රෝමවරුන්ට 5:1-21

  • ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන් (1-11)

  • ආදම් නිසා මරණය, ක්‍රිස්තුස් මාර්ගයෙන් ජීවනය (12-21)

    • පව්කාරකම සහ මරණය හැමෝටම උරුම වුණා (12)

    • එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් (18)

5  අපිට තියෙන විශ්වාසය නිසා දැන් අපිව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලයි තියෙන්නේ.+ ඉතින් අපිට පුළුවන් දෙවියන් එක්ක සමාදානයෙන් ඉන්න. ඒ අවස්ථාව අපිට ලැබුණේ අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් නිසයි.+  අපිට යේසුස් ගැන තියෙන විශ්වාසය නිසා දෙවියන්ට ළං වෙන්නත් ඔහුගේ මහත් කරුණාව අද්දකින්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.+ දෙවියන් අපිව තේජසට පත් කරනවා කියන බලාපොරොත්තුව අපිට තියෙන නිසා අපිට පුළුවන් සතුටින් ඉන්න.  අපිට සතුටු වෙන්න පුළුවන් ඒ නිසා විතරක් නෙමෙයි. පීඩා එද්දීත් අපිට සතුටු වෙන්න පුළුවන්.+ මොකද පීඩාවලට මූණ දෙද්දී විඳදරාගන්න අපි ඉගෙනගන්නවා.+  අපි පීඩා විඳදරාගද්දී දෙවියන් අපි ගැන සතුටු වෙනවා කියලා අපිට දැනෙනවා.+ දෙවියන් අපි ගැන සතුටු වෙනවා කියලා දැනෙද්දී ඒක අපේ හිත්වල බලාපොරොත්තුවක් ඇති කරනවා.+  ඒ බලාපොරොත්තුව ඉටු වෙනවා කියලා අපිට ස්ථිරයි.+ මොකද දෙවියන් අපිට ලබා දෙන ඔහුගේ බලය මාර්ගයෙන් ඔහු අපිට ආදරෙයි කියලා අපේ හිත්වලට දැනෙන්න සලස්වනවා.+ ඒ ආදරෙන් අපේ හිත් පිරිලා යනවා.  දෙවියන් නියම කරපු කාලේදී ක්‍රිස්තුස් පව්කාරයන්* වෙනුවෙන් මැරුණා. ඔහු තමන්ගේ ජීවිතේ දුන්නේ අපි අසරණ තත්වයක* ඉද්දියි.+  හරි දේ කරන* කෙනෙක් වෙනුවෙන් කෙනෙක් මැරෙන්නේ හරිම කලාතුරකින්. යහපත් කෙනෙක් වෙනුවෙන් නම් කෙනෙක් මැරෙන්න කැමති වෙන්න පුළුවන්.  ඒත් ක්‍රිස්තුස් අපි වෙනුවෙන් මැරුණේ අපි පව්කාරයන් වෙලා ඉද්දියි.+ අපි ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා දෙවියන් පෙන්නුවේ ඒ විදිහටයි.  යේසුස් තමන්ගේ ලේ හලපු නිසා අපිව දැන් ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලා තියෙනවා.+ ඉතින් දෙවියන්ගේ කේන්තියෙන් අපිට ගැලවෙන්න පුළුවන්+ කියලා දැන් කලින්ටත් වඩා අපිට විශ්වාසයි. 10  දෙවියන්ගේ හතුරන් වෙලා හිටපු අපිට දෙවියන් එක්ක සමාදාන වෙලා ඔහුගේ යාළුවන් වෙන්න පුළුවන් වුණා. ඒ ඔහුගේ පුතාගේ මරණය නිසයි.+ ඒත් යේසුස් දැන් ජීවත් වෙනවා. එහෙමනම් දැනටමත් දෙවියන් එක්ක සමාදාන වෙලා ඉන්න අපිට, ගැලවීම ලැබෙනවා කියන දේ ගැන තව කොච්චර වැඩියෙන් ස්ථිර වෙන්න පුළුවන්ද! 11  ඒ විතරක් නෙමෙයි අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන් එක්ක අපිට බැඳීමක් ඇති කරගන්න පුළුවන් වුණ එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම දෙවියන් එක්ක ආයෙත් අපිට සමාදාන වෙන්න පුළුවන්+ වුණේ යේසුස් නිසයි. 12  එක මිනිසෙක් නිසා ලෝකෙට පව්කාරකම* ඇතුල් වුණා. ඒ පව්කාරකමේ ප්‍රතිඵලය මරණයයි.+ මරණය හැමෝටම උරුම වුණා. මොකද හැමෝම වැරදි කළා.+ . . . 13  නීතිය දෙන්න කලින් ඉඳන්ම පව්කාරකම ලෝකේ තිබුණා. ඒත් නීතියක් තිබුණේ නැති නිසා වරදක් කළා කියලා කාටවත් චෝදනා කළේ නැහැ.+ 14  ආදම්ගේ කාලේ ඉඳලා මෝසෙස්ගේ කාලේ වෙන කල්ම මරණය රජකම් කළා. ආදම් කරපු විදිහේ වරදක් කළේ නැති අයට වුණත් මරණයට යටත් වෙන්න වුණා. ආදම් සහ එන්න හිටපු කෙනා අතරේ යම් සමානකම් තිබුණා.+ 15  ඒත් දෙවියන් දුන්න තෑග්ග නිසා ලැබෙන ප්‍රතිඵල ආදම්ගේ වරද නිසා ලැබුණ ප්‍රතිඵලවලට වඩා ගොඩක් වෙනස්. එක මිනිසෙක් වුණ ආදම්ගේ වරද නිසා මිනිස්සු හුඟදෙනෙක් මැරුණා. ඒත් දෙවියන් මහත් කරුණාව පෙන්නලා දුන්න තෑග්ග නිසා ලැබෙන දේ ඊට වඩා ගොඩක් වෙනස්. එක මිනිසෙක් වුණ යේසුස් ක්‍රිස්තුස් පෙන්නපු මහත් කරුණාව නිසා+ ලැබුණ ඒ තෑග්ගෙන් හුඟදෙනෙක්ට ප්‍රයෝජන ලැබෙනවා.+ 16  දෙවියන් දුන්න තෑග්ග නිසා ලැබෙන ප්‍රතිඵල සහ එක මිනිසෙක් වුණ ආදම්ගේ වරද නිසා ලැබුණ ප්‍රතිඵල අතරේ තවත් වෙනසක් තියෙනවා.+ ආදම්ගේ එක වරදක් නිසා මිනිස්සු හැමෝම වැරදිකරුවන් කියලා තීන්දු කළා.+ ඒත් දෙවියන් දුන්න තෑග්ග නිසා මිනිස්සු ගොඩක් වැරදි කරලා තිබුණත් එයාලා ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් වුණා.+ 17  එක මිනිසෙක් කරපු වරද නිසා මරණය රජකම් කරන්න පටන්ගත්තා.+ එහෙමනම් දෙවියන්ගේ මහත් කරුණාව හැම අතින්ම අද්දකින, ඔහු දෙන තෑග්ග නිසා ධර්මිෂ්ඨ අය විදිහට සලකන+ හැමෝටම එක මිනිසෙක් වුණ යේසුස් ක්‍රිස්තුස් කරපු දේ නිසා+ ලැබෙන දේ ඊට වඩා කොච්චර ස්ථිර වෙන්න ඕනෙද! යේසුස් නිසා ඒ අයට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. එයාලා රජකම් කරන්නත් යනවා.+ 18  එක වරදක් නිසා හැම ජාතියකටම, පසුබිමකටම අයිති මිනිස්සුන්ට මරණ දඬුවම නියම වුණා+ වගේ එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් නිසා හැම ජාතියකටම, පසුබිමකටම අයිති අයව+ ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලා එයාලට ජීවනය ලබා දෙනවා.+ 19  එක මිනිසෙක් අකීකරු වුණ නිසා හුඟදෙනෙක් වැරදිකරුවන් වුණා.+ ඒ විදිහටම එක් කෙනෙක්ගේ කීකරුකම නිසා හුඟදෙනෙක්ව ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා.+ 20  නීතිය ලබා දුන්නේ මිනිස්සු කොච්චර වැරදි කරනවාද කියලා පෙන්නන්නයි.+ මිනිස්සු අතින් කොයි තරම් වැරදි වෙනවාද කියලා පැහැදිලි වෙද්දී දෙවියන් පෙන්නන මහත් කරුණාව කොයි තරම්ද කියන දේත් තව වැඩියෙන් පැහැදිලි වුණා. 21  පාපය රජෙක් වගේ පාලනය කරනවා. ඒකේ ප්‍රතිඵලය මරණයයි.+ දෙවියන්ගේ මහත් කරුණාවත් ධර්මිෂ්ඨකම මාර්ගයෙන්* රජකම් කරනවා. ඒකේ ප්‍රතිඵලය අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සදාකාල ජීවනය ලැබෙන එකයි.+

පාදසටහන්

හෝ, “දෙවියන්ගෙන් ඈත් වුණ අය.”
හෝ, “පව්කාරයන්ව.”
හෝ, “ධර්මිෂ්ඨ.”
හෝ, “පාපය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මේකෙන් අදහස් කරන්නේ යේසුස් ගත කරපු ධර්මිෂ්ඨ ජීවිතේ නැත්නම් දෙවියන් මිනිස්සුන්ව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන එක.