යෝබ් 12:1-25

  • යෝබ් උත්තර දෙයි (1-25)

    • “මං ඔයාලට වඩා දැනුමෙන් අඩු කෙනෙක් නෙවෙයි” (3)

    • “මාව විහිළුවක් වෙලා” (4)

    • ‘ප්‍රඥාව තියෙන්නේ දෙවියන් ළඟයි’ (13)

    • විනිශ්චයකරුවන්ට සහ රජවරුන්ට වඩා දෙවියන් උසස් (17, 18)

12  යෝබ් මෙහෙම කිව්වා.   “ඇත්තටම ඔයාලා තරම් දැනුමක් තියෙන අයව කොහෙන් හොයන්නද?ඔයාලා මැරුණොත් ප්‍රඥාවත් පොළොවෙන් තුරන් වෙලා යයි.   ඒත් මටත් දේවල් ගැන අවබෝධයක් තියෙනවා. මං ඔයාලට වඩා දැනුමෙන් අඩු කෙනෙක් නෙවෙයි. ඔයාලා කියපු දේවල් කවුද නොදන්නේ?   මං දෙවියන්ගෙන් උත්තරයක් ලැබෙන කල් බලන් ඉන්නවා.+ඒ නිසා මගේ යාළුවන්ට මාව විහිළුවක් වෙලා.+ විහිළුවට ලක් වෙන්නේ අවංක, ධර්මිෂ්ඨ කෙනාවයි.   සැහැල්ලුවෙන් ඉන්න කෙනා හිතන්නේ එයාට කවදාවත් විපතක් වෙන්නේ නැහැ කියලයි.එයා හිතන්නේ විපත්ති අද්දකින්න වෙන්නේ දැනටමත් දුක් ගැහැට විඳින අයට කියලයි.   සොරුන් එයාලාගේ ගෙවල්වල සාමකාමීව ජීවත් වෙනවා.+දෙවියන්ව කේන්ති ගස්සන අය සුව සේ ජීවත් වෙනවා.+ඒ අය අත් දෙකෙන් එයාලාගේ දෙවිවරුන්ගේ රූප උස්සගෙන යයි.   සත්තුන්ගෙන් අහන්න. උන් ඔයාලට උගන්වයි.කුරුල්ලන්ගෙන් අහන්න. උනුත් ඔයාලට කියලා දෙයි.   පොළොව දිහා හොඳින් බලන්න.* ඒක ඔයාලට උපදෙස් දෙයි.මුහුදේ මසුන් වුණත් ඔයාලට දැනමුතුකම් දෙයි.   මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ යෙහෝවා කියලා ඒ හැමෝම දන්නවා. 10  හැම ජීවියෙක්ම ජීවත් වෙන්නේ දෙවියන් නිසයි.මිනිසුන්ගේ හුස්ම* තියෙන්නෙත් ඔහුගේ අතෙයි.+ 11  දිව* කෑමවල රස තෝරනවා වගේදෙසවන් වචන සෝදිසි කරලා බලන්නේ නැද්ද?+ 12  ප්‍රඥාව තියෙන්නේ වයසින් මුහුකුරා ගිය අය ළඟ නෙවෙයිද?+තේරුම්ගැනීමේ හැකියාව තියෙන්නේ හුඟ කාලයක් ජීවත් වුණ අය ළඟ නෙවෙයිද? 13  ප්‍රඥාව සහ බලය තියෙන්නේ දෙවියන් ළඟයි.+අවබෝධයෙන් වැඩ කරන්නෙත් තමන් කැමති දේ ඉටු කරන්නෙත්* ඔහුයි.+ 14  දෙවියන් කඩලා දාපු දෙයක් ආයෙත් හදන්න කිසි මිනිසෙක්ට බැහැ.+ඔහු වහලා දාපු දෙයක් අරින්නත් කිසි කෙනෙක්ට බැහැ. 15  ඔහු වැස්ස නොදී ඉද්දී ඉඩෝරය ඇති වෙයි.+ඔහු වැසි වස්සද්දී පොළොව වතුරෙන් යට වෙයි.+ 16  ශක්තිය, ප්‍රඥාව තියෙන්නේ ඔහු ළඟයි.+නොමඟ යන්නාත් නොමඟ යවන්නාත් ඉන්නේ ඔහු යටතෙයි. 17  දෙවියන් උපදේශකයන්ව ලැජ්ජාවට පත් කරයි.*විනිශ්චයකරුවන්ට මෝඩයන් වගේ වැඩ කරන්න සලස්වයි.+ 18  රජවරුන් හිර කරපු අයව දෙවියන් නිදහස් කරලා,+ඒ රජවරුන්ගේ ඉණ වටා දම්වැල් බැඳලා වහල්කමට අරන් යයි. 19  ඔහු පූජකයන්ට පාවහන් නැතුව ඇවිදින්න සලස්වනවා.+බලය තහවුරු කරගත්ත අයව පහතට ඇදලා දානවා.+ 20  විශ්වාසය දිනාගත්ත උපදේශකයන්ව දෙවියන් නිහඬ කරයි.වයසින් මුහුකුරා ගිය අයගේ නුවණ නැති කරලා දායි. 21  ඔහු වංශවත් අයව නින්දාවට ලක් කරයි.+බලවත් අයගේ ශක්තිය නැති කරයි.* 22  ඔහු අන්ධකාරයේ සැඟවිලා තියෙන ගැඹුරු දේවල් හෙළි කරනවා.+ඝන අන්ධකාරය මත ආලෝකය හෙළනවා. 23  දෙවියන් ජාතීන්ව බලවත් කරන්නේ එයාලව විනාශ කරලා දාන්නයි.ජාතීන්ගේ දේශ සීමාවන් පුළුල් කරන්නේ එයාලව වහල්කමට අරන් යන්නයි. 24  ඔහු නායකයන්ගේ බුද්ධිය නැති කරලා දානවා.පාළු ස්ථානයක එයාලව අතරමං කරනවා.+ 25  එයාලා ආලෝකය නැතුව අඳුරේ අත පත ගාමින් යයි.+බේබද්දන් වගේ වැනිවැනී යයි.+

පාදසටහන්

හෝ සමහරවිට, “පොළොවට කතා කරන්න.”
මූ.අ., “ජීවන හුස්ම.”
මූ.අ., “උඩු තල්ල.”
හෝ, “උපදෙස් දෙන්නෙත්.”
හෝ, “එයාලට අයිති හැම දෙයක්ම පැහැරගනියි.”
මූ.අ., “ඉණපටිය ලිහයි.”