යෝබ් 31:1-40

  • යෝබ් තමන්ගේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න හදයි (1-40)

    • “මගේ ඇස් එක්ක ගිවිසුමක්” (1)

    • තමන්ව තරාදියක දාලා කිරලා බලන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලයි (6)

    • අනාචාරයේ යෙදෙන කෙනෙක් නෙමෙයි (9-12)

    • ධන සම්පත්වලට ආස කෙනෙක් නෙමෙයි (24, 25)

    • බොරු දෙවිවරුන්ට නමස්කාර කරන කෙනෙක් නෙමෙයි (26-28)

31  “මං මගේ ඇස් එක්ක ගිවිසුමක් ඇති කරගෙනයි තියෙන්නේ.+ ඉතින් මං කොහොමද වැරදි චේතනාවකින් තරුණියක් දිහා බලන්නේ?+   මං එහෙම කළොත් ස්වර්ගයේ ඉන්න දෙවියන් මට ආශීර්වාද කරයිද?සියලු බලැති දෙවියන්ගෙන් මට උරුමයක් ලැබෙයිද?   වැරදිකරුවන්ට අද්දකින්න වෙන්නේ විපත්තිමයි.නපුරු දේ කරන අයට අත් වෙන්නේ විනාශයයි.+   දෙවියන් මං ජීවත් වෙන විදිහ* හොඳින්ම දකිනවා.+මං තියන හැම පියවරක්ම ගණන් කරනවා.   මං කවදාවත් වංක මඟක ගමන්* කරලා තියෙනවාද? වංචනික දේ කරන්න මගේ පය ඉක්මන් වෙලා තියෙනවාද?+   දෙවියන් මාව නිවැරදි තරාදියක දාලා කිරලා බලයි.+එතකොට ඔහු දැනගනියි මං විශ්වාසවන්ත කෙනෙක් කියලා.+   මං නිවැරදි මඟෙන් ඉවත් වෙලා තියෙනවා නම්,+ඇස්වලින් දකින දේට මගේ හිත ඇදිලා ගිහින් තියෙනවා නම්,+මගේ අත් පිළිකුල් දෙයින් පුරවගෙන තියෙනවා නම්,   මං වපුරන දේ අනිත් අයට කන්න ලැබෙන්න ඕනේ.+මං පැළ කරපු දේ උගුල්ලලා දාන්න ඕනේ.*   වෙනත් ස්ත්‍රියකට මගේ හිත ඇදිලා ගිහින් තියෙනවා නම්,+මගේ අසල්වැසියාගේ දොරකඩ ළඟ හැංගිලාඑයාගේ බිරිඳ එන කල් මං බලන් හිටියා නම්,+ 10  මගේ බිරිඳ වෙන පුරුෂයෙක් වෙනුවෙන් ධාන්‍ය අඹරන්න ඕනේ!වෙන පුරුෂයන් එයා එක්ක අනාචාරයේ යෙදෙන්න ඕනේ!+ 11  ඒ වගේ නින්දිත දෙයක් මගේ අතින් වෙලා තියෙනවා නම්ඒක විනිශ්චයකරුවන්ගෙන් දඬුවම් ලැබිය යුතු වරදක්.+ 12  ඒ වරද හැම දේම විනාශ කරලා දාන ගින්නක් වගේ.+මං දාඩිය මහන්සියෙන් රැස් කරගත්ත හැම දේම ඒකෙන් නැති නාස්ති වෙලා යයි. 13  මගේ සේවකයා හරි සේවිකාව හරි මට විරුද්ධව පැමිණිල්ලක් ගෙනාවාමමං එයාට යුක්තිය ඉටු කළේ නැත්නම්, 14  දෙවියන් මාව විනිශ්චය කරන්න ආවාම මට මොනවා වෙයිද? මං කරපු දේවල් ගැන ඔහු ප්‍රශ්න කළාම මං උත්තර දෙන්නේ කොහොමද?+ 15  ඒ අයව නිර්මාණය කළෙත් මාව මව්කුසේ නිර්මාණය කරපු තැනැත්තාම නේද?+ හැම කෙනෙක්වම මව්කුසේ වැඩෙන්න සැලැස්සුවේ ඒ තැනැත්තාමයි නේද?+ 16  මං දුප්පත් අයගේ ආශාවන් ඉටු නොකර ඉඳලා තියෙනවාද?+මං නිසා වැන්දඹුවකගේ ඇස්වලින් කඳුළු වැටිලා තියෙනවාද?+ 17  අනාථ දරුවන් බඩගින්නේ ඉද්දීඑයාලට මගේ කෑම පංගුවෙන් කොටසක් නොදී ඉඳලා තියෙනවාද?+ 18  (මගේ තරුණ කාලේ ඉඳන් අනාථ දරුවන්ට මං පියෙක් වුණා.දැනුම් තේරුම් ඇති වයසේ ඉඳන් වැන්දඹුවන්ට උදව් කළා.) 19  කෙනෙක් ඇඟට ඇඳුමක් නැතුව සීතලේ ගැහිගැහී ඉන්නවාදැක්කාම,පොරවගන්න රෙද්දක් නැතුව දුක් විඳින දුප්පතෙක්ව දැක්කාම,+ 20  මං එයාව මගේ බැටළුවන්ගේ ලොම්වලින් උණුසුම් නොකර ඉඳලා තියෙනවාද?මං එයාට පිහිට වුණේ නැති නිසා එයා මට ආශීර්වාද නොකර ඉඳලා තියෙනවාද?+ 21  නුවර දොරටුව ළඟදී අනාථ දරුවන්ට උදව් කරන්නේ නැතුව+අතමිට මොළවලා එයාලට බැණලා තියෙනවාද?+ 22  මං කවදා හරි එහෙම කරලා තියෙනවා නම්මගේ අත උරහිස ළඟින් ගැලවිලා වැටෙන්න ඕනේ!මගේ අත වැලමිට ළඟින් කැඩෙන්න ඕනේ! 23  මං එහෙම නොකළේ දෙවියන් ගේන විපත්ති ගැන මට බයක් දැනුණ නිසයි.එහෙම කළා නම් බලයෙන් උසස් දෙවියන්ට මං මුහුණ දෙන්නේ කොහොමද? 24  රත්තරන් ගැන මං කවදාවත් බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවාද?පවිත්‍ර රනට කතා කරලා ‘ඔබයි මගේ විශ්වාසය’ කියලා කවදා හරි කියලා තියෙනවාද?+ 25  මට හුඟක් ධන සම්පත්, දේපළ තිබුණත්+මං ඒ ගැන සතුටින් පුරසාරම් දොඩලා තියෙනවාද?+ 26  ආලෝකය විහිදුවන හිරු දිහාත්දීප්තියෙන් බැබළෙන සඳු දිහාත් බලලා,+ 27  මගේ හිත රැවටුණා නම්,මගේ අත ඉඹලා ඒවා ඉස්සරහා වැඳ වැටුණා නම්+ 28  ඒක විනිශ්චයකරුවන්ගෙන් දඬුවම් ලැබෙන්න ඕනෙ වරදක්.සැබෑ දෙවියන්ට විරුද්ධව කරන ද්‍රෝහිකමක්. 29  මට වෛර කරන කෙනෙක්ගේ විනාශය දැකලා මං සතුටු වෙලා තියෙනවාද?+ඒ කෙනාගේ විපතේදී මං හිනා වෙලා තියෙනවාද? 30  මං කවදාවත් ඒ වගේ කෙනෙක්ට විරුද්ධව වචනයක්වත් කියලා පව් කරලා නැහැ.එයා මැරෙන්න ඕනෙ කියලා ශාප කරලත් නැහැ.+ 31  ‘එයාගේ ගෙදරින් කෑම* කාලා සතුටු වුණේ නැති කෙනෙක් ඉන්නවාද’+ කියලාමගේ ගෙයි වැසියන් මං ගැන කියලා නැද්ද? 32  මම කවදාවත් අමුත්තෙක්ට* එළිමහනේ රාත්‍රිය ගත කරන්න ඉඩ දුන්නේ නැහැ.+ආගන්තුකයන් වෙනුවෙන් මගේ නිවසේ දොරවල් හැමදාම ඇරලයි තිබුණේ. 33  අනිත් අය වගේ මම කවදාවත් මගේ වැරදි හංගලා තියෙනවාද?+දෙයක් සාක්කුවක දාගන්නවා වගේ ඒවා හංගගෙන ඉඳලා තියෙනවාද? 34  ‘සෙනඟ මට මොනවා කරයිද’ කියලා මං බයෙන් ඉඳලා තියෙනවාද?වෙන පවුල්වල අය මාව පිළිකුල් කරයි කියන බයටමං කට වහගෙන ගෙදරට වෙලා ඉඳලා තියෙනවාද? 35  අනේ, මං කියන දේ කවුරු හරි අහන් ඉන්නවා නම්!+ මං කියපු හැම දෙයක්ම ඇත්ත කියලා මං අත්සනක් ගහලා සහතික කරනවා. අනේ, සියලු බලැති දෙවියන් මට උත්තර දෙනවා නම්!+ මගේ පැමිණිලිකරු මට කරන චෝදනා ලියවිල්ලක සටහන් කරලා තිබ්බා නම් 36  මම ඒක මගේ කරේ තියාගෙන යනවා.අගනා ඔටුන්නක් වගේ ඒක පැලඳගන්නවා. 37  මං ගත්ත හැම පියවරක් ගැනම නොසඟවා ඔහුට කියනවා.කිසිම බයක් නැතුව කුමාරයෙක් වගේ ඔහු ඉස්සරහට යනවා. 38  මගේම වගාබිම් මට චෝදනා කරකර හඬා වැලපෙනවා නම්,ඒ වගාබිම්වල ලියැදි මං නිසා කඳුළු සලනවා නම්, 39  මං ගෙවීමක් නොකර ඒ කෙත්වතුවල පලදාව භුක්ති වින්දා නම්,+නියම අයිතිකරුවන්ගෙන් ඒ කෙත්වතු පැහැරගන්න හැදුවා නම්+ 40  මගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගසුත්බාර්ලි වෙනුවට වල් පැළෑටිත්* හටගන්න ඕනේ!”මෙතනින් යෝබ්ගේ කතාව අවසන්.

පාදසටහන්

හෝ, “මං යන මාවත.”
හෝ සමහරවිට, “වංක මිනිසුන් එක්ක ඇසුරු.”
හෝ, “මගේ දරු පරම්පරාව නැති නාස්ති වෙන්න ඕනේ.”
මූ.අ., “මස්.”
හෝ, “විදේශිකයෙක්ට.”
මූ.අ., “ගඳ ගහන වල් පැළෑටි.”