යෝබ් 28:1-28

  • සැඟවුණු වස්තුවලට වඩා ප්‍රඥාව කොච්චර වටිනවාද කියලා යෝබ් කියයි (1-28)

    • මිනිසුන් පොළොව යට තියෙන වස්තුව හොයන්න වෙන මහන්සිය (1-11)

    • ප්‍රඥාව අගනා මුතුවලටත් වඩා වටිනවා (18)

    • ප්‍රඥාව කියන්නේ යෙහෝවාට ගරුබිය දක්වන එකටයි (28)

28  “පොළොව යට රිදී සැඟවුණ තැනක් තියෙනවා.පවිත්‍ර නොකළ රන් හොයාගන්නත් තැනක් තියෙනවා.+   පොළොව හාරලා යකඩ හොයාගනියි.ගල් උණු කරලා තඹ ලබාගනියි.+   ඝන අන්ධකාරය මිනිසාට බාධාවක් නෙවෙයි.එයාලා අඳුරු පතල්වලට ගිහින් අස්සක් මුල්ලක් නෑර වටිනා ලෝහ* හොයනවා.පොළොවේ ගැඹුරටම හාරගෙන ගිහින් ඒවා හොයාගන්නවා.   එයාලා මිනිස් වාසයක් නැති තැන්වල පතල් හාරයි.එයාලා වැඩ කරන්නේ කිසිම කෙනෙක් යන්නේ නැති පාළු තැන්වලයි.එයාලා කඹවල එල්ලිලා පතල්වල පහළටම බහියි.   මිනිසුන් පොළොව මතුපිට වගා කටයුතු කරයි.ඒත් පොළොව යට මහත් කැලඹීමක් සිද්ධ වෙයි.*ඒක හරියට ගින්නට අසු වුණ තැනක් වගේ.   ගල් අතරේ නිල් මැණික් සැඟවිලා තියෙනවා.පස් අතරේ රන් සැඟවිලා තියෙනවා.   එයාලා යන මඟ, ගොදුරු අල්ලන් කන පක්ෂීන්ට පේන්නේ නැහැ.කලු උකුස්සන්ගෙනුත් ඒ මඟ සැඟවිලයි තියෙන්නේ.   දරුණු වනසත්තු ඒ මඟේ කවදාවත් ගිහින් නැහැ.තරුණ සිංහයන්වත් ඒ තැන්වල ගැවසෙන්නේ නැහැ.   පතල්කරුවන් එයාලාගේ අත්වලින් පර්වත දෙබෑ කරයි.කඳු කණපිට පෙරළයි. 10  පර්වතවල දිය පහරවල් හාරයි.+වටිනා දේවල් එකක්වත් එයාලට මඟහැරෙන්නේ නැහැ. 11  දිය ගලන තැන් එයාලා වසා දමයි.අඳුරේ සැඟවුණු වස්තු පිටතට ගෙනෙයි. 12  ඒත් ප්‍රඥාව හොයාගන්නේ කොහෙන්ද?+අවබෝධය හැංගිලා තියෙන්නේ කොතනද?+ 13  කිසි මිනිසෙක් ඒකේ වටිනාකම තේරුම් අරන් නැහැ.+පොළොවේ කොතනකවත් ඒක හොයාගන්න බැහැ. 14  ගැඹුරු ජල ධාරා ළඟට ගිහින් ඇහුවත්ඒවා කියයි ‘අපි ගාව ප්‍රඥාව නැහැ’ කියලා. මහ මුහුදත් ‘ඒක මං ළඟ නැහැ’ කියලා කියයි.+ 15  පවිත්‍ර රන් දීලාවත් ඒක ලබාගන්න බැහැ.රිදී කොච්චර දුන්නත් ඒක අයිති කරගන්න බැහැ.+ 16  ඕෆීර්වල+ රන් දීලාවත්දුර්ලභ ඔනික්ස් ගල් සහ නිල් මැණික් දීලාවත්ඒක ලබාගන්න බැහැ. 17  ප්‍රඥාව රත්තරන්වලටත් අනර්ඝ වීදුරුවලටත් වඩා වටිනවා.ඒක වටිනා* රන් බඳුනක් දීලා ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි.+ 18  කොරල් සහ පළිඟු ඒකට සමාන කරන්න බැහැ.+ප්‍රඥාව අගනා මුතු පිරුණු මල්ලකටත් වඩා වටිනවා. 19  කූෂ් දේශයෙන් හොයාගත්ත පඩියන් ගල්+ වුණත් ඒකට සමාන කරන්න බැහැ.පිරිසිදු රන් දීලාවත් ඒක මිල දී ගන්න බැහැ. 20  ප්‍රඥාවේ උල්පත කොතනද?අවබෝධය ලබාගන්න පුළුවන් කොහෙන්ද?+ 21  මෙලොව ජීවත් වෙන හැමෝගෙන්ම ඒක හංගලයි තියෙන්නේ.+කුරුල්ලන්ගෙනුත් ඒක හංගලා තියෙනවා. 22  මරණයත් හැම දේම දිරාපත් වෙන මිනී වළත් කියන්නේ,‘ප්‍රඥාව ගැන අපි අහලා තියෙන්නේ කටකතා විතරයි’ කියලා. 23  ප්‍රඥාවට යන මඟ දන්නේ දෙවියන් විතරයි.ඒක තියෙන තැන දන්නේ ඔහු විතරයි.+ 24  පොළොවේ ඈත කෙළවර දක්වාම ඔහුට පෙනෙයි.අහස යට තියෙන හැම දේම ඔහු දකියි.+ 25  සුළඟේ බලය* නියම කරද්දීත්+ජල ධාරා කිරලා, ඒවායේ සීමා මායිම් නියම කරද්දීත්+ 26  වර්ෂාවට නියමිත කාලයන් නියම කරද්දීත්+වැහි වලාකුළු ගමන් කරන්න ඕනෙ මඟ නියම කරද්දීත්+ 27  දෙවියන් ඒ හැම දේකින්ම ප්‍රඥාව දැක්කා. ඔහු ප්‍රඥාව ගැන පැහැදිලිත් කළා.ඔහු ප්‍රඥාව කිරලා මැනලා ‘ප්‍රඥාව කියන්නේ මේකටයි’ කියලා සහතික කළා. 28  ඊටපස්සේ ඔහු මිනිසාට මෙහෙම කිව්වා. ‘ප්‍රඥාව කියන්නේ යෙහෝවා වන මට ගරුබිය දක්වන එකටයි.+අවබෝධය කියන්නේ වැරදි දේවලින් වැළකිලා ඉන්න එකටයි.’”+

පාදසටහන්

මූ.අ., “ගල්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ පතල් ඇතුළේ වෙන දේ ගැනයි.
හෝ, “පවිත්‍ර.”
මූ.අ., “බර.”