ලූක් 2:1-52

  • යේසුස්ගේ උපත (1-7)

  • දේවදූතයන් එඬේරුන් ඉස්සරහට එයි (8-20)

  • චර්මච්ඡේදනය සහ පවිත්‍ර වීමේ චාරිත්‍රය (21-24)

  • සිමියොන්ට යේසුස්ව දකින්න ලැබෙයි (25-35)

  • ආනා දරුවා ගැන කතා කරයි (36-38)

  • නාසරෙත්වලට ආයෙත් එයි (39, 40)

  • අවුරුදු දොළහේදී යේසුස් දේවමාලිගාවට යයි (41-52)

2  ඒ කාලයේදී ඔගස්ටස් සීසර් එයාගේ අධිරාජ්‍යය යටතේ ඉන්න* හැමෝටම ලියාපදිංචි වෙන්න කියලා නියෝග කළා.  (මේ මුල්ම ලියාපදිංචි කිරීම සිද්ධ වුණේ කිරිනියස් සිරියාවේ ආණ්ඩුකාරයා විදිහට හිටපු කාලයෙදියි.)  ඉතින් හැමෝම ලියාපදිංචි වෙන්න තම තමන්ගේ ගම්වලට ගියා.  යෝසෙප්+ දාවිත්ගේ පෙළපතින් ආපු කෙනෙක් නිසා එයා ගලීලයේ තියෙන නාසරෙත් නගරයෙන් පිටත් වෙලා යුදයේ තිබුණ දාවිත්ගේ නගරයට ගියා. ඒ නගරය හඳුන්වන්නේ බෙත්ලෙහෙම කියලා.+  එයා මරියා එක්ක එහෙට ගියේ ලියාපදිංචි වෙන්න. ඒ වෙද්දී යෝසෙප් එක්ක විවාහ වෙලා හිටිය+ මරියාට දරුවා ලැබෙන කාලය ළං වෙලයි තිබුණේ.+  එයාලා එහේ ඉද්දී දරුවා ලැබෙන දවස උදා වුණා.  මරියාට එයාගේ කුලුඳුල් පුතාව+ ලැබුණාට පස්සේ එයා දරුවාව රෙදි පටිවලින් ඔතලා ගවඔරුවක තිබ්බා.+ මොකද නවාතැනේ එයාලට ඉන්න කිසිම ඉඩක් තිබුණේ නැහැ.  මේ අතරේ ඒ ප්‍රදේශයේම හිටිය එඬේරු රෑ එළිමහනේ එයාලාගේ බැටළු රැළවල් බලාගෙන හිටියා.  ඒ වෙලාවේ එකපාරටම යෙහෝවාගේ* දූතයෙක් එයාලා ඉස්සරහට ආවා. යෙහෝවාගේ* තේජස එයාලා වටේ විහිදුණා. ඒ නිසා එයාලා හුඟක් බය වුණා. 10  ඒත් ඒ දේවදූතයා එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. මොකද මම ආවේ හැමෝගෙම හිත්වලට ලොකු සතුටක් ගේන සුබ ආරංචියක් ඔයාලට කියන්නයි. 11  අද දාවිත්ගේ නගරයේ+ ඔයාලාගේ ගැලවුම්කරු+ ඉපදුණා. ස්වාමීන් වන ක්‍රිස්තුස් ඔහුයි.+ 12  ගවඔරුවක ඉන්න, රෙදි පටිවලින් ඔතපු ළදරුවෙක්ව ඔයාලට හම්බ වෙයි. ඔහුව අඳුරගන්න තියෙන ලකුණ ඒකයි.” 13  ඒ වෙලාවෙම ස්වර්ගයේ ඉන්න දේවදූත සේනාවෙන් විශාල පිරිසක්+ ඒ දේවදූතයා එක්ක එකතු වෙලා දෙවියන්ට මෙහෙම ප්‍රශංසා කළා. 14  “ස්වර්ගයේ ඉන්න දෙවියන්ට හැම ප්‍රශංසාවක්ම ගෞරවයක්ම ලැබේවා! දෙවියන්ගේ කරුණාව* ලැබෙන, පොළොවේ ඉන්න මිනිස්සුන්ට සාමය ලැබේවා!” 15  ඒ දේවදූතයන් ආපහු ස්වර්ගයට ගියාට පස්සේ එඬේරු මෙහෙම කතා වුණා. “අපි දැන්මම බෙත්ලෙහෙමට ගිහිල්ලා මොනවාද වෙලා තියෙන්නේ කියලා බලමු. එතකොට යෙහෝවා* අපිට දන්වපු දේවල් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.” 16  එයාලා ඉක්මනටම ගිහින් මරියාවත් යෝසෙප්වත් ගවඔරුවේ නිදාගෙන ඉන්න ළදරුවාවත් හොයාගත්තා. 17  එඬේරු දරුවාව දැක්කාම දරුවා ගැන එයාලට දැනගන්න ලැබුණ පණිවිඩය හැමෝටම කිව්වා. 18  එඬේරු කියපු දේවල් අහපු හැමෝම හුඟක් පුදුම වුණා. 19  ඒත් මරියා එයාලා කියපු හැම දේකම අර්ථය ගැන හොඳට හිතලා ඒවා එයාගේ හිතේ තියාගත්තා.+ 20  ඊටපස්සේ එඬේරු එයාලට අහන්න දකින්න ලැබුණ හැම දෙයක් ගැනම දෙවියන්ට ප්‍රශංසාව, ගෞරවය දෙන ගමන් එයාලා හිටපු තැන්වලට ආයෙත් ගියා. මොකද ඒ හැම දෙයක්ම එයාලට කියලා තිබුණ විදිහටම ඉටු වුණා. 21  දරුවා ඉපදිලා අටවෙනි දවසේදී, ඒ කියන්නේ දරුවාව චර්මච්ඡේදනය+ කරන දවස ආවාම එයාට යේසුස් කියන නම තිබ්බා. ඒක තමයි දරුවාව පිළිසිඳගන්නත් කලින් දේවදූතයා එයාට තියන්න කියපු නම.+ 22  මෝසෙස්ගේ නීතියේ කියලා තියෙන විදිහට පවිත්‍ර වීමේ චාරිත්‍රය කරන දවස ආවා.+ ඉතින් එයාලා දරුවාවත් අරගෙන යෙරුසලමට ගිහින් දරුවාව කැප කරන්න යෙහෝවා* ඉස්සරහට අරන් ගියා. 23  එයාලා එහෙම කළේ “හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම ශුද්ධ කෙනෙක් විදිහට යෙහෝවාට* කැප කළ යුතුයි”+ කියලා යෙහෝවාගේ* නීතියේ ලියලා තියෙන නිසයි. 24  ඒ වගේම “කොබෙයියන් දෙන්නෙක් හරි පරෙවියන්* දෙන්නෙක් හරි” පූජාවක් විදිහට ඔප්පු කරන්න+ කියලා යෙහෝවාගේ* නීතියේ සඳහන් වුණා. එයාලා ඒ දේත් කළා. 25  මේ කාලයේදී සිමියොන් කියලා කෙනෙක් යෙරුසලමේ හිටියා. එයා දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ, ධර්මිෂ්ඨ කෙනෙක්. දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟට සැනසීම ලබා දෙන දවස එන කල්+ බලන් හිටපු සිමියොන් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වුණා. 26  ඒ වගේම දෙවියන් ඔහුගේ බලයෙන් එයාට හෙළි කරලා තිබුණා, මැරෙන්න කලින් යෙහෝවා* දෙවියන් එවන ක්‍රිස්තුස්ව දකින්න එයාට අවස්ථාව ලැබෙනවා කියලා. 27  දෙවියන් ඔහුගේ බලයෙන් එයාට දේවමාලිගාවට යන්න මඟ පෙන්නුවා. ඒ වෙලාවෙම තමයි නීතියේ සඳහන් වෙලා තිබුණ චාරිත්‍රය ඉටු කරන්න+ දරුවාගේ දෙමාපියන් දරුවාවත් අරගෙන දේවමාලිගාව ඇතුළට ආවේ. 28  සිමියොන් දරුවාව එයාගේ අතට අරන් දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කිව්වා. 29  “ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, ඔබ මට කියපු දේ අද ඉටු වෙලා. ඒ නිසා මට දැන් සැනසිල්ලේ මැරෙන්න පුළුවන්.+ 30  මොකද මිනිස්සුන්ව ගලවගන්න+ ඔබ එවපු කෙනාව ඇස් දෙකෙන්ම දකින්න මට පුළුවන් වුණා. 31  ඔබ එවපු ඒ කෙනාව හැමෝටම දකින්න ඔබ අවස්ථාව දීලා තියෙනවා.+ 32  ඔහු අඳුරෙන් වැහිලා ගිය ජාතීන්ට+ එළියක් වෙනවා.+ ඔහු ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරේ මහත් තේජසට පත් වෙනවා.” 33  දරුවා ගැන කියපු ඒ දේවල් ඇහුවාම එයාගේ අම්මායි, තාත්තායි හුඟක් පුදුම වුණා. 34  සිමියොන් ඒ දෙන්නාට ආශීර්වාද කරලා දරුවාගේ අම්මා වන මරියාට මෙහෙම කිව්වා. “මේ දේ හිතට ගන්න. මේ දරුවා නිසා ඊශ්‍රායෙල්වල ඉන්න සමහරු වැටෙයි.+ තවත් අය ආපහු නැඟිටියි.+ ඔහු මිනිස්සුන්ගේ නින්දාවට ලක් වෙන ලකුණක් වෙයි.+ 35  ඒකෙන් හුඟදෙනෙක්ගේ හිත්වල තියෙන දේ හෙළි වෙයි. (ඇත්තටම ඔහු නිසා දිග කඩුවක් ඔයාගේ හිත පසාරු කරගෙන යයි.)”+ 36  ඒ කාලයේදී ආෂෙර් ගෝත්‍රයට අයිති ෆානුඑල්ගේ දුව වුණ ආනා කියලා මහලු කාන්තාවක් හිටියා. එයා අනාගතවක්තෘවරියක්. කලින් එයා විවාහ වෙලා හිටියත් එයාට පවුල් ජීවිතය ගත කරන්න ලැබුණේ අවුරුදු හතක් විතරයි. 37  මේ වැන්දඹුවගේ වයස අවුරුදු 84යි. එයා එක දවසක්වත් අතපසු කරන්නේ නැතුව දේවමාලිගාවට ගියා. එයා එහෙදී රෑ දවල් දෙකේම නිරාහාරව ඉඳලා දෙවියන්ට කන්නලව් කරමින් ඔහුට නමස්කාර* කළා. 38  යෝසෙප් සහ මරියා දේවමාලිගාවේ ඉද්දී ආනා එයාලා ළඟට ඇවිත් දෙවියන්ට ස්තුති කරන්න පටන්ගත්තා. දෙවියන් යෙරුසලමට ගැලවීම ලබා දෙන කල් බලාගෙන හිටපු හැමෝටම එයා ඒ දරුවා ගැන කතා කළා.+ 39  යෙහෝවාගේ* නීතියේ කියලා තිබුණ+ හැම දෙයක්ම කළාට පස්සේ එයාලා තමන් ජීවත් වුණ නගරය වන ගලීලයේ නාසරෙත්වලට ගියා.+ 40  දරුවා උස් මහත් වෙලා හොඳින් වැඩුණා. දවසින් දවස එයාගේ ප්‍රඥාව වැඩි වුණා. දෙවියන්ගේ කරුණාවත් දිගටම එයාට ලැබුණා.+ 41  දරුවාගේ දෙමාපියන් හැම අවුරුද්දකම පාස්කු උත්සවය සමරන්න යෙරුසලමට යන්න පුරුදු වෙලා හිටියා.+ 42  දරුවාට අවුරුදු 12ක් වෙද්දී එයාලා පුරුදු විදිහටම උත්සවය පවත්වන්න එහෙට ගියා.*+ 43  උත්සව දවස් ඉවර වුණාට පස්සේ එයාලා ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඒත් යේසුස් එයාලා එක්ක යන්නේ නැතුව යෙරුසලමේම නැවතිලා හිටියා. හැබැයි එයාගේ දෙමාපියන් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. 44  එයාලා එක්ක යන අය අතරේ යේසුස් ඉන්නවා ඇති කියලයි එයාලා හිතුවේ. දවසක දුරක් ගියාට පස්සේ තමයි එයාලා දැනගත්තේ යේසුස් නැහැ කියලා. ඉතින් එයා නෑදෑයෝ එක්කයි, දන්න අඳුරන අය එක්කයි ඉන්නවාද කියලා එයාලා හොයන්න පටන්ගත්තා. 45  දරුවාව හොයාගන්න බැරි වුණ නිසා එයාලා ආපහු යෙරුසලමට ගිහින් හැම තැනම එයාව හෙව්වා. 46  දවස් තුනකට පස්සේ එයාලා යේසුස්ව හොයාගත්තා. එයා හිටියේ දේවමාලිගාවේ. එයා එහේ හිටිය ගුරුවරු එක්ක ඉඳගෙන එයාලා කියන දේවල් අහගෙන ඉන්න අතරේ එයාලාගෙනුත් ප්‍රශ්න අහඅහ හිටියා. 47  එයා කියපු දේවල් අහගෙන හිටපු අය එයාට තිබුණ අවබෝධය ගැනත් එයා උත්තර දුන්න විදිහ ගැනත් පුදුම වුණා.+ 48  එයාව දැක්කාම යේසුස්ගේ දෙමාපියන්ට අදහාගන්න බැරි වුණා. ඒ වෙලාවේ එයාගේ අම්මා මෙහෙම කිව්වා. “පුතේ, ඇයි ඔයා අපිට මේ වගේ දෙයක් කළේ? තාත්තායි, මායි ඔයාව හොයන්න කොච්චර මහන්සි වුණාද! අපි හොඳටම බය වුණා!” 49  එතකොට එයා මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා මාව හෙව්වේ? මගේ තාත්තාගේ ගෘහයේ+ මං ඉන්න ඕනෙ කියලා ඔයාලා දැනගෙන හිටියේ නැද්ද?” 50  ඒත් එයා කිව්ව දේ තේරුම්ගන්න එයාලට බැරි වුණා. 51  ඊටපස්සේ යේසුස් එයාලා එක්ක නාසරෙත්වලට ගිහින් දිගටම එයාලට කීකරු වෙලා හිටියා.+ එයාගේ අම්මා දරුවා කියපු හැම දෙයක්ම එයාගේ හිතේ තියාගත්තා.+ 52  යේසුස් දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් හිත් දිනාගෙන ශක්තිමත් පුරුෂයෙක් විදිහට වැඩුණා. එයාගේ ප්‍රඥාවත් එන්න එන්නම වැඩි වුණා.

පාදසටහන්

මූ.අ., “පොළොව පුරාම ඉන්න මිනිස්සු.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “අනුමැතිය.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
ඒ කියන්නේ තරුණ පරෙවියන්.
උප. A5 බලන්න.
මූ.අ., “පරිශුද්ධ සේවය.”
උප. A5 බලන්න.
මූ.අ., “නැඟගෙන ගියා.”