යෝබ් 3:1-26

  • යෝබ් තමන් ඉපදුණ දවසට ශාප කරයි (1-26)

    • යෝබ් තමන් දුක් විඳින්නේ ඇයි කියලා අහයි (20, 21)

3  මේ වෙන කල් නිහඬව හිටිය යෝබ් එයා ඉපදුණ දවසට ශාප කරන්න පටන් අරන්+  මෙහෙම කිව්වා.   “මං ඉපදුණ දවසට මං ශාප කරනවා!+‘පුතෙක් ලැබිලා’ කියලා කියපු ඒ රාත්‍රිය මට පිළිකුලක්!   ගන අඳුර ඒ දවස වෙළාගන්නවා නම්, දෙවියන්ගේ මතකයෙන් ඒ දවස මැකිලා යනවා නම්,එදාට හිරු උදා නොවෙනවා නම් කොයි තරම් හොඳද!   ඝන අන්ධකාරයෙන්* ඒ දවස වැහිලා යන්න ඕනේ! වැහි වලාවක් ඒක වෙළාගන්න ඕනේ! බියකරු අඳුරක් ඒ දවස ගිලගන්න ඕනේ!   රාත්‍රිය පුරාම ඒ අඳුර පැතිරිලා යන්න කියලත්+ඒ දවස දුකෙන් පිරුණු එකක් වෙන්න කියලත්එක මාසයකවත් ඒ දවස උදා නොවෙන්න කියලත් මං ඉල්ලනවා.   ඒ රාත්‍රියේදී කිසිම දරු උපතක් සිදු නොවුණා නම්,ප්‍රීති ඝෝෂාවක් නොඇසුණා නම් කොයි තරම් හොඳද!   ශාප කරන්නන්ට කියන්න ඒ දවසට ශාප කරන්න කියලා.ඔවුන්ට කියන්න ලෙවීයාතන්ව*+ අවදි කරන්න කියලා.   ඒ සැන්දෑවේ පායන තරු නිවී යත්වා!ඒ දවස, හිරු උදා වෙන කල් නෙත් අයාගෙන හිටියත් එය උදා නොවේවා!හිමිදිරියේ පායන හිරුරැස් දකින්න ඒ දවසට නොලැබේවා! 10  මොකද මාව බිහි කළ කුසේ දොරගුලු නොවසා,+මගේ දෙනෙත්වලින් වේදනාව දකින්න සැලැස්සුවේ ඒ දවසයි. 11  මව්කුසේදීම මා මිය නොගියේ ඇයි? බිහි වුණ ගමන්ම මගේ දිවි කෙළවර නොවුණේ ඇයි?+ 12  ඇයි මාව මව් තුරුලට ගත්තේ?ඇයි මාව ඇගේ උකුළේ තියලා නැළෙව්වේ? 13  එසේ නොකළා නම් මේ වෙද්දීත් මට සැනසිල්ලේ නිදන්න තිබුණා.+මරණ නින්දේ සුව සේ සැතපෙන්න තිබුණා.+ 14  දැන් නටබුන් වෙලා තියෙන තැන් ගොඩනඟපු* රජවරුන් එක්කත්උපදේශකයන් එක්කත් මට සැතපෙන්න තිබුණා. 15  රිදීවලින් පිරී ඉතිරී ගිය නිවෙස්වල ජීවත් වුණ,රනින් පොහොසත් වුණ කුමරුන් එක්ක මටත් සැතපෙන්න තිබුණා. 16  මම මව්කුසේ රහසින් නැති වී ගිය කලලයක් නොවුණේ ඇයි?මෙලොව එළිය නොදුටු බිලිඳෙක් නොවුණේ ඇයි? 17  මිය ගියාට පස්සේ දුෂ්ටයෝ වුණත් ඉන්නේ සැනසිල්ලෙන්.විඩා වුණ අය ඉන්නේ විවේක සුවයෙන්.+ 18  මිනී වළ සිරකරුවන්ටත් සැනසීමේ නිවහනක්.එහෙදී අණ දෙන්නන්ගේ කුරිරු හඬ ඔවුන්ට නොඇසෙයි. 19  එහේ ලොකු කුඩා භේදයක් නැහැ.+වහලාත් ස්වාමියාගෙන් නිදහස්. 20  දුක් වේදනාවලින් හෙම්බත් වෙලා ඉන්න අයට ඔහු හිරු උදා කරන්නේ ඇයි?ජීවිතේ තිත්ත වෙලා ඉන්න අයට ජීවත් වෙන්න ඉඩහරින්නේ ඇයි?+ 21  මරණයෙන් සැනසීම සොයන අයට එය සම්බ නොවෙන්නේ ඇයි?+ නිධානයකටත් වඩා ඔවුන්ට වටින්නේ ඒ සැනසීමයි. 22  එය හමු වුණොත් ඔවුන්ගේ සතුට උතුරා යයි.මිනී වළ දැක ඔවුන් ප්‍රීතියෙන් ඉපිල යයි. 23  ජීවිතේ අතරමං වෙලා ඉන්න කෙනෙක්ට දෙවියන් ජීවත් වෙන්න ඉඩහරින්නේ ඇයි?හැම අතින්ම ඔහුව කොටු කරන්නේ ඇයි?+ 24  කෑම කද්දී මම සුසුම් හෙළනවා.+නොනවත්වා ඇද හැලෙන දිය ඇල්ලක් වගේ මම වැලපෙනවා.+ 25  මට වෙයි කියලා බයෙන් හිටපු දේමයි මට අද්දකින්න වුණේ.මගේ හිත සලිත කරපු දේමයි මාව හොයාගෙන ආවේ. 26  සහනය, සතුට, සැනසීම මගෙන් ඈතට ගිහින්.දැන් මා පසුපස එන්නේ දුක් කරදරමයි.”

පාදසටහන්

හෝ, “අන්ධකාරයෙත් මරණයෙත් සේයාවෙන්.”
ලෙවීයාතන් කියන්නේ කිඹුලාට හරි වතුරේ ජීවත් වෙන වෙනත් විශාල සතෙක්ට හරි කියලා හිතන්න පුළුවන්.
හෝ සමහරවිට, “විනාශ වුණ තැන් යළි ගොඩනැඟුව.”