රෝමවරුන්ට 7:1-25

  • නීතියෙන් නිදහස් කියලා පෙන්නන උදාහරණයක් (1-6)

  • නීතිය පව්කාරකම පෙන්නයි (7-12)

  • පව්කාරකම එක්ක කරන සටන (13-25)

7  සහෝදරයෙනි, නීතිය ගැන දන්න ඔයාලටයි මම මේ කතා කරන්නේ. නීතියට කෙනෙක්ව පාලනය කරන්න පුළුවන් ඒ කෙනා ජීවත් වෙලා ඉන්න කාලේදී විතරයි කියලා ඔයාලා දන්නේ නැද්ද?  උදාහරණෙකට විවාහ වෙලා ඉන්න කාන්තාවක් ගැන හිතන්න. සැමියා ජීවත් වෙලා ඉන්න කල් එයා නීතියෙන් සැමියාට බැඳිලා ඉන්නවා. ඒත් සැමියා මැරුණොත් ඒ කාන්තාව තමන්ගේ සැමියාගේ නීතියෙන් නිදහස් වෙනවා.+  ඒ කාන්තාව සැමියා ජීවත් වෙලා ඉද්දී වෙන පුරුෂයෙක් එක්ක විවාහ වුණොත් එයාව සලකන්නේ අනාචාරයේ යෙදෙන කෙනෙක් විදිහටයි.+ ඒත් එයාගේ සැමියා මැරුණොත් එයා තවදුරටත් සැමියාගේ නීතියට යටත් නැහැ. ඊටපස්සේ එයා තව පුරුෂයෙක් එක්ක විවාහ වුණොත් එයාව අනාචාරයේ යෙදෙන කෙනෙක් විදිහට සලකන්න බැහැ.+  මගේ සහෝදරයෙනි, ඔයාලා හිටියේ නීතියට යටත් අය විදිහටයි. ඒත් ක්‍රිස්තුස් පූජා කරපු ඔහුගේ ශරීරය මාර්ගයෙන් ඔයාලව නීතියෙන් නිදහස් කළා. එහෙම කළේ වෙනත් කෙනෙක්ට+ ඒ කියන්නේ මරණයෙන් නැවත නැඟිට්ටවපු තැනැත්තාට අයිති අය වෙන්න+ ඔයාලට අවස්ථාව දෙන්නයි. ඒ නිසා දැන් අපිට පුළුවන් දෙවියන් වෙනුවෙන් සේවය කරන්න.*+  පව්කාර ආශාවන්වලට යටත් වෙලා අපි ජීවත් වුණ කාලේදී ඒ ආශාවන් නිසා අපි* වැරදි දේවල් කළා කියලා නීතිය අපිට පෙන්නලා දුන්නා. ඒ ආශාවන් අපිව අරන් යන්නේ මරණයට විතරයි.*+  ඒත් නීතිය තවදුරටත් අපිව හිර කරලා තියන්නේ නැති නිසා දැන් අපි නීතියෙන් නිදහස්.+ ඒ නිසා අලුත් විදිහකින් දෙවියන්ගේ දාසයන් වෙන්න දැන් අපිට පුළුවන්. ඒ කලින් වගේ ලියලා තිබුණ නීතියකට යටත් වෙලා නෙමෙයි+ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට යටත් වෙලයි.+  අපි මේ කියන්න හදන්නේ නීතියේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලද? නැහැ. නීතිය තිබුණේ නැත්නම් වැරදි දේ කියන්නේ මොකක්ද කියලා මං කීයටවත් තේරුම්ගන්නේ නැහැ.+ උදාහරණෙකට “අනිත් අයට අයිති දේවල් ගැන ආශාවක් ඇති කරගන්න එපා”+ කියලා නීතියේ තිබුණේ නැත්නම් අනිත් අයගේ දේවල්වලට ආස කරන එක වැරදියි කියලා මට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ නැහැ.  ඒත් ඒ ආඥාව නිසා මගේ හිතේ ඒ වගේ එක එක ආශාවන් තියෙනවා කියලා මට තේරුණා. ඒකෙන් මගේ පව්කාරකම තවත් පැහැදිලි වුණා. නීතිය තිබුණේ නැත්නම් පව්කාරකම කොච්චර බලවත්ද කියලා දැනෙන්නේ නැහැ.+  නීතිය දෙන්න කලින් මම ජීවත් වුණා. ඒත් නීතිය දුන්නාට පස්සේ මම පව්කාරයෙක් කියන දේ පැහැදිලි වුණා. මං පව්කාරයෙක් නිසා මං මැරුණා.+ 10  මාව ජීවනයට අරන් යන්න ඕනෙ නීතිය+ ඇත්තටම මාව මරණයට අරන් ගියා. 11  මොකද නීතිය මගේ පව්කාරකම මට පෙන්නලා දුන්නා. ඒ පව්කාරකම මාව රවට්ටලා මාව මරලා දැම්මා. 12  නීතිය තාමත් ශුද්ධයි. ඒකේ තියෙන ආඥා ශුද්ධයි, හැම අතින්ම ධර්මිෂ්ඨයි, යහපත්.+ 13  ඒ කියන්නේ යහපත් දෙයක් වුණ නීතිය නිසාද මම මැරුණේ? නැහැ. පව්කාරකමයි මගේ මරණයට හේතු වුණේ. නීතිය යහපත්. ඒකෙන් කළේ මගේ මරණයට හේතුව පව්කාරකම කියලා පෙන්නලා දුන්න එකයි.+ පව්කාරකම කොච්චර දරුණුද කියලා නීතිය නිසා පැහැදිලි වුණා.+ 14  අපි දන්නවා නීතිය අයිති දෙවියන්ට කියලා. ඒත් මම වරදට පෙලඹෙන පව්කාරයෙක්. දාසයෙක් විදිහට මාව පව්කාරකමට විකුණලයි තියෙන්නේ.+ 15  ඇත්තටම මම කරන දේවල් ඇයි මං කරන්නේ කියලා මං දන්නේ නැහැ. මම කරන්නේ මං කරන්න කැමති දේ වෙනුවට කරන්න අකමැතිම දේ. 16  නීතිය යහපත් කියලා මම පිළිගන්නවා. ඒත් මං කරන්න අකමැති දේවල් මං තාමත් කරනවා. 17  ඉතින් මේ නරක දේවල් ඇත්තටම කරන්නේ මම නෙමෙයි මගේ ශරීරයේ* තියෙන පව්කාරකම.+ 18  මං ගාව ඒ කියන්නේ මගේ පව්කාර ශරීරයේ යහපත් කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. යහපත් දේ කරන්න මට ආසාවක් තිබුණත් ඒ දේ කරන්න මට පුළුවන්කමක් නැහැ.+ 19  මොකද මං කරන්නේ මං කරන්න කැමති යහපත් දේවල් නෙමෙයි මං කරන්න අකමැති, නරක දේවල්මයි. 20  ඉතින් මං කරන්නේ මං කරන්න අකමැති දේවල් නම් ඒවා කරන්නේ මං කියලා කියන්න බැහැ. මගේ ශරීරයේ* තියෙන පව්කාරකම තමයි ඒ දේවල් කරන්නේ. 21  මේ දේ ඇත්තක් කියලා මට කියන්න පුළුවන්. හරි දේ කරන්න මට ඕනෙ වුණත් වැරදි දේ කරන්න තමයි පෙලඹීමක් එන්නේ.+ 22  ඇත්තටම මම හිතින්* දෙවියන්ගේ නීතියට ගොඩක් ආදරේ කරනවා.+ 23  ඒත් මගේ මනසේ තියෙන ඒ නීතියට+ විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරයේ තියෙනවා කියලා මට තේරෙනවා. මගේ ශරීරයේ තියෙන පව්කාරකම කියන ඒ නීතිය මාව වහලෙක් වගේ ඇදගෙන යනවා.+ 24  මං කොච්චර කාලකණ්ණි මනුස්සයෙක්ද! මරණයට මාව ඇදගෙන යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද? 25  මං දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා. මොකද ඔහු අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරගන්නවා. ඉතින් මං මගේ මනසින් දෙවියන්ගේ නීතියට දාසයෙක් වෙලා ඉන්නවා. ඒත් මගේ ශරීරය පව්කාරකම කියන නීතියට වහල් වෙලා ඉන්නවා.+

පාදසටහන්

මූ.අ., “දෙවියන් වෙනුවෙන් පල දරන්න.”
මූ.අ., “අපේ ශරීර.”
මූ.අ., “ඒ ආශාවන්වලින් ලැබෙන පලදාව මරණයයි.”
හෝ, “මං තුළ.”
හෝ, “මං තුළ.”
හෝ, “හද පත්ලෙන්ම.”