යෝබ් 22:1-30

  • එලිෆස් තුන්වෙනි වතාවට කතා කරයි (1-30)

    • ‘මිනිසෙක්ගෙන් දෙවියන්ට ප්‍රයෝජනයක් තියෙනවාද?’ (2, 3)

    • යෝබ් අසාධාරණ, කෑදර කෙනෙක් කියලා චෝදනා කරයි (6-9)

    • ‘දෙවියන් වෙතට හැරිලා ආවොත් ඔහු ඔයාව ආයෙත් උසස් කරයි’ (23)

22  එතකොට තේමාන්වල ඉඳන් ආපු එලිෆස්+ මෙහෙම උත්තර දුන්නා.   “මිනිසෙක්ගෙන් දෙවියන්ට කිසිම වැඩක් තියෙනවාද? බුද්ධිමත් කෙනෙක්ගෙන් වුණත් ඔහුට ප්‍රයෝජනයක් තියෙනවාද?+   ඔයා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළත්ඔයා හිතුවාද සියලු බලැති දෙවියන් ඒක ගාණකටවත් ගන්නවා කියලා?*දෙවියන්ට විශ්වාසවන්තව හිටියා කියලා,ඒකෙන් ඔහුට කිසි ප්‍රයෝජනයක් තියෙනවා කියලා ඔයා හිතුවාද?+   ඔහු ඔයාට දඬුවම් කරන්නේ, ඔයාට විරුද්ධව නඩුවක් දාලා තියෙන්නේ,ඔහු ගැන ඔයාට ලොකු ගෞරවයක් තියෙන නිසාද?   ඒ, ඔයා දිගින් දිගටම දුෂ්ටකම් කරන නිසා නෙමෙයිද?ඔයාගේ වැරදි ඔයා අත්හරින්නේ නැති නිසා නෙමෙයිද?+   ඔයා අසාධාරණ විදිහට ඔයාගේ සහෝදරයන්ගෙන් ඇපයක් ඉල්ලගත්තා.දුප්පතාට තියෙන එකම ඇඳුම පැහැරගත්තා.+   තිබහෙන් ඉන්න අයට වතුර බින්දුවක්වත්බඩගින්නේ ඉන්න අයට රොටි කෑල්ලක්වත් ඔයා දුන්නේ නැහැ.+   ඔයාට දේශය අයිති වුණේ ඔයාට තිබුණ බලය නිසයි.+ඔයාට ගෞරවය ලැබුණේ හුඟක් අය ඔයාගේ පැත්ත ගත්ත නිසයි.   ඒත් ඔයා වැන්දඹුවන්ව හිස් අතින් ඇරියා.පියා නැති* දරුවන්ව අසරණ කළා. 10  ඔයා වටේටම උගුල් අටවලා තියෙන්නෙත්+බියකරු දේවල් ඔයාව වට කරගෙන තියෙන්නෙත් ඒ නිසයි. 11  ඔයා අඳුරේ අත පත ගගා යන්නෙත්ජලගැල්මකට අහු වෙන්නෙත් ඒ නිසයි. 12  දෙවියන් ඉන්නේ ස්වර්ගයේ නෙමෙයිද? තාරකා දිහා බලන්න. ඒවා තියෙන්නේ කොයි තරම් ඉහළින්ද! 13  ඒත් ඔයා කියන්නේ මෙහෙමයි. ‘දෙවියන් මොනවාද දන්නේ? ගන අඳුර මැදින් නිවැරදි විනිශ්චයක් කරන්න ඔහුට පුළුවන්ද? 14  ඔහු අහස්තලයේ ඒ මේ අත ඇවිදියි.වලාකුළුවලින් වට වෙලා ඉන්න නිසා ඔහුට කිසි දෙයක් නොපෙනෙයි.’ 15  කාලයක් පුරා දුෂ්ටයන් ගිය මඟේඔයාත් දිගටම ගමන් කරන්නද හිතන් ඉන්නේ? 16  නියම කාලෙට කලින් එයාලාගේ ජීවිත උදුරගෙන.*ගංවතුරට අත්තිවාරමක් ගහගෙන යනවා වගේ එයාලාගේ ජීවිතත් නැති වෙලා ගිහින්.+ 17  ‘අපෙන් ඈත් වෙලා යන්න’ කියලා එයාලා සැබෑ දෙවියන්ට කිව්වා. ‘සියලු බලැති දෙවියන්ට මොනවාද අපිට විරුද්ධව කරන්න පුළුවන්’ කියලා එයාලා ඇහුවා. 18  ඒත් එයාලාගේ ගෙවල් හොඳ දේවලින් පුරවලා තියෙන්නේ දෙවියන්ම නෙමෙයිද? (මම නම් ඒ වගේ දුෂ්ට සිතුවිලිවලින් ඈත් වෙලයි ඉන්නේ.) 19  දුෂ්ටයාගේ විනාශය දැකලා ධර්මිෂ්ඨයා සතුටු වෙයි.නිර්දෝෂ අය එයාලට සමච්චල් කරලා මෙහෙම කියයි. 20  ‘අපේ සතුරෝ විනාශ වෙලා.ඉතුරු වෙලා ඉන්න අයත් ගින්නෙන් විනාශ වෙලා යයි.’ 21  දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඔහුත් එක්ක සමාදාන වෙන්න.එතකොට ඔයාට ආශීර්වාද ගලාගෙන එයි. 22  ඔහු දෙන නීතිය පිළි අරන්ඔහු කියන දේවල් හිතට ගන්න.+ 23  දුෂ්ට දේවල් ඔයාගේ කූඩාරමෙන් ඉවත් කරලා,සියලු බලැති දෙවියන් වෙතට හැරිලා එන්න.එතකොට ඔහු ඔයාව ආයෙත් උසස් කරයි.+ 24  ඔයා ළඟ තියෙන රත්තරන් දූවිල්ලට වීසි කරන්න.ඕෆීර්+ දේශයෙන් ගත්ත රත්තරන් නිම්නයේ ගල් අතරට වීසි කරන්න. 25  එතකොට සියලු බලැති දෙවියන් ඔයාගේ වටිනාම වස්තුව* වෙයි.ඔහු ඔයා ළඟ තියෙන අනර්ඝතම රිදී වගේ වෙයි. 26  සියලු බලැති දෙවියන් ඔයාගේ සතුටට හේතු වෙයි.ඔයා ඔහු දිහා නෙත් අයාගෙන බලන් ඉඳියි. 27  ඔයා ලොකු ඕනෑකමකින් ඔහුගෙන් උදව් ඉල්ලයි.ඔහුත් ඔයාට සවන් දෙයි. ඔහුට වුණ පොරොන්දු ඔයා ඉටු කරයි. 28  ඔයා ගන්න ඕනෙම තීරණයක් සාර්ථක වෙනවා.ඔයා යන මඟ ආලෝකයෙන් දීප්තිමත් වෙනවා. 29  උද්ධච්ච විදිහට කතා කළොත් ඔයා ලැජ්ජාවට පත් වෙයි.ඒත් යටහත්පහත් අයව දෙවියන් ගලවගනියි. 30  ඔහු නිර්දෝෂ අයව බේරගන්නවා.පවිත්‍ර ජීවිතයක් ගත කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඔයාවත් ගලවගන්නවා.”

පාදසටහන්

හෝ, “දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කියලා හිතුවාද?”
හෝ, “අම්මා තාත්තා නැති.”
හෝ, “ආයු කාලය කෙටි කරලා.”
හෝ, “රත්තරන්.”