යෝබ් 37:1-24

  • ස්වාභාවික බලයන් මාර්ගයෙන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න පුළුවන් (1-24)

    • මිනිසුන්ගේ වැඩ නවත්තලා දාන්න දෙවියන්ට පුළුවන් (7)

    • “දෙවියන්ගේ විස්මිත ක්‍රියාවලට හිත යොමු කරන්න” (14)

    • දෙවියන් කරන හැම දෙයක්ම තේරුම්ගන්න මිනිසුන්ට බැහැ (23)

    • කිසි කෙනෙක් තමන් ප්‍රඥාවන්තයි කියලා හිතන්න හොඳ නැහැ (24)

37  “මගේ හදවත සලිත වෙලා,බයෙන් ගැහෙන්න පටන්ගත්තා.   දෙවියන් කතා කරද්දී ඇහෙන බියකරු හඬටත්ඔහුගේ මුවින් නික්මෙන ගිගුරුම් හඬටත් හොඳින් සවන් දෙන්න.   ඔහු තමන්ගේ හඬ අහස්තලය පුරාම ඇහෙන්න සලස්වනවා.අකුණු සැර+ පොළොවේ ඈත කෙළවර දක්වා යවනවා.   ඒත් එක්කම අහස දෙදරුම් කයි.ඔහුගේ තේජාන්විත ගිගුරුම් හඬ පොළොව සිසාරා යයි.+ඔහුගේ හඬ ඇහෙද්දී අකුණු සැර දිගින් දිගටම නික්මෙයි.   දෙවියන්ගේ මුවින් නික්මෙන ගිගුරුම් හඬ+ පුදුමාකාරයි.අපිට කවදාවත් තේරුම්ගන්න බැරි පුදුමාකාර දේවල් ඔහු කරයි.+   ඔහු හිමට කතා කරලා ‘පොළොව සිපගන්න’+ කියලත් මහ වැස්සට කතා කරලා ‘පොළොවට ඇද හැලෙන්න’ කියලත් අණ දෙයි.+   ඔහු මිනිසුන්ගේ හැම වැඩක්ම නවත්තලා දායි.*ඒ, ඔහුගේ හැම ක්‍රියාවක්ම එයාලට දකින්න පුළුවන් වෙන්නයි.   වනසත්තු උන්ගේ ගුහාවලටගිහින් හැංගෙයි.   කුණාටුව තම නිවහනෙන් නික්ම එයි.+උතුරු දිශාවෙන් සීත සුළං පිටත්ව එයි.+ 10  දෙවියන් ඔහුගේ හුස්ම පිට කරද්දී අයිස් කැට හැදෙයි.+පොළොවේ ගලා යන ජල ධාරා මිදෙයි.+ 11  ඔහු වලාකුළු දිය බිඳුවලින් පුරවයි.වලාකුළු අතරින් ඔහුගේ අකුණු සැර විසුරුවාහරියි.+ 12  දෙවියන් තමන් කැමති දිශාවකට වැහි වලාකුළු හරවයි.ඒවා ඔහු දෙන හැම අණකටම කීකරු වෙලා+ පොළොවට ඉහළින් ගමන් කරයි. 13  දඬුවම් කරන්නත්+ පොළොව සාරවත් කරන්නත්ඔහුගේ නොසැලෙන ආදරය පෙන්වන්නත් ඔහු ඒවා පිටත් කර යවයි.+ 14  යෝබ්, මං කියන දේ අහන්න.දෙවියන්ගේ විස්මිත ක්‍රියාවලට හිත යොමු කරන්න.+ 15  දෙවියන් වලාකුළු හසුරුවන්නේ කොහොමද කියලත්ඒවා අතරින් විදුලි සැර යවන්නේ කොහොමද කියලත් ඔයා දන්නවාද? 16  වලාකුළු අහසේ පාවෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවාද?+ ඒවා, හැම දේම දන්න දෙවියන්ගේ පුදුමාකාර නිර්මාණයන්.+ 17  අවට පරිසරයම නිහඬ කරවමින් දකුණෙන් සුළං හමද්දී+ඔයාගේ ඇඟට රස්නයක් දැනෙන්නේ ඇයි කියලා දන්නවාද? 18  දෙවියන් සවිමත් ලෝහ කැඩපතක් වගේ අහස්තලය දිගහැරියා.+එහෙම කරන්න ඔයාටත් පුළුවන්ද? 19  අපි දෙවියන්ට කියන්න ඕනෙ දේ ඔයා අපිට කියලා දෙන්න.මොකද අපි ඉන්නේ අඳුරේ. ඔහුට කියන්න ඕනෙ මොනවාද කියලා අපි නම් දන්නේ නැහැ. 20  මට දෙවියන්ට කියන්න පුළුවන්ද මට ඔහුත් එක්ක කතා කරන්න ඕනෙ කියලා? දෙවියන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනෙ වැදගත් දෙයක් කාගේ හරි කටින් පිට වෙලා තියෙනවාද?+ 21  අහසේ ආලෝකය* බැබළුණත් මිනිසුන් ඒක දකින්නේ නැහැ.වලාකුළු සුළඟට විසිරිලා ගිහින්අහස පැහැදිලි වෙන කල් එයාලට ඒක පේන්නේ නැහැ. 22  උතුරු දෙසින් රන්වන් කාන්තිය නික්මෙයි.දෙවියන්ගේ තේජස+ පුදුම දනවයි. 23  සියලු බලැති දෙවියන් කරන හැම දෙයක් ගැනම අපිට තේරුම්ගන්න බැහැ.+ඔහුට තියෙන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් බලයක්.+ඔහු කවදාවත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කඩන්නෙවත්+ යුක්තිය නොසලකාහරින්නෙවත් නැහැ.+ 24  ඒ නිසා හැම කෙනෙක්ටම දෙවියන් ගැන ලොකු ගෞරවයක්* තියෙන්න ඕනේ.+ මොකද තමන් ප්‍රඥාවන්තයි කියලා හිතන කිසිම කෙනෙක්ව දෙවියන් පිළිගන්නේ නැහැ.”+

පාදසටහන්

හෝ, “හැම මිනිසෙක්ගෙම අත් මුද්‍රා කරනවා.”
ඒ කියන්නේ ඉර.
හෝ, “ගරුබියක්.”