රෝමවරුන්ට 13:1-14

  • බලධාරීන්ට යටත් වීම (1-7)

    • බදු ගෙවීම (6, 7)

  • ආදරේ කරනවා නම් නීතිය හරියටම පිළිපදිනවා (8-10)

  • දවල් කාලේදී හැසිරෙන විදිහට හැසිරෙන්න (11-14)

13  අපිට ඉහළින් ඉන්න බලධාරීන්ට අපි හැමෝම කීකරු වෙන්න ඕනේ.+ දෙවියන් අවසර දීලා නැත්නම් කිසිම පාලනයක් තියෙන්නේ නැහැ.+ දැන් ඉන්න බලධාරීන්ට විවිධ බලතල තියෙන්නේ දෙවියන් ඒකට අවසර දීලා තියෙන නිසයි.+  එයාලට තියෙන අධිකාරියට විරුද්ධව අපි වැඩ කළොත් අපි ඇත්තටම කරන්නේ දෙවියන්ට විරුද්ධව වැඩ කරන එකයි. දෙවියන් ඇති කරලා තියෙන ඒ සැලැස්මට විරුද්ධව වැඩ කරන අයට දඬුවම් ලැබෙනවා.  පාලකයන්ට බයෙන් ඉන්නේ හොඳ දේවල් කරන අය නෙමෙයි වැරදි දේවල් කරන අය.+ ඔයාලා බලධාරීන්ට බයෙන් ඉන්න ඕනෙ නැහැ. ඔයාලා හොඳ දේවල් කරනවා නම්+ එයාලා ඔයාලට ප්‍රශංසා කරයි.  ඒ බලධාරීන් දෙවියන් වෙනුවෙන් වැදගත් සේවයක් කරනවා. ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඔයාලටමයි. ඔයාලා වැරදි දේවල් කරනවා නම් බය වෙන්න ඕනේ. මොකද වැරදි දේවල් කරන අයට දඬුවම් දෙන්න අයිතිය සහ බලය බලධාරීන්ට දීලයි තියෙන්නේ. වැරදි කරන කෙනෙක්ට දඬුවම් කරද්දී එයාලා දෙවියන් වෙනුවෙන් සේවයක් කරනවා.  ඒ අයට කීකරු වෙන්න ඔයාලට හොඳ හේතු තියෙනවා. ඔයාලා කීකරු වෙන්න ඕනෙ දඬුවම් ලබන එකෙන්* වළකින්න විතරක් නෙමෙයි ඔයාලාගේ හෘද සාක්ෂිය නිදොස්ව තියාගන්නයි.+  ඔයාලා බදු ගෙවන්නෙත් ඒ නිසයි. මොකද මහජනයා වෙනුවෙන් සේවය කරන්න දෙවියන් එයාලව පාවිච්චි කරනවා.  යම් දෙයක් ලබන්න අයිතියක් තියෙන හැමෝටම ඒ දේ දෙන්න. බදු අය කරන තැනැත්තාට බදු ගෙවන්න.+ ගාස්තු* අය කරන තැනැත්තාට ගාස්තු ගෙවන්න. බය වෙන්න ඕනෙ තැනැත්තාට බය වෙන්න.+ ගෞරව කරන්න ඕනෙ තැනැත්තාට ගෞරව කරන්න.+  කාටවත් කිසිම විදිහකින් ණය වෙන්න එපා. ගෙවන්න ඕනෙ එකම ණය අනිත් අයට ආදරේ පෙන්නන එක.+ මොකද අනිත් අයට ආදරේ කරන කෙනා නීතියේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කරනවා කියලා කියන්න පුළුවන්.+  “අනාචාරයේ* යෙදෙන්න එපා,+ මිනී මරන්න එපා,+ හොරකම් කරන්න එපා,+ අනිත් අයට අයිති දේවල් ගැන ආශාවක් ඇති කරගන්න එපා”+ කියලා තියෙන ආඥා වගේම අනිත් ආඥා ඔක්කොම “ඔයාලා තමන්ට ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාට ආදරේ කරන්න”+ කියන ආඥාව ඇතුළේ තියෙනවා. 10  අනිත් අයට ආදරේ කරන කෙනෙක් තමන්ගේ අසල්වැසියාට නපුරු දෙයක් කරන්නේ නැහැ.+ ඒ කියන්නේ අනිත් අයට ආදරේ කරන කෙනා නීතිය හරියටම පිළිපදිනවා.+ 11  ඔයාලා ඒ දේවල් කරන්න ඕනේ. මොකද ඔයාලා දන්නවා නින්දෙන් නැඟිටින්න දැන් කාලේ ඇවිල්ලා කියලා.+ යේසුස් ගැන විශ්වාසය තියන්න අපි පටන්ගත්ත කාලෙට වඩා අපිට ගැලවීම ලැබෙන කාලේ දැන් ගොඩක් ළං වෙලා. 12  රාත්‍රි කාලේ ඉවර වෙන්න ළං වෙලයි තියෙන්නේ. දැන් දවස පටන්ගන්න ඔන්න මෙන්න. ඉතින් සාමාන්‍යයෙන් රාත්‍රි කාලේ කරන දේවල්+ නතර කරලා ආලෝකේ ආයුධ පැලඳගන්න.+ 13  සාමාන්‍යයෙන් මිනිස්සු දවල් කාලේදී හොඳට හැසිරෙනවා. අපිත් ඒ විදිහට හැසිරෙමු.+ ඝෝෂාකාරී උත්සව* පවත්වලා වෙරි වෙන කල් බොන එකෙන් අපි වළකින්න ඕනේ. දුරාචාරයේ යෙදෙන එකෙනුත් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන* එකෙනුත්+ රණ්ඩුවලට පැටලෙන එකෙනුත් ඊර්ෂ්‍යා කරන එකෙනුත්+ අපි වළකින්න ඕනේ. 14  ඒ දේවල් කරනවා වෙනුවට ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව කිට්ටුවෙන් ආදර්ශයට ගන්න.+ වැරදි ආශාවන් ඉටු කරගන්නේ කොහොමද කියලා කල්තියාම සැලසුම් කරන්න එපා.+

පාදසටහන්

මූ.අ., “ඒ අයගේ කේන්තියෙන්.”
ඒ කියන්නේ ආණ්ඩුවෙන් අය කරන ගාස්තු.
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
ඒ කියන්නේ කිසිම පාලනයක් නැතුව හරිම පහත් දේවල් කරන සාදයන්.
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.