යෝබ් 38:1-41

  • මිනිසුන්ට වඩා තමන් කොච්චර උසස්ද කියලා යෙහෝවා පෙන්නලා දෙයි (1-41)

    • ‘පොළොව නිර්මාණය කරද්දී ඔයා හිටියේ කොහෙද?’ (4-6)

    • දෙවියන්ගේ පුතුන් සතුටු සිතින් ප්‍රශංසා කළා (7)

    • ස්වාභාවික බලයන් ගැන ප්‍රශ්න අහයි (8-32)

    • “විශ්වය පාලනය කරන නීති” (33)

38  යෙහෝවා දෙවියන් සැඩ සුළඟ මැදින්+ කතා කරලා යෝබ්ට මෙහෙම කිව්වා.   “මං ගත්ත තීරණ විවේචනය කරන,*කිසිම අවබෝධයක් නැතුව කතා කරන මේ කෙනා කවුද?+   දැන් පුරුෂයෙක් වගේ නැඟිටින්න.මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති වෙන්න.   මං පොළොවේ අත්තිවාරම් දාද්දී ඔයා හිටියේ කොහෙද?+ ඔයා දැනුම් තේරුම් ඇති කෙනෙක් නම් මට කියන්න.   පොළොවේ දිග පළල නියම කළේ කවුද?ඒ හරහා ලණුවක් ඇදලා ඒක මැන්නේ කවුද?ඔයා දන්නවා නම් කියන්න.   ඒකේ අත්තිවාරම් රඳවලා තියෙන්නේ මොකක් මතද?ඒකේ ප්‍රධාන ගල තිබ්බේ කවුද?+   ඒ අවස්ථාවේදී පහන් තාරකා+ එකට එකතු වෙලා සතුටින් ගී ගයපු විදිහත්දෙවියන්ගේ පුතුන්*+ හැමෝම සතුටු සිතින් ප්‍රශංසා කරපු විදිහත් ඔයා දැක්කාද?   මහ මුහුද පොළෝගැබ කඩාගෙන ආපු වෙලාවේ,+ඒකට අගුලු දාලා ඒකේ සීමා නියම කළේ කවුද?   මම ඒක වලාකුළුවලින් ආවරණය කළා.අලුත උපන් බිලිඳෙක්ව රෙදි පටිවලින් ඔතනවා වගේඒක ඝන අන්ධකාරයෙන් එතුවා. 10  මම ඒකට සීමාවක් දැම්මා.දොරගුලු දාලා වහලා දැම්මා.+ 11  ඊටපස්සේ මං මෙහෙම කිව්වා. ‘ඔයාට මේ සීමාවෙන් එහාට යන්න බැහැ.ඔයාගේ චණ්ඩ රළ මෙතනින් නතර වෙන්න ඕනේ.’+ 12  අලුත් දවසක් උදා වෙන්න කියලා ඔයා කවදා හරි අණ කරලා තියෙනවාද?අලුයම උදා වෙන වෙලාව නියම කළේ ඔයාද?+ 13  පොළොවේ සතර කොනෙන් විහිදිලා ඇවිත්දුෂ්ටයන්ව පන්නලා දාන්න කියලා අලුයම් ආලෝකයට කිව්වේ ඔයාද?+ 14  මුද්‍රාවකින් මැටි තද කරද්දී ඒක වෙනස් වෙනවා වගේආලෝකය විහිදෙද්දී පොළොවත් වෙනස් වෙනවා.*ඒකේ තියෙන හැම දෙයක්ම ඇඳුමක තියෙන මෝස්තර වගේ පේන්න පටන්ගන්නවා. 15  ඒත් දුෂ්ටයාගේ ආලෝකය නිවිලා යයි.*එයාලාගේ බලපුළුවන්කාරකම් එතනින් නතර වෙයි. 16  ඔයා කවදා හරි මුහුදේ උල්පත් ළඟට ගිහින් තියෙනවාද?මුහුදු පතුලේ ඇවිදගෙන ගිහින් ඒකේ තියෙන දේවල් හොයලා බලලා තියෙනවාද?+ 17  මිනී වළේ දොරටු+ තියෙන තැන ඔයා හොයාගත්තාද?ගන අඳුරට ඇතුල් වෙන දොරටු ඔයා දැකලා තියෙනවාද?+ 18  පොළොව කොච්චර විශාලද කියලා ඔයා තේරුම් අරන් තියෙනවාද?+ ඒ හැම දෙයක්ම ඔයා දන්නවා නම් මට කියන්න. 19  ආලෝකයේ නිවහනට යන මඟ ඔයා දන්නවාද?+ ඔයාට කියන්න පුළුවන්ද අන්ධකාරයේ නවාතැන තියෙන්නේ කොතනද කියලා? 20  ඒවා ඒ තැන්වලට අරන් යන්න ඔයාට පුළුවන්ද?ඒ තැන්වලට යන පාර ඔයා දන්නවාද? 21  මං මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින්ද ඔයා ඉපදුණේ?ගණන් කරන්න බැරි තරම් අවුරුදු ගාණක් ඔයා ජීවත් වෙලා තියෙනවාද?ඒ නිසාද ඔයා මේ හැම දේම දන්නේ? 22  ඔයා හිම ගබඩා ඇතුළට ගිහින් තියෙනවාද?+හිම කැට ගබඩා කරලා තියෙන තැන් දැකලා තියෙනවාද?+ 23  මං ඒ හැම දෙයක්ම ගබඩා කරලා තියෙන්නේ විපත්ති දවස වෙනුවෙන්.යුද්ධ කරන දවස වෙනුවෙන්.+ 24  ආලෝකය* පොළොව පුරා විහිදිලා යන්නේ කොහේ ඉඳන්ද?නැඟෙනහිර සුළං පොළොව පුරා හමන්න පටන්ගන්නේ කොහේ ඉඳන්ද?+ 25  මහ වැස්සට අහසේ පාරක් කපලා දුන්නෙත්අකුණු පිරුණු වැහි වලාකුළුවලට මාර්ගයක් හදලා දුන්නෙත් කවුද?+ 26  එහෙම කරලා මිනිස් වාසයක් නැති තැන්වලටත්පාළුකරයටත් වැසි ඇද හැලෙන්න සලස්වන්නේ කවුද?+ 27  වැසි වස්සලා, විනාශ වෙලා ගිය පාළු දේශ තෘප්තියට පත් කරන්නේ කවුද?පොළොවෙන් තණකොළ හටගන්න සලස්වන්නේ කවුද?+ 28  වැස්සට පියෙක් ඉන්නවාද?+පිනි බිඳු බිහි කළේ කවුද?+ 29  කාගේ කුසෙන්ද අයිස් කැට බිහි වෙන්නේ?තුහින බිඳු* ජනිත කරන්නේ කවුද?+ 30  මතුපිට තියෙන ජලය ගලක් වගේ මිදෙන්න සලස්වන්නේ කවුද?ගැඹුරු ජලය මතුපිට අයිස් තට්ටුවක් හදන්නේ කවුද?+ 31  ඔයාට පුළුවන්ද කයිමා තාරකා මණ්ඩලයේ* කඹ ගැටගහන්න?කේසිල් තාරකා මණ්ඩලයේ* කඹ ලිහලා දාන්න?+ 32  ඔයාට පුළුවන්ද නියමිත කාලයේදී තාරකා මණ්ඩලයක්* කැඳවන්න?ඈෂ් තාරකා මණ්ඩලයටත්* ඒකේ පුතුන්ටත් මඟ පෙන්වන්න ඔයාට පුළුවන්ද? 33  විශ්වය* පාලනය කරන නීති ඔයා දන්නවාද?+ඔයාට පුළුවන්ද ඒ* නීතිවලින් පොළොව පාලනය කරන්න? 34  වලාකුළුවලට කතා කරලාඔයාව වැසි දියෙන් නහවන්න කියලා අණ කරන්න ඔයාට පුළුවන්ද?+ 35  කැමති තැනකට අකුණු සැර යවන්න ඔයාට පුළුවන්ද? ඒ අකුණු සැර ඔයා ළඟට ඇවිත් ‘අපි ආවා’ කියලා ඔයාට කියයිද? 36  වලාකුළුවලට* ප්‍රඥාව දුන්නේ කවුද?+විස්මිත ක්‍රියා සිද්ධ වෙන අහස්තලයට* නුවණ දුන්නේ කවුද?+ 37  වලාකුළු ගණන් කරන්න පුළුවන් තරම් ප්‍රඥාවක් තියෙන කෙනෙක් ඉන්නවාද?අහසේ වතුර භාජන පෙරළන්න පුළුවන් කාටද?+ 38  දූවිල්ල මඩවලට හරවන්නෙත්පස් පිඩැලි එකකට එකක් බැඳලා තියන්නෙත් කවුද? 39  ඔයාට පුළුවන්ද සිංහයෙක්ට ගොදුරු අල්ලලා දෙන්න?සිංහ පැටවුන්ගේ බඩගින්න නිවන්න ඔයාට පුළුවන්ද?+ 40  උන් හැංගිලා කුරුමානම් අල්ලද්දීගුහාවල ඉඳන් මාන බලද්දී ඔයාට පුළුවන්ද උන්ට කන්න දෙන්න? 41  කපුටන්ට කන්න දෙන්නේ කවුද?+උන්ගේ පැටව් කන්න නැතුව කෑගහද්දීදෙවියන්ගෙන් උදව් ඉල්ලලා අඬද්දී උන්ට කෑම දෙන්නේ කවුද?

පාදසටහන්

හෝ, “මගේ අරමුණ වසං කරන.”
හෝ, “දේවදූතයන්.”
ඒ කියන්නේ පොළොවේ හැඩතල මතු වෙනවා.
හෝ, “දුෂ්ටයාට ආලෝකයක් වුණ අන්ධකාරය නිවිලා යයි.”
හෝ සමහරවිට, “අකුණු සැර.”
වාතයේ තියෙන චූටි වතුර බින්දු අධික සීතල කාලවලදී මිදිලා එක එක තැන්වල රැඳෙනවා. ඒවාට තමයි තුහින බිඳු කියන්නේ.
සමහරවිට වෘෂභ තාරකා මණ්ඩලයේ හත්දින්නත් තරු.
සමහරවිට දඩයක්කාරයා කියන තාරකා මණ්ඩලය.
මූ.අ., “මස්සරොත්.”
සමහරවිට මහ වලසා තාරකා මණ්ඩලය.
මූ.අ., “ස්වර්ගය.”
හෝ සමහරවිට, “ඔහුගේ.”
හෝ සමහරවිට, “මිනිසාට.”
හෝ සමහරවිට, “මනසට.”