යෝබ් 14:1-22

  • යෝබ් දිගටම කතා කරයි (1-22)

    • මිනිසාගේ ජීවිතේ හරිම කෙටියි. දුක් කරදරවලින් පිරිලා (1)

    • “කපලා දාපු ගහක් ගැන වුණත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්” (7)

    • ‘අනේ, මාව මිනී වළේ සඟවලා තියන්න’ (13)

    • “මිනිසෙක් මිය ගියාට පස්සේ ඔහු ආයෙත් ජීවත් වෙයිද?” (14)

    • දෙවියන් ඔහුගේ අතින් නිර්මාණය කරපු අයව ආයෙත් දකින්න ලොකු ආසාවකින් ඉන්නවා (15)

14  “මව්කුසෙන් බිහි වෙන මිනිසාගේ ජීවිතේ හරිම කෙටියි.+ඒකත් දුක් කරදරවලින් පිරිලා.+   ඔහු මලක් වගේ පිපිලා මැලවී යයි.*+සෙවණැල්ලක් වගේ සැණෙකින් නැති වී යයි.+   ඔබ ඔහු දිහාම බලාගෙන ඉන්නේ ඇයි?ඔබ ඔහුට* විරුද්ධව නඩුවක් දාලා විනිශ්චය කරන්නේ ඇයි?+   අපවිත්‍ර කෙනෙක්ට පුළුවන්ද පවිත්‍ර කෙනෙක්ව බිහි කරන්න?+ ඒක කාටවත් කරන්න බැරි දෙයක්!   මිනිසාගේ ආයු කාලය තීරණය කරලයි තියෙන්නේ.ඔහු ජීවත් වෙන මාස ගාණ නියම කරන්නේ ඔබයි.ඔහුගේ ආයු කාලයට ඔබ සීමාවක් පනවලා තියෙනවා.ඒකෙන් පිට යන්න ඔහුට බැහැ.+   මොහොතකට හරි ඔහු දෙස නොබලා ඉන්න.එතකොට ඔහුටත් පුළුවන් දවසේ වෙහෙස නිවාගන්න කුලීකරුවෙක් වගේ ඔහුගේ දවස නිම කරන්න.+   කපලා දාපු ගහක් ගැන වුණත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ආයෙත් දලු දාලා ඒකේ අලුත් රිකිලි හටගන්නවා.   ඒකේ මුල්, කාලයක් තිස්සේ පොළොව යට සැඟවී තිබුණත්ඒකේ කඳ වියළී ගියත්   දිය බිඳක් ලැබුණ සැණින් අතුඉති ලියලා,අලුත් ගහක් වගේ ඒක ආයෙත් වැඩෙනවා. 10  ඒත් මිනිසෙක් මිය ගියාම ඔහුගේ ශක්තිය නැති වෙලා යයි.ඔහුගේ හුස්ම ගියාට පස්සේ ඔහු යන්නේ කොහෙටද?+ 11  සාගරයේ ජලය වාෂ්ප වෙලා යනවා.ගංගා හිඳිලා යනවා. 12  මිනිසාත් ඒ වගේ මිය යනවා.+ අහස නැති වෙන කල්ම ඔහු නැඟිටින්නේ නැහැ.ඔහුව නින්දෙන් අවදි කරන්නෙත් නැහැ.+ 13  අනේ, ඔබේ කේන්තිය නැති වෙලා යන කල්මාව මිනී වළේ සඟවලා තියන්න.+කාලයක් නියම කරලා ආයෙත් මාව සිහි කරන්න!+ 14  මිනිසෙක් මිය ගියාට පස්සේ ඔහු ආයෙත් ජීවත් වෙයිද?+ මට නියම කරපු කාලය අවසන් වෙලා,මාව නිදහස් කරන කල් මම බලාගෙන ඉන්නවා.+ 15  ඔබ මට අඬගහයි. මමත් ඔබට උත්තර දෙනවා.+ ඔබේම අතින් නිර්මාණය කරපු කෙනාව දැකගන්න ඔබ ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා. 16  ඒත් දැන් ඔබ මං කරන හැම දෙයක් දිහාම බලාගෙනයි ඉන්නේ.මගේ වරදක් අල්ලගන්නයි ඔබ බලන් ඉන්නේ. 17  මගේ පාප ඔබ මල්ලක දාලා මුද්‍රා කරනවා.මගේ වැරදි අඩුපාඩුවලට මැලියම් ගාලා ඒවා ඔබ ළඟ තියාගන්නවා. 18  ඒත් කන්දක් වුණත් කඩන් වැටිලා පොළොවට සමතලා වෙලා යනවා.ගලක් වුණත් ගැලවිලා වෙන තැනකට පෙරළිලා යනවා. 19  වතුරට ගල් ගෙවිලා යනවා.සැඩ පහරට පොළොවේ පස් හේදිලා යනවා.ඔබ මිනිසාගේ බලාපොරොත්තු නැති කරන්නෙත් ඒ විදිහටමයි. 20  ඔහු නැති වෙලා යන කල් ඔබ ඔහුව පොඩි කරලා දානවා.+ඔහුගේ පෙනුම විකෘති කරලා ඔහුව මිනී වළට යවනවා. 21  ඔහුගේ පුතුන් ගෞරවයට පත් වුණත් ඔහු ඒක දන්නේ නැහැ.ඔවුන් ලැජ්ජාවට පත් වුණත් ඔහුට ඒක පේන්නේ නැහැ.+ 22  ඔහුට වේදනාව දැනෙන්නේ ජීවත් වෙන කල් විතරයි.ඔහු හඬා වැලපෙන්නේ හුස්ම තියෙන කල් විතරයි.”

පාදසටහන්

හෝ සමහරවිට, “කඩා දමයි.”
මූ.අ., “මට.”