රෝමවරුන්ට 16:1-27

  • පාවුල් ෆීබිව හඳුන්වලා දෙයි (1, 2)

  • රෝම සභාවේ අයට සුබ පැතුම් (3-16)

  • භේද ඇති වෙන එක ගැන අනතුරු අඟවයි (17-20)

  • පාවුල් එක්ක සේවය කරන අයගෙන් සුබ පැතුම් (21-24)

  • පරිශුද්ධ රහස දැන් එළිදරව් කරලා (25-27)

16  මම කැමතියි අපේ සහෝදරී ෆීබිව ඔයාලට හඳුන්වලා දෙන්න. එයා සේවය කරන්නේ සෙන්ක්‍රෙයායවල තියෙන සභාවේ.+  ඔයාලා වගේම ස්වාමීන්ගේ අනුගාමිකයෙක් වන එයාවත් ආදරෙන් පිළිගන්න. එයාට අවශ්‍ය ඕනෙම උදව්වක් කරලා දෙන්න.+ මොකද එයා මටත් තව ගොඩක් සහෝදර සහෝදරියන්ටත් උදව් කරලා තියෙනවා.  ක්‍රිස්තුස් යේසුස් භාර දීපු වැඩේ කරන, මගේ හවුල් සේවකයන් වන ප්‍රිස්කාටයි, අකිලාටයි+ මගේ සුබ පැතුම් දෙන්න.  එයාලා මං වෙනුවෙන් එයාලාගේ ජීවිත පවා අනතුරේ දාන්න කැමති වුණා.+ මං විතරක් නෙමෙයි වෙනත් ජාතීන්ට අයිති අය ඉන්න හැම සභාවක්ම එයාලට ස්තුති කරනවා.  එයාලාගේ ගෙදර රැස් වෙන සභාවේ+ හැමෝවමත් මං ආදරෙන් මතක් කළා කියන්න. මට හිතවත් එපිනෙටස්වත් මතක් කරන්න. ආසියා පළාතේ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වුණ මුල්ම අයගෙන් කෙනෙක් තමයි එයා.  ඔයාලා වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු මරියාටත් මගේ සුබ පැතුම් දෙන්න.  මාත් එක්ක එකට හිරේ හිටපු, මගේ නෑදෑයන්+ වන අන්ද්‍රොනිකස්වයි, ජූනියස්වයි මං මතක් කළා කියන්න. නියෝජිතයන් එයාලව හොඳට අඳුරනවා. එයාලා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වුණේ මටත් කලින්.  ස්වාමීන්ගේ අනුගාමිකයෙක් වන මගේ හිතවත් අම්ප්ලියාටස්ට මගේ සුබ පැතුම් දෙන්න.  ක්‍රිස්තුස් භාර දීපු වැඩේ කරන, අපේ හවුල් සේවක උර්බානස්වයි, මගේ හිතවත් ස්ටාකිස්වයි මං මතක් කළා කියන්න. 10  ක්‍රිස්තුස් ඉස්සරහා හොඳ නමක් දිනාගෙන ඉන්න අපෙල්ලස්ටත් මගේ සුබ පැතුම් දෙන්න. අරිස්තොබියුලස්ගේ ගෙදර ඉන්න හැමෝවමත් ආදරෙන් මතක් කරන්න. 11  මගේ නෑයෙක් වන හෙරෝදියන්ව මං මතක් කළා කියන්න. නාසිසස්ගේ ගෙදර ඉන්න ස්වාමීන්ගේ අනුගාමිකයන්ටත් මගේ සුබ පැතුම් දෙන්න. 12  ස්වාමීන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන සහෝදරියන් වන ත්‍රිෆේනාවයි, ත්‍රිෆෝසාවයි මං මතක් කළා කියන්න. අපේ හිතවත් සහෝදරී පර්සිස්වත් මතක් කරන්න. එයා ස්වාමීන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා සේවය කළා. 13  ස්වාමීන් තෝරගත්ත රූෆස්වයි, එයාගේ අම්මාවයි ආදරෙන් මතක් කරන්න. එයාගේ අම්මාව මං සලකන්නේ මගේම අම්මා විදිහටයි. 14  අසින්ක්‍රිටස්ටයි, ෆ්ලේගොන්ටයි, හර්මීස්ටයි, පත්‍රොබස්ටයි, හර්මස්ටයි, එයාලා එක්ක ඉන්න අනිත් සහෝදරයන්ටයි මගේ සුබ පැතුම් දෙන්න. 15  ෆිලොලගස්ටයි, ජූලියාටයි මං සුබ පැතුවා කියන්න. නේරියස්වයි, එයාගේ සහෝදරියවයි, ඔලිම්පස්වයි, එයාලා එක්ක ඉන්න ශුද්ධ තැනැත්තන් හැමෝවමයි මතක් කරන්න. 16  එකිනෙකාව ආදරෙන් පිළිගන්න.* ක්‍රිස්තුස්ට අයිති හැම සභාවක්ම ඔයාලට සුබ පැතුම් එවනවා. 17  සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල්වලට විරුද්ධව දේවල් කියලා භේද ඇති කරන අය ගැනත් අනිත් අයගේ විශ්වාසය දුර්වල කරන අය ගැනත් සෝදිසියෙන් ඉන්න කියලයි. ඒ වගේ අයගෙන් අයින් වෙලා ඉන්න.+ 18  ඒ වගේ අය අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ දාසයෝ නෙමෙයි. එයාලා වහල් වෙලා ඉන්නේ එයාලාගෙම ආශාවන්වලට. අහන්න ආස දේවල් කියලා, බොරුවට වර්ණනා කරලා එච්චර හිතන්නේ බලන්නේ නැති අයව එයාලා රවට්ටනවා. 19  ඔයාලාගේ කීකරුකම ගැන හැමෝම දන්නවා. ඒ ගැන මටත් හරිම සතුටුයි. මං කැමතියි ඔයාලා ප්‍රඥාවන්තව වැඩ කරලා හරි දේ කරනවාට. ඒත් දුෂ්ට දේවල් ගැන හොයලා බලන්න යන්න එපා. ඒවායෙන් ඈත් වෙන්න.+ 20  ළඟදීම සමාදානය ලබා දෙන දෙවියන් සාතන්ව ඔයාලාගේ කකුල් යටට දාලා පොඩි කරලා දානවා.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔයාලා හැමෝටම ලැබේවා! 21  මගේ හවුල් සේවක තිමෝති, මගේ නෑදෑයන්+ වන ලූෂස්, ජේසන් සහ සොසිපතර් ඔයාලව ආදරෙන් මතක් කරනවා. 22  මේ ලිපිය ලියපු ටර්තියස් වන මම ඔයාලා එක්ක ස්වාමීන්ට සේවය කරනවා. මමත් ඔයාලට මගේ සුබ පැතුම් එවනවා. 23  මට* නවාතැන් පහසුකම් ලබා දෙන ගායස්+ එයාගේ සුබ පැතුම් ඔයාලට එවනවා. එයාගේ ගෙදර තමයි මුළු සභාවම රැස් වෙන්නේ. නගරයේ භාණ්ඩාගාරික වන එරස්ටස් වගේම එයාගේ සහෝදරයා වන ක්වාටස් ඔයාලට සුබ පැතුම් එවනවා. 24 * —— 25  මම ප්‍රකාශ කරන ශුභාරංචිය මාර්ගයෙනුත් යේසුස් ක්‍රිස්තුස් ගැන දේශනා කරන පණිවිඩය මාර්ගයෙනුත් ඔයාලව ශක්තිමත් කරන්න දෙවියන්ට පුළුවන්. මේ ශුභාරංචිය දෙවියන් එළිදරව් කරපු පරිශුද්ධ රහසට එකඟයි.+ ඒ රහස ගොඩක් කාලයක් තිස්සේ හංගලයි තිබුණේ. 26  ඒත් දැන් ඒ රහස අපිට එළිදරව් කරලයි තියෙන්නේ. ශුද්ධ ලියවිල්ලේ තියෙන අනාවැකි මාර්ගයෙන් සියලු ජාතීන්වල අය ඒ රහස ගැන දැනගත්තා. සදහටම ජීවත් වෙන දෙවියන් තමයි එහෙම කරන්න ආඥා කළේ. මොකද ඔහු බලාපොරොත්තු වෙනවා හැම ජාතියකටම අයිති අය ඔහුට කීකරු වෙලා ඔහු ගැන විශ්වාසය තියයි කියලා. 27  ප්‍රඥාව තියෙන එකම තැනැත්තාණන්+ වන දෙවියන්ට යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සදහටම ගෞරවය ලැබේවා! ආමෙන්.

පාදසටහන්

හෝ, “පිරිසිදු හිතින් එකිනෙකාව ඉඹලා පිළිගන්න.”
ඒ කියන්නේ පාවුල්.
උප. A3 බලන්න.