යෝබ් 5:1-27

  • එලිෆස් දිගටම කතා කරයි (1-27)

    • “කපටි උපායන් යොදන ප්‍රඥාවන්තයන්ව එයාලා අටවන උගුලටම දෙවියන් ඇදලා දානවා” (13)

    • “දෙවියන් දෙන හික්මවීමට පිටු පාන්න එපා” (17)

5  “ඔයාට උත්තර දෙන්න කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාගෙන් උදව් ඉල්ලන්න. දෙවියන්ගේ ශුද්ධ දූතයන්* අතරින් ඔයා උදව් ඉල්ලන්නේ කාගෙන්ද?   හිතේ ඇති කේන්තිය අඥානයාගේ විනාශයට මඟ පාදයි.ඉක්මනින්ම රැවටෙන කෙනාගේ හිතේ ඇති වෙන ඊර්ෂ්‍යාව, එයාගේ මරණයට හේතු වෙයි.   අඥානයා හැම තැනටම මුල් ඇදපු ගහක් වගේ ජීවත් වෙන හැටි මම දැකලා තියෙනවා.ඒත් නොහිතන මොහොතක එයාගේ නිවහන පිටට ශාපයක් එයි.   එයාගේ දරුවන් ඉන්නේ අනතුරේ.නුවර දොරටුව ළඟ එයාලව පාගලා දායි.+එයාලව බේරගන්න කවුරුත්ම නැහැ.   කුසගින්නෙන් ඉන්න අය ඇවිත් එයාගේ වගාවන් කාලා දායි.කටු ගස් අතරේ වැවෙන ධාන්‍යත් එකතු කරගනියි.එයා සතු වටිනා දේවල් කපටි අය පැහැරගනියි.   දුක් කරදර නිකම්ම පොළොවෙන් හටගන්නේ නැහැ.විපත්ති ඉබේම භූමියෙන් මතු වෙන්නෙත් නැහැ.   ගිනිමැලයකින් ගිනිපුපුරු නැඟෙනවා වගේමෙලොව එළිය දකින මිනිසාටත් දුක් කරදර ඇති වෙන එක නියතයි.   මම ඔයාගේ තැන හිටියා නම් මම පිහිට පතන්නේ දෙවියන්ගෙන්.මගේ නඩුව මම ඔහුට භාර දෙනවා.   මම හැරෙන්නේ, කිසිම කෙනෙක්ට තේරුම්ගන්න බැරි විස්මිත ක්‍රියා කරන දෙවියන් වෙතටයි.ඔහු කරන පුදුම දේවල් ගණන් කරන්නවත් බැහැ. 10  පොළොවට වැසි වස්සන්නේ ඔහුයි.කෙත්වතු සාරවත් කරන්නෙත් ඔහුයි. 11  පහත් කරලා සලකන අයව ඔහු උසස් කරනවා.දුකින් ඉන්න අයව ඔහු ගලවගන්නවා. 12  කපටි කෙනාගේ උපායන් ඔහු පෙරළලා දානවා.එයා කරන හැම වැඩක්ම ඔහු කඩාකප්පල් කරනවා. 13  කපටි උපායන් යොදන ප්‍රඥාවන්තයන්වඑයාලා අටවන උගුලටම දෙවියන් ඇදලා දානවා.+නුවණැත්තන්ගේ සැලසුම් ඔහු කණපිට පෙරළනවා. 14  දවල් කාලේදී ගන අඳුර එයාලව වෙළාගන්නවා.රෑ යාමයේදී වගේ මහ දවාලෙත් එයාලා අත පත ගගා ඇවිදිනවා. 15  එයාලාගේ කටින් නික්මෙන කඩුවෙන් දෙවියන් අසරණයාව ගලවගන්නවා.දුප්පතුන්ව බලවතුන්ගේ අතින් මුදවගන්නවා. 16  අසරණයාට බලාපොරොත්තුවක් තියෙන්නේ ඒ නිසයි.ඒත් අධර්මිෂ්ඨයන්ගේ කටවල් ඔහු වහලා දානවා. 17  දෙවියන්ගෙන් අවවාද ලැබෙන එක සතුටක්.ඒ නිසා සියලු බලැති දෙවියන් දෙන හික්මවීමට පිටු පාන්න එපා. 18  ඔහු වේදනාව ඇති කරනවා. ඒත් වේදනාවට සුවය දෙන්නෙත් ඔහුමයි.ඔහු තුවාල කරනවා. ඒත් ඔහුගේ අත් දෙකෙන්ම ඔහු ඒ තුවාල බඳිනවා. 19  පීඩා හයක් ආවත් ඒ හැම එකකින්ම දෙවියන් ඔයාව ගලවගනියි.හත්වෙනි පීඩාවෙනුත් කිසිම හානියක් වෙන්න ඉඩ නොදෙයි. 20  සාගත කාලයේදී ඔහු ඔයාව මරණයෙන් මුදවගන්නවා.යුද සමයේදී කඩුවෙන් බේරගන්නවා. 21  කසයක් වගේ පහර දෙන දුෂ්ටයාගේ දිවෙන් ඔහු ඔයාව ආරක්ෂා කරනවා.+විනාශය අද්දර හිටියත් ඔයාට බය වෙන්න හේතුවක් නැහැ. 22  විපත්ති, සාගත එද්දී ඔයා සිනාසෙයි.දරුණු වනසත්තු ආවත් ඔයා බය වෙන්නේ නැහැ. 23  ඔයාගේ කෙතේ ගල්වලින් ඔයාට කිසි අනතුරක් වෙන්නේ නැහැ.*වනසත්තුන්ගෙන් ඔයාට කිසිම හිරිහැරයක් වෙන්නෙත් නැහැ. 24  ඔයාගේ කූඩාරමේ ඔයා කිසිම කරදරයක් නැතුව* ජීවත් වෙයි.රැළේ ඉන්න එක සතෙක්ටවත් හානියක් වෙලා නැහැ කියලා ඔයා දකියි. 25  ඔයාගේ දරු පරම්පරාව එන්න එන්නම වැඩි වෙයි.දරු මුනුපුරන් තණකොළ වගේ පොළොව පුරාම පැතිරිලා යයි. 26  නියම කාලෙට කපන පැසුණු ධාන්‍ය කරල් සරුවට තියෙනවා.ඒ වගේ, මිය යන දවසේදී ඔයාගේ සවිශක්තියත් නොඅඩුව තියෙයි. 27  අපි මේ හැම දෙයක්ම හොයලා බලලා තහවුරු කරගෙනයි තියෙන්නේ.ඔයාත් ඒවා අහලා හිතට ගන්න.”

පාදසටහන්

මූ.අ., “ශුද්ධ තැනැත්තන්.”
හෝ, “කෙතේ ගල් ඔයාත් එක්ක ගිවිසුමක් ඇති කරගනියි.”
මූ.අ., “සමාදානයෙන්.”