යෝබ් 9:1-35

  • යෝබ් උත්තර දෙයි (1-35)

    • දූවිල්ලට හැරිලා යන මිනිසාට දෙවියන් එක්ක වාද කරන්න බැහැ (2-4)

    • ‘දෙවියන් කිසි කෙනෙක්ට තේරුම්ගන්න බැරි දේවල් කරයි’ (10)

    • කිසිම කෙනෙක්ට දෙවියන් එක්ක වාද කරන්න බැහැ (32)

9  එතකොට යෝබ් මෙහෙම කිව්වා.  “ඔයා කියපු දේ ඇත්ත කියලා මම දන්නවා. ඒත් දූවිල්ලට හැරිලා යන මිනිසෙක්ට පුළුවන්දදෙවියන් ඉස්සරහා තමන් ධර්මිෂ්ඨයි කියලා කියන්න?*+   කෙනෙක් දෙවියන් එක්ක විවාදයකට ගියොත්*+ඔහු අහන ප්‍රශ්න දාහකින් එකකටවත් උත්තර දෙන්න එයාට බැහැ.   දෙවියන් ප්‍රඥාවන්තයි. ඔහු තරම් බලවත් කෙනෙක් නැහැ.+ ඔහුට පිටු පාලා බේරෙන්න පුළුවන් කාටද?+   දෙවියන් කිසි කෙනෙක්ට නොදැනෙන්න කඳු තල්ලු* කරලා දායි.කෝපයෙන් කඳු පෙරළලා දායි.   ඔහු පොළොව සොලවයි.ඒ නිසා ඒකේ කණු දෙදරුම් කයි.+   ‘එළිය විහිදුවන්න එපා’ කියලා ඔහු හිරුට අණ කරයි.තාරකාවන් මුද්‍රාවකින් වසා දමයි.+   අහස්තලය තනියම දිගහරින්නේ ඔහුයි.+මුහුදේ දැවැන්ත රළ පහර මත ඇවිදගෙන යන්නේ ඔහුයි.+   ඈෂ්, කේසිල් සහ කයිමා* කියන තාරකා මණ්ඩලත්+දකුණු අහසේ තාරකා මණ්ඩලයත්* තැනුවේ ඔහුයි. 10  ඔහු කිසි කෙනෙක්ට තේරුම්ගන්න බැරි, මවිතකර දේවල් කරයි.+ගණන් කරන්නවත් බැරි තරම් පුදුම ක්‍රියා කරයි.+ 11  දෙවියන් මං ළඟින් ගියත් මට ඔහුව නොපෙනෙයි.මාව පහු කරගෙන ගියත් මම ඔහුව හඳුනගන්නේ නැහැ. 12  ඔහු යම් දෙයක් උදුරගත්තොත් ඒක වළක්වන්න පුළුවන් කාටද? ‘ඔබ මොනවාද කරන්නේ’ කියලා ඔහුගෙන් අහන්න පුළුවන් කාටද?+ 13  දෙවියන්ගේ කෝපය පහ නොවෙයි.+රාහබ්ට*+ අතහිත දෙන අය ඔහුගේ පාමුල වැටෙයි. 14  එහෙමනම්, මං දෙවියන්ට උත්තර දෙද්දී,ඔහුත් එක්ක වාද කරද්දී කොච්චර පරෙස්සමින් මගේ වචන හසුරුවන්න ඕනෙද? 15  මම නිවැරදි වුණත් ඔහුට පිළිතුරු දෙන්න තරම් හයියක් මට නැහැ.+ මට පුළුවන් මගේ විනිශ්චයකරුගෙන්* කරුණාව අයැදින්න විතරයි. 16  මං ඔහුට අඬගැහුවොත් ඔහු මට පිළිතුරු දෙයිද? ඔහු මගේ හඬට ඇහුම්කන් දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? 17  ඔහු සැඩ කුණාටුවකින් මට පහර දෙනවා.නිකරුණේ එක පිට එක තුවාල ඇති කරනවා.+ 18  ඔහු මට හුස්මක් කටක් ගන්නවත් ඉඩ දෙන්නේ නැහැ.ඔහු මගේ ජීවිතේ කටුක අද්දැකීම්වලින් පුරවනවා. 19  බලය ගැන කතා කළොත් දෙවියන්ට වඩා බලවත් කෙනෙක් නැහැ.+ යුක්තිය ගැන කතා කරන්න ගියොත්‘මගේ යුක්තිය ගැන ප්‍රශ්න කරන්න පුළුවන් කාටද’* කියලා ඔහු කියයි. 20  මං කිසි වරදක් නොකළත් මං වරදකරුවෙක් කියලා මගේම තොල් මට චෝදනා කරයි.මං දෙවියන්ට විශ්වාසවන්තව හිටියත්* ඔහු මාව වරදකරුවෙක් විදිහට තීන්දු කරයි. 21  මං අවංක* ජීවිතයක් ගත කළත් මට මොනවා වෙයිද කියලා මං දන්නේ නැහැ.මට මගේ ජීවිතේ තිත්ත වෙලා. 22  කෙනෙක් නිර්දෝෂ වුණත් දුෂ්ට වුණත් කිසි වෙනසක් නැහැ.දෙවියන් ඒ දෙගොල්ලන්වම විනාශ කරනවා. 23  නොහිතන මොහොතක ජලගැල්මක් ඇවිත් මිනිස් ජීවිත උදුරගත්තොත්අසරණ අය දිහා බලලා දෙවියන් හිනා වෙයි. 24  පොළොව දුෂ්ටයාගේ අතට භාර දීලා තියෙනවා.+දෙවියන් විනිසුරුවන්ගේ ඇස් වහලයි තියෙන්නේ. එහෙම කරන්නේ ඔහු මිසක් වෙන කවුද? 25  මගේ ජීවිතේ වේගයෙන් දුවන ධාවකයෙක්ටත් වඩා ඉක්මනින් ගෙවිලා යනවා.+කිසිම සතුටක් අද්දකින්නේ නැතුව මගේ ජීවිතේ දවස් ගෙවිලා යනවා. 26  වේගයෙන් යාත්‍රා කරන පන් ඔරුවක් වගෙත්ගොදුර මතට කඩාවදින රාජාලියෙක් වගෙත්මගේ ජීවිතේ දවස් වේගයෙන් ගෙවිලා යනවා. 27  ‘මගේ දුක් කරදර අමතක කරලාසතුටින් ඉන්නවා’ කියලා හිතුවත් 28  දෙවියනි, මේ වේදනාව දිගටම විඳින්න වෙයි කියලා මං ඉන්නේ බයෙන්.+මොකද මං නිර්දෝෂයි කියලා ඔබ තීන්දු කරන්නේ නැහැ කියලා මං දන්නවා. 29  ඔබ මාව ගණන් ගන්නේ වරදකරුවෙක්* විදිහටයි. එහෙමනම් මං මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?+ 30  මං හිම දියෙන් නාගෙන,සබන්* දාලා මගේ අත් හෝදගත්තත්+ 31  ඔබ මාව මඩ වගුරක දායි.මගේම ඇඳුම් මාව පිළිකුල් කරයි. 32  දෙවියන් එක්ක වාද කරන්න, ඔහු මං වගේ මිනිසෙක්ද?උසාවියකට ගිහින් ඔහු එක්ක නඩු කියලා මං කොහොම දිනන්නද?+ 33  දෙවියනුත් මාත් අතරේ තියෙන නඩුව විසඳන්න පුළුවන් කෙනෙක්* නැහැ.තීන්දුවක් දෙන්න පුළුවන් විනිසුරුවෙක් නැහැ. 34  ඔහු මට පහර දෙන එක නවත්තනවා නම්බියගන්වන දේවලින් පීඩා නොකර ඉන්නවා නම්+ 35  කිසිම බයක් නැතුව මං ඔහු එක්ක කතා කරනවා.මොකද ඔහුට බය වෙන්න මට කිසිම හේතුවක් නැහැ.

පාදසටහන්

මූ.අ., “දෙවියන් එක්ක නඩු කියලා නිදොස් වෙන්න?”
හෝ, “දෙවියන්ට විරුද්ධව නඩුවක් දැම්මොත්.”
හෝ, “අයින්.”
හෙබ්‍රෙව් භාෂාවෙන් ඈෂ්, කේසිල් සහ කයිමා කියන්නේ මහ වලසා, දඩයක්කාරයා සහ වෘෂභ තාරකා මණ්ඩලයේ හත්දින්නත් තරුවලට වෙන්න පුළුවන්.
මූ.අ., “දකුණේ ඇතුල් කාමර.”
සමහරවිට දැවැන්ත මුහුදු සතෙක් වෙන්න ඇති.
හෝ සමහරවිට, “මට චෝදනා කරන්නාගෙන්.”
මූ.අ., “මාව කැඳවන්න පුළුවන් කාටද?”
හෝ, “නිදොස් වුණත්.”
හෝ, “නිදොස්.”
මූ.අ., “දුෂ්ටයෙක්.”
ඒ කියන්නේ අළුවලින් හදපු සබන් වර්ගයක්.
හෝ, “මැදිහත්කරුවෙක්.”