යෝබ් 1:1-22

  • යෝබ්ගේ විශ්වාසවන්තකම සහ එයාට තිබුණ ධන සම්පත් (1-5)

  • යෝබ්ට නරක චේතනා තියෙනවා කියලා සාතන් චෝදනා කරයි (6-12)

  • යෝබ්ට එයාගේ ධන සම්පත් සහ දරුවන් අහිමි වෙයි (13-19)

  • යෝබ් දෙවියන්ට දොස් කියන්නේ නැහැ (20-22)

1  ඌෂ් දේශයේ යෝබ්*+ කියලා අවංක, නිර්දෝෂ*+ මිනිසෙක් ජීවත් වුණා. එයා දෙවියන් ගැන ලොකු ගෞරවයක්* තිබුණ, වැරදි දේවලින් ඈත් වෙලා හිටපු කෙනෙක්.+  එයාට පුතාලා හත්දෙනෙකුයි, දුවලා තුන්දෙනෙකුයි හිටියා.  එයාට බැටළුවෝ 7,000ක්, ඔටුවෝ 3,000ක්, හරක් 1,000ක්,* බූරුවෝ 500ක් වගේම සේවකයන් විශාල පිරිසකුත් හිටියා. නැඟෙනහිර දේශයේ හිටපු හැමෝටම වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහටයි එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ.  යෝබ්ගේ පුතාලා තම තමන්ගේ ගෙවල්වල එයාලා කලින් තීරණය කරගත්ත දවස්වල සාදයන් පවත්වන්න පුරුදු වෙලා හිටියා. යෝබ්ගේ පුතාලා එයාලා එක්ක කාලා බීලා සතුටු වෙන්න නංගිලා* තුන්දෙනාටත් ආරාධනා කළා.  ඒ සාදයන් පවත්වලා ඉවර වුණාට පස්සේ යෝබ් සේවකයෙක් අතේ දරුවන්ට කියලා යැව්වා එයාලවම පවිත්‍ර කරගන්න කියලා. ඊටපස්සේ යෝබ් උදේ පාන්දරින්ම නැඟිටලා හැම දරුවෙක් වෙනුවෙන්ම දවන පූජා+ ඔප්පු කළා. යෝබ් එහෙම කළේ “සමහරවිට මගේ පුතාලා අතින් වරදක් වෙලා ඇති, නැත්නම් එයාලා හිතින් හරි දෙවියන්ට දොස් කියන්න ඇති” කියලා හිතපු නිසයි. යෝබ් නිතරම ඒ විදිහට කළා.+  මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+  එතකොට යෙහෝවා සාතන්ගෙන් ඇහුවා “ඔයා කොහේ ඉඳන්ද ආවේ” කියලා. සාතන් යෙහෝවාට මෙහෙම කිව්වා. “මං පොළොවේ හැම තැනකටම ගිහිල්ලයි මෙතනට ආවේ.”+  එතකොට යෙහෝවා සාතන්ට මෙහෙම කිව්වා. “මගේ සේවක යෝබ් ගැන ඔයා මොනවාද හිතන්නේ? එයා වගේ අවංක, නිර්දෝෂ,*+ මට ලොකු ගෞරවයක්* දක්වන, වැරදි දේවලින් ඈත් වෙලා ඉන්න කෙනෙක් පොළොවේ කොහෙවත් නැහැ.”  එතකොට සාතන් යෙහෝවාට මෙහෙම කිව්වා. “යෝබ් ඉතින් ඔයාට ගෞරව කරන්නේ* නිකමටද?+ 10  එයාවයි, එයාගේ පවුලේ අයවයි,* එයාට තියෙන හැම දෙයක්මයි හරියට පවුරකින් වට කරලා වගේ ඔයා ආරක්ෂා කරනවානේ!+ එයා කරන හැම දේකටම ඔයා ආශීර්වාදත් කරනවා.+ ඔයා එයාට ඇති තරම් සත්තුත් දීලා තියෙනවා. 11  ඒත් දැන් ඔයාගේ බලය පාවිච්චි කරලා එයාට තියෙන හැම දෙයක්ම නැති කරලා දාන්න. එතකොට බලන්නකෝ එයා ඔයාගේ මූණටම ශාප කරන්නේ නැද්ද කියලා.” 12  ඒ වෙලාවේ යෙහෝවා සාතන්ට මෙහෙම කිව්වා. “යෝබ්ට අයිති හැම දෙයක්ම දැන් ඔයාගේ අතේ. ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න. හැබැයි එයාට විතරක් අත තියන්න එපා.” ඊටපස්සේ සාතන් යෙහෝවා දෙවියන් ඉස්සරහින් පිටත් වෙලා ගියා.+ 13  දවසක් යෝබ්ගේ දුවලයි, පුතාලයි එයාලාගේ ලොකු අයියාගේ ගෙදර කෑම කමින් වයින් බොමින් හිටියා.+ 14  ඒ අතරතුරේ සේවකයෙක් යෝබ් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “හරක් කෙත හාද්දී බූරුවෝ ඒ ළඟ තණකොළ කකා හිටියා. 15  ඒ වෙලාවේ ෂෙබාවරු කඩන් පැනලා සේවකයන්ව කඩුවෙන් මරලා සත්තු ටික අරන් ගියා. බේරුණේ මං විතරයි. මං ආවේ ඔබට ඒ ගැන කියන්න.” 16  එයා යෝබ්ට ඒ ගැන කියකිය ඉද්දී තවත් සේවකයෙක් ඇවිත් මෙහෙම කිව්වා. “දෙවියන් අහසෙන් ගින්නක්* එවලා බැටළුවන්වයි, එඬේරුන්වයි පුච්චලා දැම්මා. බේරුණේ මං විතරයි. මං ආවේ ඔබට ඒ ගැන කියන්න.” 17  එයා කතා කරකර ඉද්දීම තවත් සේවකයෙක් එතනට ආවා. එයා මෙහෙම කිව්වා. “කල්දිවරුන්ගේ+ කණ්ඩායම් තුනක් ඇවිල්ලා සේවකයන්ව කඩුවෙන් මරලා ඔටුවන්ව අරන් ගියා. බේරුණේ මං විතරයි. මං ආවේ ඔබට ඒ ගැන කියන්න.” 18  ඒ වෙලාවෙම තවත් සේවකයෙක් ඇවිත් මෙහෙම කිව්වා. “ඔබේ දරුවෝ ඔබේ ලොකු පුතාගේ ගෙදර කෑම කමින් වයින් බොමින් ඉද්දී 19  එකපාරටම පාළුකරයෙන් තද හුළඟක් ඇවිත් ගේ බිමටම සමතලා කරලා දැම්මා. ඔබේ දරුවෝ ඔක්කොම නැති වුණා. බේරුණේ මං විතරයි. මං ආවේ ඔබට ඒ ගැන කියන්න.” 20  ඒක අහලා යෝබ් එයාගේ ඇඳුම ඉරාගෙන, හිසකෙස් කපාගෙන, බිම වැටිලා 21  මෙහෙම කිව්වා. “මව්කුසින් මං ආවේ නිර්වස්ත්‍රවයි.මං ආයේ යන්නෙත් ඒ විදිහටමයි.+ යෙහෝවා දුන්නා.+ යෙහෝවා ගත්තා. හැමදාටම යෙහෝවාගේ නම ගෞරවයට පත් වේවා!” 22  ඒ හැම දේම වෙලත් යෝබ් වරදක් කළේවත් දෙවියන්ට දොස් කිව්වෙවත් නැහැ.

පාදසටහන්

තේරුම, “වෛරයට ලක් වුණ” වෙන්න පුළුවන්.
හෝ, “දෙවියන්ට විශ්වාසවන්ත.”
හෝ, “ගරුබියක්.”
මූ.අ., “ගොන් බාන් 500ක්.”
හෝ, “අක්කලා.” මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට ඒ අදහස් දෙකම තියෙනවා.
හෝ, “දේවදූතයෝ.”
හෝ, “දෙවියන්ට විශ්වාසවන්ත.”
හෝ, “ගරුබියක්.”
හෝ, “ගරුබිය දක්වන්නේ.”
මූ.අ., “එයාගේ ගෙදරයි.”
හෝ සමහරවිට, “අකුණක්.”