යෝබ් 27:1-23

  • යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගනියි (1-23)

    • “මං දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා” (5)

    • දෙවියන් ගැන ගරුබියක් නැති අයට බලාපොරොත්තුවක් නැහැ (8)

    • “ඔයාලා කිසිම පලක් නැති හිස් වචන කියන්නේ ඇයි?” (12)

    • දුෂ්ට අයට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ (13-23)

27  යෝබ් දිගටම එයාගේ තර්කය ඉදිරිපත් කළා.*  “මට යුක්තිය ඉටු කරපු නැති,+මගේ ජීවිතය මේ තරම් දුක් ගැහැටවලින් පුරවපු,+සියලු බලැති ජීවමාන දෙවියන් ඉස්සරහා මං දිවුරලා මේ දේ කියනවා.   මං හුස්ම ගන්න තාක් කල්,දෙවියන්ගේ හුස්ම මං තුළ තියෙන තාක් කල්,+   මගේ කටින් කිසි දුෂ්ට වචනයක් පිට වෙන්නේ නැහැ.මගේ මුවින් කිසි වංචනික දෙයක් පවසන්නෙත් නැහැ.   මං කොහොමද ඔයාලා වගේ අයට ධර්මිෂ්ඨයන් කියලා කියන්නේ? අවසන් හුස්ම හෙළන කල්ම මං දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා.+   මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවා.මං කවදාවත් ඒ මඟෙන් ඉවතට යන්නේ නැහැ.+මගේ ජීවිතේ තියෙන තාක් කල්* මගේ හිත මට දොස් කියන්නේ නැහැ.   දුෂ්ටයාට ලැබෙන දඬුවම මගේ සතුරාටත් ලැබේවා!වරදකරුවන්ට වෙන දේම මගේ විරුද්ධකාරයාටත් සිදු වේවා!   දෙවියන් ගැන කිසි ගරුබියක් නැති* කෙනෙක් විනාශ වෙද්දී,+දෙවියන් ඒ කෙනාගේ ජීවිතය නැති කරද්දී,ඒ කෙනාට කිසිම බලාපොරොත්තුවක් තියෙනවාද?   එයා විපතකට අසු වෙලා උදව් ඉල්ලලා අඬද්දී+දෙවියන් එයාට සවන් දෙයිද? 10  සියලු බලැති දෙවියන්ට ළං වෙලා එයා සතුටක් අද්දකියිද? එයා හැම වෙලාවකම දෙවියන්ට අයැදියිද? 11  දෙවියන්ගේ බලය මොන තරම්ද කියලා මං ඔයාලට කියලා දෙන්නම්.*සියලු බලැති දෙවියන් ගැන මං දන්න හැම දෙයක්ම නොසඟවා කියන්නම්. 12  ඔයාලා හැමෝම දර්ශන දැක්කා කියන දේ ඇත්තක් නම්,ඔයාලා කිසිම පලක් නැති හිස් වචන කියන්නේ ඇයි? 13  දුෂ්ටයාට දෙවියන්ගෙන් ලැබෙන දායාදය මොකක්ද?+අනිත් අයට කුරිරුකම් කරන කෙනාටසියලු බලැති දෙවියන්ගෙන් ලැබෙන උරුමය මොකක්ද? 14  එයාට දරුවන් හුඟදෙනෙක් ලැබුණත් ඒ හැමෝම කඩුවෙන් මැරුම් කයි.+එයාගේ දරු මුනුපුරන්ට කුසගින්න නිවාගන්න ඇති තරම් කෑම නොලැබෙයි. 15  දුෂ්ටයාගේ පෙළපතේ ඉතුරු වෙලා ඉන්න අය වසංගතයකින් මිය යයි.ඒ අයගේ වැන්දඹුවන්වත් එයාලා වෙනුවෙන් කඳුළු සලන්නේ නැහැ. 16  එයා වැලි ගොඩගහනවා වගේ රිදී ගොඩගැහුවත්මැටි එකතු කරනවා වගේ වටිනා ඇඳුම් එකතු කරගත්තත් 17  එයා ගොඩගහපු රිදී උරුම වෙන්නේ නිර්දෝෂ අයටයි.එයා එකතු කරගත්ත ඇඳුම් අයිති වෙන්නේ ධර්මිෂ්ඨ අයටයි.+ 18  දුෂ්ටයා ඉදි කරන නිවස,ඉක්මනින් කැඩී බිඳී යන කාවෙක්ගේ ගුලක් වගේ.මුරකරුවෙක් හදපු මඩුවක් වගේ.+ 19  දුෂ්ටයා නින්දට යද්දී ධනවතෙක් වෙලා හිටියත්එයාගේ අස්වැන්නෙන් එයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.එයා අවදි වෙද්දී එයාට තියෙන හැම දේම නැති වෙලා තියෙයි. 20  භීතිය ජලගැල්මක් වගේ එයාව අසු කරගනියි.රාත්‍රියේ හමන කුණාටුවකට එයාව ගහගෙන යයි.+ 21  නැඟෙනහිරෙන් හමා එන චණ්ඩ මාරුතයකට එයාව ගහගෙන යයි.ඒක එයාව නිවසෙන් ඈතට අරගෙන යයි.+ 22  කුණාටුවෙන් බේරෙන්න එයා මුළු වැර යොදලා දිව්වත්+ඒක කිසි අනුකම්පාවක් නොපෙන්වා එයාගේ පස්සේ පන්නගෙන එයි.+ 23  ඒක එයා දිහා බලාගෙන අත්පුඩි ගහයි.එයා දුවද්දී ඔච්චම් කරයි.*+

පාදසටහන්

හෝ, “කාව්‍යමය විදිහට එයාගේ තර්කය ඉදිරිපත් කළා.”
හෝ, “මේ දක්වා මං ගත කරපු ජීවිතය ගැන.”
හෝ, “දෙවියන්ට ද්‍රෝහි වෙන.”
හෝ සමහරවිට, “දෙවියන්ගේ උදව්වෙන් ඔයාලට උගන්වන්නම්.”
හෝ සමහරවිට, “එයාට වෙන දේ දැකලා මිනිස්සු එයාලාගේ ගෙවල්වල ඉඳන් අත්පුඩි ගගහා විසිල් ගහයි.”