යෝවෙල් 2:1-32

  • යෙහෝවා දෙවියන්ගේ දවස සහ ඔහුගේ විශාල සේනාව (1-11)

  • යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න (12-17)

    • ‘හිත ඉරාගන්න’ (13)

  • යෙහෝවා තමන්ගේ සෙනඟට උත්තර දෙයි (18-32)

    • “මම මගේ බලය ලබා දෙනවා” (28)

    • අහසෙත් පොළොවෙත් පුදුම දේවල් කරනවා (30)

    • යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන අය ගැලවෙයි (32)

2  “ජනයෙනි, සියොන්වලදී හොරණෑව පිඹින්න.+ මගේ ශුද්ධ කන්දේදී යුධ ඝෝෂාවක් නඟන්න. දේශයේ* ඉන්න හැමෝම බයෙන් වෙවුලන්න.මොකද යෙහෝවා දෙවියන්ගේ දවස අනිවාර්යයෙන්ම එනවා.+ඒක අත ළඟටම ඇවිත්.   ඒ දවස වැහිබර අඳුරු දවසක්.+ඝන අන්ධකාරයෙන් වැහුණු,අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක්.+ඒක හරියට හිමිදිරියේ කඳු මත වැටෙන ආලෝකය වගේ. බලන්න, ගණන් කරන්න බැරි තරම් විශාල, බලවත් සෙනඟක් ඉන්නවා!+ඒ වගේ සෙනඟක් මීට කලින් කවදාවත් ඉඳලත් නැහැ,මතු පැමිණෙන කිසිම පරම්පරාවක ආයේ ඉන්නෙත් නැහැ.   ඔවුන්ට ඉදිරියෙන් හැම දේම නැති නාස්ති කරන ගින්නක් ඇවිළෙයි.ඔවුන්ට පිටුපසිනුත් සියල්ල විනාශ කරන ගින්නක් විහිදෙයි.+ ඔවුන් දේශය මැදින් යන්න කලින් ඒක ඒදන් උයන වගේ.+ඒත් ඔවුන් ගියාට පස්සේ ඒක පාළුකරයක් වගේ.ඒ ගින්නෙන් හැම දේම දැවිලා අළු වෙලා යනවා.   ඔවුන්ගේ පෙනුම අශ්වයන් වගේ.ඔවුන් දිව යන්නේ යුද්ධයට සැරසිලා ඉන්න අශ්වයන් වගේ.+   කඳු මුදුන්වල එක පිම්මට දිව යන ඔවුන්ගේ හඬ,+යුධ රථවල හඬ වගේ. පිදුරු ඇවිළෙද්දී නැඟෙන හඬ වගේ. ඔවුන් යුද්ධයට පෙළ ගැහිලා ඉන්න බලවත් සේනාවක් වගේ.+   ඔවුන් නිසා මිනිසුන්ට හුඟක් වේදනා විඳින්න වෙයි. හැමෝම කලබල වෙලා බයෙන් වෙවුලයි.   සටන්කරුවන් වගේ ඔවුන් කඩාවදියි.යුද සෙබළුන් වගේ පවුරු උඩට නඟියි.ඒ එක් එක් කෙනා තමන්ට නියම කරපු මාර්ගයේම ගමන් කරනවා.ඔවුන් කවදාවත් ඒ මාර්ගයෙන් පිට යන්නේ නැහැ.   ඔවුන් එකිනෙකාව තල්ලු කරන්නෙත් නැහැ.එක් එක් කෙනා තමන්ගෙම මාර්ගයේ ඉඳන් ඉදිරියටම ගමන් කරනවා. ඔවුන්ගෙන් සමහරු ඊතල වැදිලා වැටුණත්අනිත් අය නවතින්නේ නැතුව ඉදිරියටම යනවා.   ඔවුන් නුවරට කඩාවැදිලා පවුර උඩ දිව යනවා. ගෙවල්වලට නැඟලා සොරුන් වගේ ජනෙල්වලින් ඇතුල් වෙනවා. 10  ඔවුන්ව දැකලා දේශය කැලඹෙයි. අහස දෙදරුම් කයි. හිරුත් සඳුත් අඳුරු වෙයි.+තාරකාවල දීප්තිය නිවිලා යයි. 11  යෙහෝවා තමන්ගේ සේනාවට ඉදිරියෙන් ගිහින් උස් හඬින් කෑගහයි.+මොකද ඔහුගේ සේනාව හුඟක් විශාලයි.+ තමන් කියන දේ ඉටු කරන තැනැත්තා හුඟක් බලවත්.යෙහෝවා දෙවියන්ගේ දවස ගරුබිය ඇති කරවන දවසක්.+ ඒ මහත් දවසට මුහුණ දෙන්න පුළුවන් කාටද?”+ 12  “නිරාහාරව ඉඳලා+ හඬා වැලපෙන්න.මුළු හදවතින්ම පසුතැවිලි වෙලා මං ළඟට ආයෙත් හැරිලා එන්න.+ඒකට තාමත් අවස්ථාව තියෙනවා” කියලා යෙහෝවා ඔබට කියනවා. 13  “ඔබේ ඇඳුම් නෙවෙයි+ හිත ඉරාගෙන+ ඔබේ දෙවි යෙහෝවා ළඟට ආයෙත් එන්න.මොකද ඔහු අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ නොසැලෙන ආදරයකින්* පිරුණු+ දෙවි කෙනෙක්.තමන්ගේ සෙනඟ පිටට විපතක් ගේන්න ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.* 14  සමහරවිට ඔහු හිත වෙනස් කරගෙන ඔහු ගත්ත තීරණය ගැන ආයෙත් හිතලා බලයි.*+ඔහු ඔබට ආශීර්වාද කරයි.එතකොට ඔබට පුළුවන් වෙයි ඔබේ දෙවි යෙහෝවාට ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කරන්න. 15  සියොන්වල හොරණෑව පිඹින්න! ජනයාට කියන්න නිරාහාරව ඉන්න කියලා. ඔවුන්ට කියන්න ශුද්ධ එක්රැස්වීමකට එන්න කියලා.+ 16  ජනයාව එකතු කරගෙන ඔවුන්ව ශුද්ධ තත්වයකට ගේන්න.+ මහලු පුරුෂයන්වත්* දරුවන්වත් කිරි බොන ළදරුවන්වත් රැස් කරන්න.+ මනාලයාට තමන්ගේ ඇතුල් කාමරයෙන් එළියට එන්න කියන්න.මනාලියට තමන්ගේ විවාහ යහනෙන් බැහැලා එන්න කියන්න. 17  යෙහෝවාට සේවය කරන පූජකයෙනි,ශුද්ධස්ථානයට ඇතුල් වෙන ශාලාවත් පූජාසනයත්අතරේ ඉඳන්+ අඬඅඬ මෙහෙම කියන්න. ‘අනේ යෙහෝවා, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න.ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ දෙන්න එපා.ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ දෙන්න එපා. “ඔවුන්ගේ දෙවියන් කොහෙද” කියලා සමච්චල් කරන්න ඒ ජාතීන්ට ඉඩ දෙන්න එපා.’+ 18  ඒ කාලයේදී යෙහෝවා තමන්ගේ සෙනඟට අනුකම්පා කරලා,ඔවුන් වෙනුවෙන් මහත් උද්‍යෝගයකින් නැඟී ඉඳියි.+ 19  යෙහෝවා තමන්ගේ සෙනඟට මෙහෙම උත්තර දෙයි. ‘මම ඔබට ධාන්‍ය, අලුත් වයින් සහ තෙල් දෙන්නම්.ඔබ සම්පූර්ණයෙන්ම තෘප්තියට පත් වෙයි.+වෙනත් ජාතීන් අතරේ නින්දා විඳින්න මම තවදුරටත් ඔබට ඉඩ දෙන්නේ නැහැ.+ 20  උතුරෙන් පැමිණෙන තැනැත්තාව මම ඔබෙන් ඈතට එළවලා දානවා.මම ඔහුව වතුර නැති, පාළු දේශයකට පන්නලා දානවා.ඔහුට ඉදිරියෙන් යන භටයන්ව නැඟෙනහිර තියෙන මුහුද* දිහාවටත්ඔහුට පිටුපසින් එන භටයන්ව බස්නාහිර තියෙන මුහුද* දිහාවටත් එළවලා දානවා. ඔහුගේ මළ කඳෙන් දුගඳක් හමයි.ඒ දුගඳ නොනවත්වාම හමයි.+මොකද දෙවියන් හිතාගන්න බැරි පුදුම දේවල් කරයි.’ 21  දේශය, බය වෙන්න එපා. සතුටින් ප්‍රීති ඝෝෂා නඟන්න. මොකද යෙහෝවා හිතාගන්න බැරි පුදුම දේවල් කරනවා. 22  කැලෑවේ ඉන්න සත්වයෙනි, බය වෙන්න එපා.මොකද පාළුකරයේ තණබිම් සරුසාරව වැඩෙයි.+ගස් වැල් පලවලින් බර වෙයි.+අත්තික්කා ගහෙනුත් මිදිවැලෙනුත් ඇති තරම් පල හටගනියි.+ 23  සියොන්වල වැසියෙනි, සතුටු වෙන්න.ඔබේ දෙවි යෙහෝවා කරන්න යන දේ ගැන ප්‍රීති වෙන්න.+මොකද ඔහු වසන්ත කාලයේදී නියම ප්‍රමාණයටම වැසි වස්සනවා.ඔබේ දේශය පිටට වැසි ඇද හැලෙන්න සලස්වනවා.කලින් වගේම වසන්ත කාලයේදීත් සරත් කාලයේදීත් ඔබට වැසි ලබා දෙනවා.+ 24  ඔබේ කමත් ධාන්‍යවලින් පිරිලා යයි.මිදි පාගන තැන් වයින්වලිනුත්ඔලීව ගෙඩි පාගන තැන් තෙල්වලිනුත් පිරිලා ඉතිරිලා යයි.+ 25  මම ඔබට විරුද්ධව එවපු මගේ මහත් සේනාව+අවුරුදු ගාණක් පුරා කරපු පාඩුවට මම ඔබට වන්දි ගෙවනවා.මුලින්ම ආපු පළඟැටියන්, වැඩුණු පළඟැටියන්,පියාපත් නැති පළඟැටියන් සහ හැම දේම විනාශ කරන පළඟැටියන්ඔබට කරපු පාඩුවට සරිලන අස්වැන්නක් මම ඔබට ආයෙත් ලබා දෙනවා. 26  ඒ කාලයේදී ඔබ කාලා බීලා තෘප්තිමත් වෙයි.+ඔබ වෙනුවෙන් පුදුම දේවල් කරපු ඔබේ දෙවි යෙහෝවාගේ නමට ඔබ ප්‍රශංසා කරයි.+මගේ සෙනඟ ආයේ කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.+ 27  ඒ කාලයේදී මම ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඉන්නවා+ කියලත්මම ඔබේ දෙවි යෙහෝවා+ කියලත් මම හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලත් ඔබ දැනගනියි. මගේ සෙනඟ ආයේ කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. 28  ඊටපස්සේ හැම පසුබිමකටම අයිති මිනිසුන්ට මම මගේ බලය ලබා දෙනවා.*+එතකොට ඔබේ පුතාලත් දුවලත් අනාවැකි කියයි.ඔබ අතරේ ඉන්න මහලු පුරුෂයෝ සිහින දකියි.තරුණයෝ දර්ශන දකියි.+ 29  ඒ දවස්වලදී මම මගේ දාස දාසීන්ටත් මගේ බලය ලබා දෙනවා. 30  මම අහසෙත් පොළොවෙත් පුදුම දේවල් කරනවා.ලේ, ගින්දර සහ දුම් වලාවන්+ දකින්න සලස්වනවා. 31  ගරුබිය ඇති කරවන යෙහෝවාගේ මහත් දවස+ එන්න කලින්හිරු අඳුරු වෙනවා. සඳ ලේ පාටට හැරෙනවා.+ 32  ඒත් යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.+යෙහෝවා කියලා තියෙන විදිහටම, විනාශයෙන් ගැලවෙන අය+ සියොන් කන්දෙත් යෙරුසලමෙත් ඉඳියි.බේරී ජීවත් වෙන ඒ හැමෝම යෙහෝවා දෙවියන් කැඳවපු අයයි.”

පාදසටහන්

හෝ, “පොළොවේ.”
හෝ, “තීරණය ගැන දුක් වෙයි.”
හෝ, “දුක් වෙයි.”
හෝ, “වැඩිමහල්ලන්වත්.”
ඒ කියන්නේ මළ මුහුද.
ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
මූ.අ., “මගේ බලය වගුරුවනවා.”