රෝමවරුන්ට 6:1-23

  • ක්‍රිස්තුස් එක්ක බැඳිලා ඉන්න බව්තීස්ම වුණ අයට අලුත් ජීවිතයක් (1-11)

  • පව්කාරකමට ඔයාලව පාලනය කරන්න ඉඩ දෙන්න එපා (12-14)

  • පව්කාරකමට දාසයන් වෙලා හිටපු අය දෙවියන්ගේ දාසයන් වෙයි (15-23)

    • පව්කාරකමට ගෙවන කුලිය මරණය; දෙවියන් දෙන තෑග්ග ජීවනය (23)

6  ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ මහත් කරුණාව තව වැඩියෙන් අද්දකින්න ඕනෙ නිසා අපි වැරදි වැඩම කරකර ඉන්න ඕනෙ කියලද?  කොහොමටවත් නැහැ. මොකද පව්කාරකම නෙමෙයි දැන් අපිව පාලනය කරන්නේ.+ එහෙමනම් දිගටම වැරදි කරකර ජීවත් වෙන එක ගැන හිතන්නවත් පුළුවන්ද?+  අපි බව්තීස්ම වුණේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්නයි.+ අපේ බව්තීස්මයට ඔහු අද්දැක්කා වගේ මරණයක් අද්දකින එකත්+ අයිතියි කියලා ඔයාලා දන්නේ නැද්ද?  ඔහු අද්දැක්කා වගේ මරණයක් අද්දකින්න අපි බව්තීස්ම වෙලා ඉන්න නිසා ඔහු එක්ක අපිවත් තැන්පත් කළා කියලා කියන්න පුළුවන්.+ ස්වර්ගයේ ඉන්න තාත්තාගේ තේජවත් බලයෙන් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා වගේ අපිටත් දැන් අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව තියෙනවා.+  අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නේ ඔහු මැරුණා වගේ අපිත් යම් විදිහකින් මැරිලා ඉන්න නිසා+ විතරක් නෙමෙයි. ඔහුව නැවත නැඟිට්ටවපු විදිහටම අපිවත් නැවත නැඟිට්ටවන්න යන නිසාත් අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා.+  ඔහුව වධකණුවේ ඇණ ගහද්දී අපේ පරණ පෞද්ගලිකත්වයත් ඔහු එක්ක වධකණුවේ ඇණ ගැහුවා+ කියලා අපි දන්නවා. එහෙම කළේ අපේ පව්කාර ශරීරවලට අපිව තවත් පාලනය කරන්න බැරි වෙන්නයි.+ ඉතින් අපි දැන් පාපයට වහල් වෙලා ඉන්න ඕනෙ නැහැ.+  මොකද කෙනෙක් මැරෙද්දී එයා කරපු වැරදිවලින් එයා නිදහස් වෙනවා.*  අපි ක්‍රිස්තුස් එක්ක මැරුණා වගේම අපි ඔහු එක්ක ජීවත් වෙනවා කියලත් අපිට විශ්වාසයි.  ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිට්ටවලා තියෙන නිසා+ ඔහු ආයේ කවදාවත් මැරෙන්නේ නැහැ+ කියලා අපි දන්නවා. ඔහුව පාලනය කරන්න* මරණයට ආයේ බැහැ. 10  ඔහු මැරුණේ පාපය හැමදාටම නැති කරලා දාන්නයි. ඒක ආයේ කරන්න ඕනෙ වෙන්නේ නැහැ.+ දැන් ඔහු ජීවත් වෙන්නේ දෙවියන් කැමති දේ කරන්නයි. 11  ඔයාලත් ඔයාලාගේ පව්කාරකම මරලා දාලා කියලා හිතන්න. ඒත් ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් විදිහට දෙවියන් කැමති දේ කරන්න ජීවත් වෙන්න.+ 12  ඔයාලා කරන කියන දේවල් පාලනය කරන්න පව්කාරකමට ඉඩ දෙන්න එපා.+ මරණයට නියම වෙලා තියෙන ඔයාලාගේ ශරීරයේ ආශාවන්වලට යටත් වෙන්න එපා. 13  දුෂ්ට දේවල් කරන්න පාවිච්චි කරන ආයුධ වගේ ඔයාලාගේ ශරීර පව්කාරකමට සේවය කරන්න භාර දෙන්න එපා. ඒ වෙනුවට මැරිලා ඉඳලා දැන් ජීවත් වෙන ඔයාලා, ඔයාලාගේ ජීවිත දෙවියන්ට දෙන්න. යහපත් දේවල් කරන්න ගන්න ආයුධ වගේ ඔයාලාගේ ශරීර දෙවියන්ට සේවය කරන්න භාර දෙන්න.+ 14  පව්කාරකමට ඔයාලව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. මොකද ඔයාලා දැන් ඉන්නේ නීතිය යටතේ නෙමෙයි.+ ඔයාලා දැන් දෙවියන්ගේ මහත් කරුණාව අද්දකිනවා.+ 15  ඒකෙන් අදහස් කරන්නේ අපිට දෙවියන්ගේ මහත් කරුණාව ලැබෙන නිසාත්+ අපි නීතිය යටතේ නැති නිසාත් වරදක් කළාට කමක් නැහැ කියන එකද? එහෙම හිතන එක වැරදියි. 16  කෙනෙක්ට යටත් වෙලා එයාට කීකරු වෙන්න කැමති වෙනවා නම් ඔයාලා එයාගේ දාසයෙක් වෙනවා+ කියලා දන්නේ නැද්ද? ඔයාලා එක්කෝ පව්කාරකමට දාසයන් වුණ අය, එහෙම නැත්නම් කීකරුකමට දාසයන් වුණ අය. පව්කාරකමට දාසයන් වෙද්දී+ ඒකේ ප්‍රතිඵලය මරණය.+ කීකරුකමට දාසයන් වෙද්දී ඒකේ ප්‍රතිඵලය ධර්මිෂ්ඨ ජීවිතයක්. 17  ඔයාලා කාලයක් පව්කාරකමට දාසයන් වෙලා හිටියත් ඔයාලට කියලා දුන්න ඉගැන්වීම්වලට දැන් ඔයාලා මුළු හදවතින්ම කීකරු වෙනවා. ඒ ගැන අපි දෙවියන්ට ස්තුති කරනවා. 18  පව්කාරකමෙන් නිදහස් කළාට පස්සේ+ ඔයාලා ධර්මිෂ්ඨකමට දාසයන් වුණා.+ 19  පව්කාරකම නිසා ඔයාලා දුර්වලයි. ඒකයි මං ඔයාලට තේරුම්ගන්න ලේසි විදිහට මේ දේවල් කියලා දෙන්නේ. කාලයක් අපවිත්‍ර, දුෂ්ට දේවල්වලට දාසයන් වෙන්න ඔයාලා ඔයාලාගේ ශරීරවලට ඉඩ දුන්නා. ඒත් දැන් ඔයාලා ධර්මිෂ්ඨයි, ශුද්ධයි කියලා සලකන දේවල්වලට දාසයන් වෙන්න ඔයාලාගේ ශරීරවලට ඉඩ දෙන්න ඕනේ.+ 20  පව්කාරකමට වහල් වෙලා ඉද්දී හරි දේ කරන්න ඕනෙ කියන හැඟීම ඔයාලට ආවේ නැහැ. 21  ඒ කාලේ ඔයාලා කරපු දේවල්වලින් ලැබුණ ප්‍රතිඵලය මොකක්ද? ඒවා ගැන දැන් හිතද්දී ඔයාලට දැනෙන්නේ ලැජ්ජාවක්. ඒ දේවල්වල අවසානය මරණයයි.+ 22  ඒත් දැන් ඔයාලව පව්කාරකමෙන් නිදහස් කරලා තියෙන නිසා දෙවියන්ගේ දාසයන් විදිහට ශුද්ධ දේ කරන්න.+ ඒකේ ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.+ 23  පව්කාරකමට ගෙවන කුලිය මරණයයි.+ ඒත් දෙවියන් දෙන තෑග්ග සදාකාල ජීවනයයි.+ ඒ තෑග්ග ලැබෙන්නේ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්.+

පාදසටහන්

හෝ, “වැරදිවලට එයාට සමාව ලැබෙනවා.”
හෝ, “යටත් කරගන්න.”