යෝබ් 34:1-37

  • දෙවියන් ධර්මිෂ්ඨව වැඩ කරන, සාධාරණ කෙනෙක් කියලා එලිහු පෙන්නලා දෙයි (1-37)

    • දෙවියන් එයාට යුක්තිය ඉටු කළේ නැහැ කියලා යෝබ් කියයි (5)

    • සැබෑ දෙවියන් කවදාවත් දුෂ්ට දෙයක් කරන්නේ නැහැ (10)

    • යෝබ් හැම දේම දන්නේ නැහැ (35)

34  එලිහු මෙහෙමත් කිව්වා.   “ප්‍රඥාවන්තයෙනි, මං කියන දේ අහන්න.දැනුම් තේරුම් ඇති ඔයාලා හැමෝම, මට ඇහුම්කන් දෙන්න.   දිව* කෑමවල රස තෝරනවා වගේදෙසවන් වචන සෝදිසි කරලා බලනවා.   ඉතින් හරි දේ මොකක්ද කියලා අපි හොයලා බලමු.යහපත් දේ මොකක්ද කියලා නිගමනයකට එමු.   මොකද යෝබ් මෙහෙම කියනවා. ‘මං ධර්මිෂ්ඨයි.+ඒත් දෙවියන් මට යුක්තිය ඉටු කළේ නැහැ.+   මට ලැබෙන්න ඕනෙ විනිශ්චය ගැන මං බොරුවක් කියයිද? මම කිසි වරදක් නොකළත් මගේ තුවාලය දරුණුයි.’+   කෙනෙක් වතුර බීගෙන බීගෙන යනවා වගේයෝබ් නින්දා අපහාස කැමැත්තෙන්ම භාරගන්නවා.ඒ වගේ තවත් කෙනෙක් ඉන්නවාද?   එයා වැටෙන්නෙත් වැරදි කරන අයගේ ගොඩටයි.එයා පියමං කරන්නේ දුෂ්ටයන්ගේ මාවත් වෙතටයි.+   මොකද ‘දෙවියන් සතුටු වෙන විදිහේ ජීවිතයක් ගත කරන එකෙන්කිසිම වැඩක් නැහැ’ කියලා එයා කියනවා.+ 10  තේරුම්ගැනීමේ හැකියාව තියෙන ඔයාලා හැමෝම,දැන් මං කියන දේට ඇහුම්කන් දෙන්න. සැබෑ දෙවියන් කවදාවත් දුෂ්ට විදිහට වැඩ කරයිද?සියලු බලැති දෙවියන් වැරදි දෙයක් කරයි* කියලා හිතන්න පුළුවන්ද?+ඒ වගේ සිතුවිල්ලක්වත් ඔහුගේ හිතට එන්නේ නැහැ.+ 11  දෙවියන් මිනිසෙක්ට ප්‍රතිඵල දෙන්නේ එයාගේ ක්‍රියාවලට අනුවයි.+කෙනෙක් හැසිරෙන විදිහ අනුව එයාට ප්‍රතිඵල විඳින්න දෙවියන් ඉඩහරිනවා. 12  සියලු බලැති දෙවියන් කවදාවත් දුෂ්ට දෙයක් කරන්නෙවත්+අසාධාරණ විදිහට වැඩ කරන්නෙවත් නැහැ කියලා ස්ථිරයි.+ 13  කවුරු හරි කෙනෙක් පොළොව රැකබලා ගන්න දෙවියන්ව පත් කළාද?කවුරු හරි මුළු පොළොවම* බලාගන්න දෙවියන්ට භාර දුන්නාද? 14  ඕනෙ නම් මිනිසුන්ව ජීවත් කරවන බලයත් හුස්මත් ඉවත් කරන්නදෙවියන්ට තීරණය කරන්න පුළුවන්.+ 15  එතකොට මිනිසුන්* හැමෝම එක මොහොතකින් මැරිලා යයි.ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+ 16  ඔයාලා දැනුම් තේරුම් ඇති අය නම් මට ඇහුම්කන් දෙන්න.මං කියන දේවල් හිතට ගන්න. 17  යුක්තිය හෙළා දකින කෙනෙක්ට පාලනය කරන්න පුළුවන්ද?බලය තියෙන ධර්මිෂ්ඨ කෙනෙක් දුෂ්ටයි කියලද ඔයා කියන්නේ? 18  ‘ඔබ කිසි කමකට නැති කෙනෙක්’ කියලා ඔයා රජෙක්ට කියයිද? ඔයා පාලකයෙක්ට කියයිද ‘ඔබ දුෂ්ටයෙක්’ කියලා?+ 19  ඒත් අධිපතියෙක්ට වුණත් විශේෂ සැලකිල්ලක් නොදක්වන කෙනෙක් ඉන්නවා.ඔහු දුප්පතුන්ට වඩා ධනවතුන්ට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.+මොකද ඒ දෙගොල්ලන්ටම ජීවිතය දුන්නේ ඔහුයි.+ 20  සමහරවිට එයාලා රෑ යාමයේදී+ හිතන්නේ නැති වෙලාවක මිය යයි.+බයෙන් වෙවුලලා අවසන් හුස්ම හෙළයි. බලවත් අය වුණත් නැති වෙලා යයි.ඒත් ඒක වෙන්නේ මිනිසුන්ගේ අතින් නෙවෙයි.+ 21  මොකද දෙවියන්ගේ ඇස් මිනිසා වෙතට යොමු වෙලා තියෙනවා.+මිනිසුන් ගන්න හැම පියවරක්ම ඔහු දකිනවා. 22  ඒ නිසා දුෂ්ටකම් කරන අයට හැංගෙන්න තැනක් නැහැ.ගන අඳුරෙන් වට වුණ තැන්වලවත් එයාලට හැංගෙන්න බැහැ.+ 23  මිනිසුන්ව විනිශ්චය කරන්න දෙවියන්ට විශේෂ දවසක් නැහැ.ඔහු ඉදිරියේ පෙනී ඉන්න වෙලාවක් නියම කරලත් නැහැ. 24  ඔහු පාලකයන්ව විනිශ්චයට කැඳවන්නේ නැතුවම බලයෙන් පහ කරලා දානවා.ඒ අය වෙනුවට වෙන අයව පත් කරනවා.+ 25  මොකද පාලකයන් කරන හැම දෙයක්ම ඔහු දන්නවා.+එක රැයකින් එයාලව යටත් කරගෙන විනාශ කරලා දානවා.+ 26  ඒ අය කරන දුෂ්ටකම් නිසාඔහු හැමෝටම පේන්න එයාලට පහර දෙනවා.+ 27  මොකද එයාලා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට පිටු පෑවා.+ඔහුගේ ආඥා ගැන කිසි තැකීමක් කළේ නැහැ.+ 28  එයාලා නිසා පීඩාවට පත් වුණ අය කඳුළු සලමින් දෙවියන්ට කන්නලව් කරනවා.අසරණ අය හඬා වැලපෙන හඬ ඔහුට ඇහෙනවා.+ 29  දෙවියන් නිහඬව හිටියත් ඒ ගැන ඔහුට දොස් කියන්න කාටවත් පුළුවන්ද? ඔහු මුහුණ ඉවතට හරවගත්තොත් ඔහුව දකින්න පුළුවන් කාටද? ඔහු මුහුණ ඉවතට හරවගන්නේ පුද්ගලයෙක්ගෙන් වුණත්ජාතියකගෙන් වුණත් සිද්ධ වෙන්නේ එකම දෙයයි. 30  ඒ නිසා දෙවියන් ගැන ගරුබියක් නැති* කෙනෙක්ටපාලනය අතට ගන්නවත්+ මිනිසුන්ට උගුල්* අටවන්නවත් බැහැ. 31  ඔයා දෙවියන්ට මෙහෙම කියනවා.‘මං වරදක් කළේ නැතත් මං දඬුවම් විඳිනවා.+ 32  මං වරදක් කරලා තියෙනවා නම් ඒක මට පෙන්නලා දෙන්න.එහෙම කළොත් මං ආයෙත් ඒ වරද කරන්නේ නැහැ.’ 33  ඔයා දෙවියන්ගේ විනිශ්චය ප්‍රතික්ෂේප කළාට පස්සේඔයාට ඕනෙ විදිහට දෙවියන් ආශීර්වාද කරයි කියලා ඔයා හිතනවාද? දෙවියන්ගේ විනිශ්චය ප්‍රතික්ෂේප කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ මං නෙවෙයි ඔයායි. ඒ නිසා ඔයා දන්න දේ දැන් කියන්න. 34  මං කියන දේ අහගෙන ඉන්න ඕනෙම ප්‍රඥාවන්තයෙක්,අවබෝධයෙන් වැඩ කරන ඕනෙම කෙනෙක් මට මෙහෙම කියයි. 35  ‘යෝබ් කතා කරන්නේ කිසි දෙයක් දන්නේ නැතුවයි.+එයා කියන දේවලින් පේන්නේ එයා දේවල් හරියට තේරුම් අරන් නැහැ කියලයි.’ 36  යෝබ්ව හොඳින් සෝදිසි කරලා බලන්න.*මොකද එයා කතා කළේ දුෂ්ට මිනිසුන් කතා කරනවා වගේ. 37  එයා වැරදි කළා මදිවට දැන් කැරලිකරුවෙකුත් වෙලා.+අපිට පේන්න එයා සමච්චලේට අත්පුඩි ගහනවා.සැබෑ දෙවියන්ට විරුද්ධව හුඟක් චෝදනා කරනවා.”+

පාදසටහන්

මූ.අ., “උඩු තල්ල.”
හෝ, “අයුක්තියක් කරයි.”
හෝ, “පොළොවේ වැසියන්ව.”
මූ.අ., “ජීවීන්.”
හෝ, “දෙවියන්ට ද්‍රෝහි වෙන.”
මූ.අ., “දැල්.”
හෝ සමහරවිට, “මගේ පියාණෙනි, යෝබ්ව හොඳින් සෝදිසි කරලා බලන්න.”