යෝබ් 13:1-28

  • යෝබ් දිගටම කතා කරයි (1-28)

    • ‘දෙවියන් එක්ක කතා කරන එක ඊට වඩා හොඳයි’ (3)

    • “ඔයාලා කිසි වැඩකට නැති වෙද්දු” (4)

    • “මං නිදොස් කියලා මං දන්නවා” (18)

    • දෙවියන් එයාව සතුරෙක් විදිහට ගණන් ගන්නේ ඇයි කියලා අහයි (24)

13  “මේ හැම දෙයක්ම මං ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.මගේම කන් දෙකෙන් අහලා තේරුම් අරන් තියෙනවා.   ඔයාලා දන්න දේ මාත් දන්නවා.මං ඔයාලට වඩා දැනුමෙන් අඩු කෙනෙක් නෙවෙයි.   ඔයාලා එක්ක වාද කරනවාට වඩා හොඳයි සියලු බලැති දෙවියන් එක්ක කතා කරන එක.මට ඕනෙ මගේ නඩුව දෙවියන් ඉස්සරහට ගෙනියන්නයි.+   ඔයාලා හැමෝම බොරු ගොතලා මගේ හොඳ නම නැති කරනවා.ඔයාලා කිසි වැඩකට නැති වෙද්දු.+   ඔයාලා මුකුත්ම නොකියා හිටියා නම්ඔයාලා ප්‍රඥාවන්තයන් කියලා මට හිතන්න තිබුණා.+   මං ඔයාලාගෙන් ඉල්ලන්නේ මගේ තර්කවලට ඇහුම්කන් දෙන්න කියලයි.මගේ නිර්දෝෂකම ඔප්පු කරන්න හදද්දී හොඳින් අවධානය දෙන්න කියලයි.   ඔයාලා මට විරුද්ධව අසාධාරණ දේවල් කියන්නේදෙවියන්ගේ පැත්තට කතා කරනවා කියලා හිතාගෙනද?ඔහුගේ නමින් බොරු කියන්නද හදන්නේ?   සැබෑ දෙවියන්ගේ පැත්ත අරන්ඔහු වෙනුවෙන් තර්ක කරන්නද හදන්නේ?   ඔහු ඔයාලව සෝදිසි කරලා බැලුවොත් ඔහු සතුටු වෙයි කියලා හිතනවාද?+ මිනිසුන්ව රවට්ටනවා වගේ දෙවියන්වත් රවට්ටන්නද හදන්නේ? 10  දෙවියන්ගේ පැත්ත ගන්නවා කියලා බොරු මවාපෑමක් කරලා ඒක හංගන්න හැදුවොත්ඔහු අනිවාර්යයෙන්ම ඔයාලට තරවටු කරයි.+ 11  ඔහුගේ තේජස දැකලා ඔයාලා බයෙන් තැතිගනියි.ඔහුව දැක්ක ගමන්ම සිත් සලිත වෙයි. 12  ඔයාලාගේ ප්‍රඥාවන්ත වදන් කිසි වැඩකට නැති අළු වගේ.ඔයාලාගේ තර්ක විතර්ක ඉක්මනින් බිඳිලා යන මැටි වගේ. 13  ඔයාලා නිහඬව ඉඳලා මට කතා කරන්න දෙන්න. ඊටපස්සේ මට ඕනෙ දෙයක් වෙච්චදෙන්. 14  මං මගේම ජීවිතේට හානියක් කරගන්නේ ඇයි?මගේ ජීවිතේ අනතුරේ හෙළන්නේ ඇයි? 15  මං මැරෙන කල්ම දෙවියන් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.+ඔහු ඉස්සරහා මං නිදොස් කියලා ඔප්පු කරලා පෙන්නනවා. 16  ඔහු මං කියන දේ අහලා මට ගැලවීම ලබා දෙයි.+මොකද දෙවියන් ගැන ගරුබියක් නැති* කිසිම කෙනෙක්ට ඔහු ඉස්සරහට එන්න අවසර නැහැ.+ 17  මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.මගේ වචනවලට කන් යොමු කරන්න. 18  මගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න මම ලෑස්තියි.මං නිදොස් කියලා මං දන්නවා. 19  මට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න පුළුවන් කාටද? නිහඬව හිටියොත් මං මැරෙයි.* 20  ‘අනේ දෙවියනි, මං ඔබෙන් ඉල්ලන මේ දේවල් දෙක විතරක් කරන්න.එතකොට මං ඔබෙන් තවදුරටත් හැංගිලා ඉන්නේ නැහැ. 21  ඔබේ අත මගෙන් ඉවතට ගන්න.ඔබේ බලය පෙන්නලා මාව බය කරන්න එපා.+ 22  මට අඬගහන්න. එතකොට මං උත්තර දෙන්නම්.එහෙම නැත්නම්, මං කතා කරද්දී මට උත්තර දෙන්න. 23  මගේ අතින් වුණ වැරදි, අඩුපාඩු ගැන මට කියලා දෙන්න. මං ඔබට විරුද්ධව වරදක් කරලා තියෙනවා නම් ඒක මට පෙන්නලා දෙන්න. 24  ඔබේ මුහුණ මගෙන් ඉවතට හරවගන්නේ ඇයි?+ඔබ මාව සතුරෙක් විදිහට ගණන් ගන්නේ ඇයි?+ 25  ඇයි ඔබ සුළඟට ගහගෙන යන කොළයක් පස්සේ පන්නගෙන යන්නේ?ඇයි ඔබ පිදුරු ගහක් පස්සේ එළවගෙන යන්නේ? 26  මට විරුද්ධව ඔබ එල්ල කරන හැම චෝදනාවක්ම ඔබ සටහන් කරගන්නවා.මං තරුණ කාලේ කරපු වැරදිවලට ඔබ මට දඬුවම් කරනවා. 27  ඔබ මගේ පාද දඬුකඳේ ගහලයි තියෙන්නේ.ඔබ මං යන එන හැම තැනක්ම දිහා නිතරම බලාගෙනයි ඉන්නේ.මං තියන හැම අඩියක්ම ඔබ ලකුණු කරගන්නවා. 28  මිනිසා* කුණු වෙච්ච දෙයක් වගේ දිරාපත් වෙලා යයි.කාවෝ කාපු ඇඳුමක් වගේ නාස්ති වෙලා යයි.’

පාදසටහන්

හෝ, “දෙවියන්ට ද්‍රෝහි වෙන.”
හෝ සමහරවිට, “එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මං නිහඬවම ඉඳලා මැරිලා යනවා.”
මූ.අ., “එයා.” සමහරවිට මෙතන කතා කරන්නේ යෝබ් ගැන වෙන්න පුළුවන්.