යෝබ් 18:1-21

  • බිල්දද් දෙවෙනි වතාවට කතා කරයි (1-21)

    • පව්කාරයන්ට වෙන දේ පෙන්නලා දෙයි (5-20)

    • යෝබ් දෙවියන්ව හඳුනන්නේ නැහැ කියලා අඟවයි (21)

18  එතකොට ෂුවාහ් ඉඳන් ආපු බිල්දද්+ මෙහෙම කිව්වා.   “ඔයා* තව කොච්චර කල් මේ විදිහට කතා කරන්න හිතන් ඉන්නවාද? පොඩ්ඩක් හරි කියන දේ තේරුම්ගන්න බලන්න.ඊටපස්සේ අපිට පුළුවන් දේවල් කතා කරගන්න.   ඇයි ඔයා අපිව සත්තු ගාණට දාලා කතා කරන්නේ?+ඇයි අපිව මෝඩයන්* විදිහට සලකන්නේ?   ඔයා කේන්ති අරන් ඔයාටම හානියක් කරගත්තාට,ඔයා හිතනවාද ඔයා කිව්ව පලියට මිනිස්සු පොළොව අත්හැරලා යයි කියලා?පර්වත වෙන තැන්වලට පෙරළිලා යයි කියලා?   දුෂ්ටයාගේ පහන නිවී යයි.එයා දල්වන ගින්නෙන් කිසි එළියක් නොලැබෙයි.+   එයාගේ කූඩාරමේ එළිය නැති වී යයි.එයාට එළිය දෙන පහන නිවා දමයි.   ස්ථිරව පියවර තැබුවත් දුෂ්ටයාට දවසක ඇවිදගන්නවත් බැරි වෙයි.එයාගේ සැලසුම් එයාටම උගුලක් වෙයි.+   එයා උගුලක් දෙසට ඇවිදන් යනවා.දැලක් මත අඩිය තියනවා.   එයාගේ කකුල උගුලකට හසු වෙයි.+පය දැලක පැටලෙයි. 10  දුෂ්ටයා යන මඟේ මරුවැලක් හංගලා තියෙනවා.බොරු වළක් කපලා තියෙනවා. 11  බියගන්වන දේවල් එයාව වට කරගනියි.+භයානක දේවල් එයා පස්සෙන් පන්නගෙන එයි. 12  එයාගේ ශක්තිය හීන වෙලා.විපත්ති+ නිසා එයාට හරියට ඇවිදගන්නත් බැරි වෙලා.* 13  එයාගේ හම කුණුවී යනවා.මාරාන්තික රෝගයක් එයාගේ අත පය කා දමනවා. 14  සුව සේ ජීවත් වුණ කූඩාරමෙන් එයාව පැහැරගනියි.+භීතියේ රජ ළඟට එයාව අරන් යයි.* 15  නාඳුනන අය* එයාගේ කූඩාරම අයිති කරගන්නවා.ඇවිළෙන ගෙන්දගම් එයාගේ නිවස පුරාම විසුරුවනවා.+ 16  එයාගේ මුල් වියළී යයි.අතු මැලවී යයි. 17  දුෂ්ටයාගේ නම පොළොවෙන් තුරන් වෙලා යයි.මඟ තොටේ යන අයටත් එයාව අමතක වෙයි. 18  එයාව ආලෝකයෙන් අන්ධකාරයට තල්ලු කරලා දායි.පොළොවෙන් පන්නලා දායි. 19  එයාගේ සෙනඟ අතරේ එයාගේ දරු මුනුපුරෝ ඉන්න යන්නේ නැහැ.එයාගේ නිවසේ එයාගෙම කියලා කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. 20  දුෂ්ටයා විනාශ වෙන දවසේදී බස්නාහිර පැත්තේ ඉන්න අය පුදුමෙන් බලන් ඉඳියි.නැඟෙනහිර පැත්තේ ඉන්න අය බයෙන් වෙවුලයි. 21  පව්කාරයන්ගේ කූඩාරම් විනාශ වෙන්නේ ඒ විදිහටයි.දෙවියන්ව නාඳුනන අය නැති වෙලා යන්නේ ඒ ආකාරයටයි.”

පාදසටහන්

හෝ, “ඔයාලා හැමෝම.”
හෝ සමහරවිට, “අපවිත්‍ර අය.”
හෝ, “එයා පැටලිලා වැටෙයි.”
හෝ, “භයානක මරණයකට එයාට මුහුණ දෙන්න වෙයි.”
මූ.අ., “එයාට අයිති නැති දේ.”