යෝවෙල් 3:1-21

  • යෙහෝවා සියලු ජාතීන්ව විනිශ්චය කරයි (1-17)

    • යෙහෝෂපාට්ගේ නිම්නය (2, 12)

    • තීන්දුව දෙන නිම්නය (14)

    • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් (16)

  • යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරයි (18-21)

3  “ඒ දවස්වලදී, යූදාවලිනුත් යෙරුසලමෙනුත් අරන් ගිය වහලුන්වමම නිදහස් කරලා ආයෙත් දේශයට අරන් එනවා.+   ඒ කාලයේදී මම සියලු ජාතීන්ව එකතු කරලායෙහෝෂපාට්ගේ* නිම්නයට* ඔවුන්ව අරන් එනවා. එහෙදී මම ඔවුන්ව විනිශ්චය කරනවා.+මොකද ඔවුන් මගේ සෙනඟත් උරුමයත් වන ඊශ්‍රායෙල්වරුන්වජාතීන් අතරට පන්නලා දැම්මා.මගේ දේශය ඔවුන් අතරේ බෙදාගත්තා.+   ඔවුන් දාදු දාලා මගේ සෙනඟව ඔවුන් අතරේ බෙදාගත්තා.+ගණිකාවකගේ කුලිය ගෙවන්න ඔවුන් දරුවෙක්ව විකුණුවා.වයින් ටිකක් බොන්න දැරියක්ව විකුණුවා.   තීර්, සීදොන් සහ පිලිස්තියේ හැම පළාතකම ඉන්න වැසියෙනි,ඔබ මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි? මොකක් හරි හේතුවක් නිසා ඔබ මගෙන් පළිගන්නද හදන්නේ? ඔබ හදන්නේ මගෙන් පළිගන්න නම්,මම ඉක්මනටම ඔබට ලැබිය යුතු දඬුවම ලබා දෙනවා.ඔබ කළ දේට සුදුසු දඬුවම ප්‍රමාද නොවී ඔබ පිටට ගේනවා.+   මොකද ඔබ මගේ රන් රිදී කොල්ල කාලා,+මගේ වටිනාම වස්තු ඔබේ දේවාලවලට අරන් ගියා.   ඔබ යූදා සහ යෙරුසලමේ වැසියන්ව ග්‍රීක ජාතිකයන්ට විකුණුවා.+ඔබ එහෙම කළේ ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව ඈතට යවන්නයි.   ඒත් ඔබ ඔවුන්ව වහල්කමට යවපු තැන්වලින් මම ඔවුන්ව ආයෙත් අරන් එනවා.+ඔබ ඔවුන්ට කරපු දේම මම ඔබටත් කරනවා.   මම ඔබේ පුතුන්ව සහ දූවරුන්ව යූදා දේශයේ වැසියන්ට විකුණනවා.යූදා දේශයේ වැසියෝ ඔවුන්ව දුර ඈත තියෙන ෂෙබා දේශයේ වැසියන්ට විකුණනවා.+ඒක ඒ විදිහටම වෙනවා කියලා යෙහෝවා වන මමම සහතික වෙනවා.   ජනයෙනි, ජාතීන්ට මෙහෙම දැනුම් දෙන්න.+ ‘යුද්ධයට සැරසෙන්න! යුධ දක්ෂයන්ව එකතු කරගන්න! ඉදිරියට ඇවිත් පහර දෙන්න කියලා සෙබළු හැමෝටම කියන්න!+ 10  ඔබේ නගුල්වලින් කඩුත් දෑකැතිවලින් හෙල්ලත් හදාගන්න. දුර්වල කෙනා “මම ශක්තිමත්” කියලා කියනු ලැබේවා! 11  අවට ඉන්න හැම ජාතියකටම අයිති ජනයෙනි, ඇවිත් එකිනෙකාට උදව් කරන්න.’”+ යෙහෝවා දෙවියනි, ඔබේ බලවත් සටන්කරුවන්ව එතනට අරන් එන්න. 12  “සියලු ජාතීන් අවදි වෙලා යෙහෝෂපාට්ගේ නිම්නයට පැමිණේවා!එහෙදී මම ඉඳගෙන ඒ සියලු ජාතීන්ව විනිශ්චය කරනවා.+ 13  අස්වැන්න නෙළන කාලය ඇවිත්. දෑකැත්ත අතට අරන් කපන්න. මිදි පාගන තැන මිදිවලින් පිරිලා. ඇවිත් ඒවා පාගන්න. වයින් පුරවන භාජන පිරිලා ඉතිරිලා ගිහින්.+මොකද ඔවුන්ගේ දුෂ්ටකම්වලට සීමාවක් නැහැ. 14  බලන්න, තීන්දුව දෙන නිම්නයේ* විශාල සමූහයක් රැස් වෙලා!මොකද යෙහෝවා දෙවියන්ගේ දවස ළඟටම ඇවිල්ලා.තීන්දුව දෙන නිම්නයේදී ඒක දැකගන්න ලැබෙයි.+ 15  එදාට හිරු, සඳු අඳුරු වෙයි.තාරකාවල දීප්තිය නිවිලා යයි. 16  යෙහෝවා සියොන්වල ඉඳන් සිංහයෙක් වගේ ගර්ජනා කරයි.යෙරුසලමේ ඉඳන් උස් හඬින් කෑගහයි. අහසත් පොළොවත් දෙදරුම් කයි.ඒත් තමන්ගේ සෙනඟට යෙහෝවා රැකවරණය දෙයි.+ඔහු ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් වෙයි. 17  මගේ ශුද්ධ කන්ද වන සියොන්වල වාසය කරන මමඔබේ දෙවි යෙහෝවා කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.+ යෙරුසලම ශුද්ධ තැනක් වෙයි.+නාඳුනන අය* ආයේ කිසි දවසක ඒ මැදින් යන්නේ නැහැ.+ 18  ඒ දවසේදී අලුත් වයින් කඳු දිගේ ගලාගෙන එයි.+කඳු මුදුන්වලින් කිරි ඇද හැලෙයි.යූදාවල ඇළදොළ වතුරෙන් පිරිලා ඉතිරිලා යයි. යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් දිය උල්පතක් ගලාගෙන ඇවිත්+ඇකේෂියා ගස් තියෙන නිම්නය පෝෂණය කරයි. 19  ඊජිප්තුව නම් පාළු දේශයක් වෙනවා.+ඒදොම්, අත්හැරලා දාපු පාළුකරයක් වෙනවා.+මොකද ඔවුන් යූදා දේශයේ සෙනඟට දරුණු විදිහට හිරිහැර කළා.+එහෙදී අහිංසකයන්ගේ ලේ හැලුවා.+ 20  ඒත් යූදා දේශය හැමදාටම මිනිසුන්ගෙන් පිරුණු තැනක් වෙයි.යෙරුසලමත් හැම පරම්පරාවකදීම ජනාකීර්ණ නගරයක් වෙයි.+ 21  ඔවුන් දැන් වැරදිකරුවන් වුණත්* ඒ කාලයේදී මම ඔවුන්ව නිදොස් අය විදිහට සලකනවා.+යෙහෝවා දෙවියන් දිගටම සියොන්වල වාසය කරයි.”+

පාදසටහන්

තේරුම, “යෙහෝවා තමයි විනිශ්චයකරු.”
හෝ, “තැනිතලාවට.”
හෝ, “තැනිතලාවේ.”
හෝ, “විදේශිකයන්.”
හෝ, “ඔවුන් ලේ හලලා තිබුණත්.”