යෝබ් 35:1-16

  • යෝබ් කතා කරන්නේ දේවල් හරියට තේරුම්ගන්නේ නැතුවයි කියලා එලිහු කියයි (1-16)

    • යෝබ් දෙවියන්ට වඩා ධර්මිෂ්ඨයි කියලා කිව්වා (2)

    • දෙවියන් ගොඩක් උසස්. මිනිසුන් කරන වැරදි ඔහුට බලපාන්නේ නැහැ (5, 6)

    • දෙවියන් තීන්දුවක් දෙන කල් යෝබ් බලාගෙන ඉන්න ඕනේ (14)

35  ඊටපස්සේ එලිහු මෙහෙමත් කිව්වා.   “ඔයා හිතන විදිහ හරියි කියලා ඔයාට ඒ තරම් ලොකු විශ්වාසයක් තියෙනවාද?ඒ නිසාද ඔයා ‘මං දෙවියන්ට වඩා ධර්මිෂ්ඨයි’ කියලා කියන්නේ?+   ඔයා මෙහෙමත් කියනවා. ‘මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියලා ඒකෙන් ඔබට* වැඩක් තියෙනවාද? මං වැරදි දෙයින් වැළකිලා හිටියා කියලා මට හොඳක් වෙලා තියෙනවාද?’+   ඒ ප්‍රශ්නවලට මං ඔයාටත් ඔයාගේ යාළුවන්ටත්+උත්තරයක් දෙන්න කැමතියි.   අහස දිහා බලන්න.ඔයාට වඩා හුඟක් ඉහළින් තියෙන වලාකුළු දිහා බලන්න.+   ඔයා වරදක් කළොත් ඒකෙන් දෙවියන්ට හානියක් වෙනවාද?+ දිගින් දිගටම දෙවියන්ට අකීකරු වුණොත් ඒක ඔහුට බලපානවාද?+   යහපත් ජීවිතයක් ගත කරන එක ඔයා දෙවියන්ට කරන උදව්වක් කියලා හිතුවාද?දෙවියන්ට ඔයාගෙන් කිසිම දෙයක් ලැබිලා තියෙනවාද?+   ඔයා දුෂ්ට දෙයක් කළොත් ඒක බලපාන්නේ ඔයා වගේ මිනිසෙක්ට විතරයි.ඔයා ධර්මිෂ්ඨ දෙයක් කළොත් ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ මිනිසුන්ම විතරයි.   තාඩන පීඩනවලින් හෙම්බත් වුණ අය හඬා වැලපෙයි.බලහත්කාරකම් කරන අයගේ අතින් බේරගන්න කියලා එයාලා අඬඅඬ උදව් ඉල්ලයි.+ 10  ඒත් ‘මාව නිර්මාණය කරපු ශ්‍රේෂ්ඨ දෙවියන් කොහෙද?+රාත්‍රියේදී ප්‍රශංසා ගී ගයන්න සලස්වන මගේ දෙවියන් කොහෙද’ කියලා ඒ එක් කෙනෙක්වත් අහන්නේ නැහැ.+ 11  සතුන්ට වඩා වැඩි දැනුමක්+ ඔහු මිනිසාට දීලා තියෙනවා.+අහසේ පියාසර කරන කුරුල්ලන්ට වඩා ප්‍රඥාවක් ඔහු අපිට දීලා තියෙනවා. 12  ඒ අය අඬඅඬ උදව් ඉල්ලුවත් දෙවියන් උත්තර දෙන්නේ නැහැ.+ඒ, දුෂ්ටයන්ගේ අහංකාරකම ඔහු දකින නිසයි.+ 13  එයාලා කන්නලව් කරන්නේ අවංක හිතකින් නෙවෙයි.ඉතින් දෙවියන් එයාලට සවන් දෙයිද?+සියලු බලැති දෙවියන් ඒ කන්නලව්වලට කොහොමටවත් සවන් දෙන්නේ නැහැ. 14  එහෙමනම් දෙවියන්ව පේන්නේ නැහැ කියලා පැමිණිලි කරන ඔයාට ඔහු සවන් දෙයිද?+ ඒත් ඔයාගේ නඩුව ඔහු භාර අරගෙනයි තියෙන්නේ.ඔහු තීන්දුවක් දෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න.+ 15  මොකද දෙවියන් ඔයාත් එක්ක කේන්ති අරන් ඔයාට දඬුවම් කරන්නේ නැහැ.ඔයා හිතන්නේ බලන්නේ නැතුව කියපු දේවල් ඔහු හිතේ තියාගන්නේ නැහැ.+ 16  යෝබ් කිසිම තේරුමක් නැතුව ඔහේ කියවනවා.හරියට දේවල් දන්නේ නැතුව කියවගෙන කියවගෙන යනවා.”+

පාදසටහන්

මෙතන කතා කරන්නේ දෙවියන් ගැන වෙන්න ඇති.