෙක්ගෙන් ලැබුණ පණිවිඩයක් ගැන කියයි (12-17)

      • “දෙවියන්ට තමන්ගේ සේවකයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ” (18)

  • 5

    • එලිෆස් දිගටම කතා කරයි (1-27)

      • “කපටි උපායන් යොදන ප්‍රඥාවන්තයන්ව එයාලා අටවන උගුලටම දෙවියන් ඇදලා දානවා” (13)

      • “දෙවියන් දෙන හික්මවීමට පිටු පාන්න එපා” (17)

  • 6

    • යෝබ් උත්තර දෙයි (1-30)

      • පැමිණිලි කරන්න එයාට සාධාරණ හේතු තියෙනවා කියලා කියයි (2-6)

      • එයාව සනසන්න ආපු අය ගැන විශ්වාසයක් තියාගන්න බැහැ (15-18)

      • “අවංක වචන හිතට මේ තරම් රිදුම් දෙන්නේ නැහැ” (25)

  • 7

    • යෝබ් දිගටම කතා කරයි (1-21)

      • මිනිසා ගත කරන ජීවිතේ කුලීකරුවෙක්ගේ ජීවිතේ වගේ (1, 2)

      • “ඔබ මාවම ඉලක්ක කරගෙන ඉන්නේ ඇයි?” (20)

  • 8

    • බිල්දද් කතා කරන මුල්ම වතාව (1-22)

      • යෝබ්ගේ දරුවන් වරදක් කරලා ඇති කියලා අඟවයි (4)

      • ‘ඔයා නිර්දෝෂ නම් දෙවියන් ඔයාව ආරක්ෂා නොකර ඉඳියිද?’ (6)

      • යෝබ්ට දෙවියන් ගැන ගරුබියක් නැහැ කියලා අඟවයි (13)

  • 9

    • යෝබ් උත්තර දෙයි (1-35)

      • දූවිල්ලට හැරිලා යන මිනිසාට දෙවියන් එක්ක වාද කරන්න බැහැ (2-4)

      • ‘දෙවියන් කිසි කෙනෙක්ට තේරුම්ගන්න බැරි දේවල් කරයි’ (10)

      • කිසිම කෙනෙක්ට දෙවියන් එක්ක වාද කරන්න බැහැ (32)

  • 10

    • යෝබ් දිගටම කතා කරයි (1-22)

      • ‘දෙවියන් මට සතුරුකම් කරන්නේ ඇයි?’ (2)

      • දූවිල්ලෙන් හදපු යෝබ්ට වඩා දෙවියන් කොච්චර වෙනස්ද! (4-12)

      • ‘මට පොඩි හරි සහනයක් දෙන්න’ (20)

  • 11

    • ෂෝපර් මුල්ම වතාවට කතා කරයි (1-20)

      • යෝබ් හිස් වචන කතා කරනවා කියලා චෝදනා කරයි (2, 3)

      • වැරදි අත්හරින්න කියලා යෝබ්ට කියයි (14)

  • 12

    • යෝබ් උත්තර දෙයි (1-25)

      • “මං ඔයාලට වඩා දැනුමෙන් අඩු කෙනෙක් නෙවෙයි” (3)

      • “මාව විහිළුවක් වෙලා” (4)

      • ‘ප්‍රඥාව තියෙන්නේ දෙවියන් ළඟයි’ (13)

      • විනිශ්චයකරුවන්ට සහ රජවරුන්ට වඩා දෙවියන් උසස් (17, 18)

  • 13

    • යෝබ් දිගටම කතා කරයි (1-28)

      • ‘දෙවියන් එක්ක කතා කරන එක ඊට වඩා හොඳයි’ (3)

      • “ඔයාලා කිසි වැඩකට නැති වෙද්දු” (4)

      • “මං නිදොස් කියලා මං දන්නවා” (18)

      • දෙවියන් එයාව සතුරෙක් විදිහට ගණන් ගන්නේ ඇයි කියලා අහයි (24)

  • 14

    • යෝබ් දිගටම කතා කරයි (1-22)

      • මිනිසාගේ ජීවිතේ හරිම කෙටියි. දුක් කරදරවලින් පිරිලා (1)

      • “කපලා දාපු ගහක් ගැන වුණත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්” (7)

      • ‘අනේ, මාව මිනී වළේ සඟවලා තියන්න’ (13)

      • “මිනිසෙක් මිය ගියාට පස්සේ ඔහු ආයෙත් ජීවත් වෙයිද?” (14)

      • දෙවියන් ඔහුගේ අතින් නිර්මාණය කරපු අයව ආයෙත් දකින්න ලොකු ආසාවකින් ඉන්නවා (15)

  • 15

    • එලිෆස් දෙවෙනි වතාවට කතා කරයි (1-35)

      • යෝබ්ට දෙවියන් ගැන ගරුබියක් නැහැ කියලා කියයි (4)

      • යෝබ් උඩඟුයි කියලා කියයි (7-9)

      • “දෙවියන්ට ඔහුගේ දූතයන් ගැනවත් විශ්වාසයක් නැහැ” (15)

      • ‘දුක් විඳින්නේ දුෂ්ටයන්’ (20-24)

  • 16

    • යෝබ් උත්තර දෙයි (1-22)

      • “ඔයාලා ඇවිත් ඉන්නේ මාව සනසන්න නෙවෙයි මගේ හිත බිඳලා දාන්න” (2)

      • දෙවියන් එයාවම ඉලක්ක කරගෙන ඉන්නවා කියලා කියයි (12)

  • 17

    • යෝබ් දිගටම කතා කරයි (1-16)

      • “සමච්චල් කරන අය මාව වට කරගෙන” (2)

      • “දෙවියන් අනිත් අය ඉස්සරහා මට ලැජ්ජා කළා” (6)

      • “මිනී වළ මගේ නිවහන වෙයි” (13)

  • 18

    • බිල්දද් දෙවෙනි වතාවට කතා කරයි (1-21)

      • පව්කාරයන්ට වෙන දේ පෙන්නලා දෙයි (5-20)

      • යෝබ් දෙවියන්ව හඳුනන්නේ නැහැ කියලා අඟවයි (21)

  • 19

    • යෝබ් උත්තර දෙයි (1-29)

      • යාළුවන්ගෙන් ලැබෙන අවවාද ප්‍රතික්ෂේප කරයි (1-6)

      • හැමෝම එයාව අත්හැරලා කියලා කියයි (13-19)

      • “මට ගැලවුම්කරුවෙක් ඉන්නවා” (25)

  • 20

    • ෂෝපර් දෙවෙනි වතාවට කතා කරයි (1-29)

      • යෝබ් එයාට අපහාස කළා කියලා කියයි (2, 3)

      • යෝබ් දුෂ්ටයෙක් කියලා අඟවයි (5)

      • යෝබ් වැරදි දේවල් කරන එකෙන් සතුටක් ලබනවා කියලා කියයි (12, 13)

  • 21

    • යෝබ් උත්තර දෙයි (1-34)

      • “දුෂ්ටයන් කරදරයක් නැතුව ඉන්නේ ඇයි?” (7-13)

      • සනසන්න ආපු අය කියන දේවල් බොරු කියලා පෙන්නයි (27-34)

  • 22

    • එලිෆස් තුන්වෙනි වතාවට කතා කරයි (1-30)

      • ‘මිනිසෙක්ගෙන් දෙවියන්ට ප්‍රයෝජනයක් තියෙනවාද?’ (2, 3)

      • යෝබ් අසාධාරණ, කෑදර කෙනෙක් කියලා චෝදනා කරයි (6-9)

      • ‘දෙවියන් වෙතට හැරිලා ආවොත් ඔහු ඔයාව ආයෙත් උසස් කරයි’ (23)

  • 23

    • යෝබ් උත්තර දෙයි (1-17)

      • යෝබ්ට ඕනෙ දෙවියන් ඉස්සරහට එයාගේ නඩුව අරන් යන්න (1-7)

      • දෙවියන්ව එයාට හොයාගන්න බැහැ කියලා කියයි (8, 9)

      • ‘මං ඔහු යන මඟෙන් ඉවත් නොවී දිගටම ඒ මාර්ගයේ ගමන් කළා’ (11)

  • 24

    • යෝබ් දිගටම කතා කරයි (1-25)

      • “දෙවියන් දවසක් නියම කරන්නේ නැත්තේ ඇයි?” (1)

      • දෙවියන් දුෂ්ටකම්වලට ඉඩහරිනවා කියලා කියයි (12)

      • දුෂ්ටයන් ආස අඳුරේ ඉන්න (13-17)

  • 25

    • බිල්දද් තුන්වෙනි වතාවට කතා කරයි (1-6)

      • “මිනිසා දෙවියන් ඉස්සරහා ධර්මිෂ්ඨ වෙන්නේ කොහොමද?” (4)

      • දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා වැඩක් නැහැ කියලා කියයි (5, 6)

  • 26

    • යෝබ් උත්තර දෙයි (1-14)

      • ‘දුර්වල කෙනාට අත දුන්න විදිහ නම් හරිම අපූරුයි!’ (1-4)

      • ‘දෙවියන් පොළොව හිස් අවකාශයේ තිබ්බා’ (7)

      • “දෙවියන්ගේ ක්‍රියාවලින් අල්පමාත්‍රයක් විතරයි” (14)

  • 27

    • යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගනියි (1-23)

      • “මං දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා” (5)

      • දෙවියන් ගැන ගරුබියක් නැති අයට බලාපොරොත්තුවක් නැහැ (8)

      • “ඔයාලා කිසිම පලක් නැති හිස් වචන කියන්නේ ඇයි?” (12)

      • දුෂ්ට අයට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ (13-23)

  • 28

    • සැඟවුණු වස්තුවලට වඩා ප්‍රඥාව කොච්චර වටිනවාද කියලා යෝබ් කියයි (1-28)

      • මිනිසුන් පොළොව යට තියෙන වස්තුව හොයන්න වෙන මහන්සිය (1-11)

      • ප්‍රඥාව අගනා මුතුවලටත් වඩා වටිනවා (18)

      • ප්‍රඥාව කියන්නේ යෙහෝවාට ගරුබිය දක්වන එකටයි (28)

  • 29

    • පීඩා එන්න කලින් ගත කරපු හොඳ ජීවිතය යෝබ් මතක් කරයි (1-25)

      • නගරයේ දොරටුව ළඟදී ගෞරවයෙන් සලකයි (7-10)

      • යෝබ් අතීතයේදී සාධාරණව වැඩ කරපු විදිහ (11-17)

      • හැමෝම එයාගේ උපදෙස්වලට ඇහුම්කන් දුන්නා (21-23)

  • 30

    • යෝබ් එයාගේ ජීවිතේ වෙනස් වුණ විදිහ ගැන කියයි (1-31)

      • කිසි කමකට නැති අය එයාට කවටකම් කරයි (1-15)

      • දෙවියන්ගෙන් උදව් ලැබෙන්නේ නැහැ කියලා හිතයි (20, 21)

      • “මගේ හම කලු වෙලා” (30)

  • 31

    • යෝබ් තමන්ගේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න හදයි (1-40)

      • “මගේ ඇස් එක්ක ගිවිසුමක්” (1)

      • තමන්ව තරාදියක දාලා කිරලා බලන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලයි (6)

      • අනාචාරයේ යෙදෙන කෙනෙක් නෙමෙයි (9-12)

      • ධන සම්පත්වලට ආස කෙනෙක් නෙමෙයි (24, 25)

      • බොරු දෙවිවරුන්ට නමස්කාර කරන කෙනෙක් නෙමෙයි (26-28)

  • 32

    • තරුණ එලිහු කතාබහට එකතු වෙයි (1-22)

      • යෝබ් එක්කත් එයාගේ යාළුවෝ තුන්දෙනා එක්කත් කේන්ති යයි (2, 3)

      • කතා කරන්න කලින් ගෞරවයෙන් ඇහුම්කන් දෙයි (6, 7)

      • කෙනෙක් වයසට ගියා කියලා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ (9)

      • එලිහු කතා කරන්න නොඉවසිල්ලෙන් බලන් ඉඳියි (18-20)

  • 33

    • යෝබ් තමන්ගෙම ධර්මිෂ්ඨකම ගැන හිතපු එක වැරදියි කියලා කියයි (1-33)

      • වන්දියක් හම්බ වුණා (24)

      • ආයෙත් තරුණ ශක්තිය ලැබෙනවා (25)

  • 34

    • දෙවියන් ධර්මිෂ්ඨව වැඩ කරන, සාධාරණ කෙනෙක් කියලා එලිහු පෙන්නලා දෙයි (1-37)

      • දෙවියන් එයාට යුක්තිය ඉටු කළේ නැහැ කියලා යෝබ් කියයි (5)

      • සැබෑ දෙවියන් කවදාවත් දුෂ්ට දෙයක් කරන්නේ නැහැ (10)

      • යෝබ් හැම දේම දන්නේ නැහැ (35)

  • 35

    • යෝබ් කතා කරන්නේ දේවල් හරියට තේරුම්ගන්නේ නැතුවයි කියලා එලිහු කියයි (1-16)

      • යෝබ් දෙවියන්ට වඩා ධර්මිෂ්ඨයි කියලා කිව්වා (2)

      • දෙවියන් ගොඩක් උසස්. මිනිසුන් කරන වැරදි ඔහුට බලපාන්නේ නැහැ (5, 6)

      • දෙවියන් තීන්දුවක් දෙන කල් යෝබ් බලාගෙන ඉන්න ඕනේ (14)

  • 36

    • එලිහු, දෙවියන් කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා මතක් කරලා දෙයි (1-33)

      • කීකරු අයට ආශීර්වාද; දෙවියන් ගැන ගරුබියක් නැති අයව ප්‍රතික්ෂේප කරයි (11-13)

      • ‘දෙවියන් තරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් තවත් ඉන්නවාද?’ (22)

      • දෙවියන්ට ප්‍රශංසා කරන්න කියලා යෝබ්ට මතක් කරලා දෙයි (24)

      • “දෙවියන් අපිට හිතාගන්නවත් බැරි තරම් ශ්‍රේෂ්ඨයි” (26)

      • වැස්සටත් අකුණු සැරවලටත් අණ දෙන්නේ දෙවියන් (27-33)

  • 37

    • ස්වාභාවික බලයන් මාර්ගයෙන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න පුළුවන් (1-24)

      • මිනිසුන්ගේ වැඩ නවත්තලා දාන්න දෙවියන්ට පුළුවන් (7)

      • “දෙවියන්ගේ විස්මිත ක්‍රියාවලට හිත යොමු කරන්න” (14)

      • දෙවියන් කරන හැම දෙයක්ම තේරුම්ගන්න මිනිසුන්ට බැහැ (23)

      • කිසි කෙනෙක් තමන් ප්‍රඥාවන්තයි කියලා හිතන්න හොඳ නැහැ (24)

  • 38

    • මිනිසුන්ට වඩා තමන් කොච්චර උසස්ද කියලා යෙහෝවා පෙන්නලා දෙයි (1-41)

      • ‘පොළොව නිර්මාණය කරද්දී ඔයා හිටියේ කොහෙද?’ (4-6)

      • දෙවියන්ගේ පුතුන් සතුටු සිතින් ප්‍රශංසා කළා (7)

      • ස්වාභාවික බලයන් ගැන ප්‍රශ්න අහයි (8-32)

      • “විශ්වය පාලනය කරන නීති” (33)

  • 39

    • සතුන්ව නිර්මාණය කරපු විදිහ බලද්දී මිනිසුන්ගේ දැනුම කොයි තරම් අඩුද කියලා හෙළි වෙයි (1-30)

      • කඳු එළුවන් සහ මුවන් (1-4)

      • කැලෑ බූරුවන් (5-8)

      • කුළු හරකා (9-12)

      • පැස්බරුන් (13-18)

      • අශ්වයා (19-25)

      • කුරුලුගොයා සහ රාජාලියා (26-30)

  • 40

    • යෙහෝවා දිගටම ප්‍රශ්න අහයි (1-24)

      • තමන්ට කියන්න කිසිම දෙයක් නැහැ කියලා යෝබ් පිළිගනියි (3-5)

      • “මං අසාධාරණ කෙනෙක් කියලද ඔයා මට චෝදනා කරන්නේ?” (8)

      • බෙහෙමොත්ගේ ශක්තිය ගැන දෙවියන් පැහැදිලි කරයි (15-24)

  • 41

    • ලෙවීයාතන් කොයි තරම් පුදුමාකාර නිර්මාණයක්ද කියලා දෙවියන් විස්තර කරයි (1-34)

    • 42 යෝබ් යෙහෝවාට උත්තර දෙයි (1-6)

    • යාළුවෝ තුන්දෙනාට අවවාද කරයි (7-9)

    • යෙහෝවා යෝබ්ට ආයෙත් ආශීර්වාද කරයි (10-17)

      • යෝබ්ගේ දුවලා පුතාලා (13-15)