යෝබ් 32:1-22

  • තරුණ එලිහු කතාබහට එකතු වෙයි (1-22)

    • යෝබ් එක්කත් එයාගේ යාළුවෝ තුන්දෙනා එක්කත් කේන්ති යයි (2, 3)

    • කතා කරන්න කලින් ගෞරවයෙන් ඇහුම්කන් දෙයි (6, 7)

    • කෙනෙක් වයසට ගියා කියලා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ (9)

    • එලිහු කතා කරන්න නොඉවසිල්ලෙන් බලන් ඉඳියි (18-20)

32  යෝබ් තමන් ධර්මිෂ්ඨයි කියලා දිගින් දිගටම වාද කරපු නිසා+ එයාගේ යාළුවෝ තුන්දෙනා එයා එක්ක තවත් වාද කරන්න ගියේ නැහැ.  ඒ අවස්ථාවේදී බූෂ්ගෙන්+ පැවතෙන රාම්ගේ පෙළපතට අයිති බාරකෙල්ගේ පුතා වන එලිහුට යෝබ් එක්ක හුඟක් කේන්ති ගියා. මොකද දෙවියන් හරියි කියලා ඔප්පු කරනවා වෙනුවට යෝබ් තමන් හරියි කියලා ඔප්පු කරන්න හැදුවා.+  එලිහුට යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා එක්කත් හොඳටම කේන්ති ගිහිනුයි තිබුණේ. මොකද යෝබ්ට හරි උත්තරයක් දෙන්න එයාලට බැරි වුණා. ඒ වගේම එයාලා කිව්වේ දෙවියන් දුෂ්ටයි කියලා.+  එලිහු ඒ හැමෝටම වඩා වයසින් බාල නිසා එයාලා කතා කරලා ඉවර වෙන කල් එයා යෝබ්ට කිසිම දෙයක් කිව්වේ නැහැ.+  යෝබ්ගේ යාළුවෝ තුන්දෙනාට කියන්න තවත් දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ කියලා දැක්කාම එලිහුගේ කේන්තිය තවත් වැඩි වුණා.  ඉතින් බූෂ්ගෙන් පැවතෙන බාරකෙල්ගේ පුතා වන එලිහු කතා කරන්න පටන්ගත්තා. “මං වයසින් බාලයි.ඔයාලා හැමෝම වයසින් හුඟක් වැඩියි.+ ඒ නිසයි මං කතා කරන්න ඉක්මන් වුණේ නැත්තේ.+ඔයාලට තියෙන ගෞරවය නිසයි මං දන්න දේ නොකියා හිටියේ.   ‘වයසින් මුහුකුරා ගිය අයට කතා කරන්න ඉඩ දෙන්න ඕනේ.වයසින් වැඩි අය තමයි ප්‍රඥාව ගැන කියලා දෙන්න ඕනේ’ කියලා මං හිතුවා.   ඒත් මිනිසුන්ට අවබෝධය ලැබෙන්නේ එයාලා තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දියි.සියලු බලැති දෙවියන්ගේ හුස්මෙන් තමයි එයාලා දේවල් වටහාගන්නේ.+   කෙනෙක් වයසට ගියා කියලා එයා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ.හරි දේ වටහාගන්න හැකියාව තියෙන්නේ මහලු අයට විතරක් නෙවෙයි.+ 10  ඒ නිසා මං ඔයාලාගෙන් ඉල්ලන්නේ මං කතා කරද්දී මට ඇහුම්කන් දෙන්න කියලයි.මං දන්න දේ මං ඔයාලට කියන්නම්. 11  ඔයාලා කියපු හැම දේම මං අහගෙන හිටියා.ඔයාලා ගෙනාපු තර්කවලට මං හොඳින් ඇහුම්කන් දුන්නා.+උත්තර දෙන්නේ කොහොමද කියලා ඔයාලා කල්පනා කරද්දී මං නිහඬව හිටියා.+ 12  ඔයාලා කියපු දේවලට මං හොඳින් අවධානය දුන්නා.ඒත් ඔයාලාගෙන් එක් කෙනෙක්ටවත් බැරි වුණා යෝබ්ගේ තර්ක බිඳින්න.*එයාට හරි උත්තරයක් දෙන්න. 13  ඉතින් ‘අපි ප්‍රඥාවන්තයි’ කියලා කියන්න එපා.‘යෝබ්ව නිවැරදි කරන්නේ මිනිසෙක් නෙවෙයි දෙවියන්’ කියලා කියන්නත් එපා. 14  එයා වාද කළේ මාත් එක්ක නෙවෙයි.ඒ නිසා මං එයාට උත්තර දෙන්නේ ඔයාලා උත්තර දුන්න විදිහට නෙවෙයි. 15  ඔයාට* උත්තර දෙන්න බැරුව එයාලා පුදුමයෙන් බලන් ඉන්නවා.එයාලට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. 16  එයාලා තව මොනවා හරි කියයිද කියලා මං බලන් හිටියා.ඒත් කිසිම දෙයක් නොකියා එයාලා බලන් ඉන්නවා. 17  ඒ නිසා මං දැන් කතා කරන්නම්.මං දන්න දේ ඔයාට කියන්නම්. 18  මට කියන්න ගොඩක් දේවල් තියෙනවා.දෙවියන්ගේ බලය මාව කතා කරන්න පොලඹවනවා. 19  මගේ හිතේ තියෙන දේ හරියට තද කරලා වහපු බඳුනක තියෙන පැසුණු වයින් වගේ.පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන අලුත් සම් භාජනයක් වගේ.+ 20  මට කතා කරන්න අවසර දෙන්න. එතකොට මගේ හිතට සහනයක් දැනෙයි. මගේ හිතේ හිර කරන් ඉන්න දේවල් මං පිට කරන්නම්. 21  මං කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ.+කාටවත් චාටුවෙන් කතා කරන්නෙත් නැහැ.* 22  චාටුවෙන් කතා කරන්න මං දන්නෙත් නැහැ.එහෙම කළොත් මගේ සැදුම්කරු මාව ඒ වෙලාවෙම නැති කරලා දායි.

පාදසටහන්

හෝ, “යෝබ්ට අවවාදයක් දෙන්න.”
පේන විදිහට එලිහු මෙතන කතා කරන්නේ යෝබ්ට.
හෝ, “විශේෂ ගෞරව නමක් දෙන්නේ නැහැ.”