ලූක් 3:1-38

  • යොහන් එයාගේ පැවරුම පටන්ගනියි (1, 2)

  • බව්තීස්ම වෙන්න කියලා යොහන් දේශනා කරයි (3-20)

  • යේසුස්ව බව්තීස්ම කරයි (21, 22)

  • යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපත් වාර්තාව (23-38)

3  ටයිබීරියස් සීසර් පාලනය කරපු 15වෙනි අවුරුද්දේ, යුදයේ ආණ්ඩුකාරයා වුණේ පොන්තියුස් පිලාත්. ගලීලයේ දිසාපති විදිහට පාලනය කළේ හෙරොද්.*+ ඉතුරය සහ ට්‍රකොනීටස් ප්‍රදේශවල දිසාපති වුණේ එයාගේ සහෝදරයා වුණ ෆිලිප්. අබිලේනියේ දිසාපති වුණේ ලිසානියස්.  ඒ කාලයේදී කායෆස් සහ අන්නස්+ නායක පූජකයන් විදිහට සේවය කළා. ඒ කාලයේදීම තමයි පාළුකරයේ හිටපු+ සෙකරියාගේ පුතා වුණ යොහන්ට+ දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණේ.  යොහන් යොර්දාන් ගඟ අවට තිබුණ මුළු ප්‍රදේශය පුරාම ගිහින් සෙනඟට දේශනා කළා. එයා කිව්වේ පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න බව්තීස්ම වෙන්න කියලා. ඒක වැරදිවලට සමාව ලබාගන්න උදව් වෙනවා කියලත් එයා කිව්වා.+  එයා කරපු ඒ දේ ගැන අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ කලින්ම ලියලා තිබුණා. ඒකේ තිබුණේ මෙහෙමයි. “පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.+  හැම නිම්නයක්ම ගොඩ කරන්න ඕනේ. කඳු හෙල් හැම එකක්ම සමතලා කරන්න ඕනේ. වංගු තියෙන පාරවල් කෙළින් කරලා රළු බිම් සමතලා කරන්න ඕනේ.  එතකොට දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ ජීවත් වෙන හැමෝම* දකියි.’”+  ලොකු සෙනඟක් බව්තීස්ම වෙන්න යොහන් ළඟට ආවා. එයා ඒ අයට මෙහෙම කිව්වා. “පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි, කවුද ඔයාලට කිව්වේ ළඟදීම මුහුණ දෙන්න වෙන දෙවියන්ගේ විනිශ්චයෙන් ඔයාලට බේරෙන්න පුළුවන් කියලා?+  ඇත්තටම පසුතැවිලි වෙනවා නම් ඒක ඔයාලා කරන දේවලින් පෙන්නන්න. ‘අපේ තාත්තා ආබ්‍රහම්’ කියලා හිතහිත ඔයාලවම රවට්ටගන්න එපා. දෙවියන්ට ඕනෙ නම් පුළුවන් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවෝ හදලා දෙන්න.  ගහ මුල ළඟින්ම කපලා දාන්න පොරොව දැනටමත් ලෑස්ති කරලයි තියෙන්නේ. හොඳ පල දරන්නේ නැති හැම ගහක්ම කපලා ගින්නට වීසි කරනවා.”+ 10  එතකොට සෙනඟ එයාගෙන් ඇහුවා “එහෙනම් අපි මොනවාද කරන්න ඕනෙ” කියලා. 11  යොහන් එයාලට මෙහෙම කිව්වා. “කෙනෙක්ට වැඩිපුර ඇඳුමක් තියෙනවා නම් එයාට පුළුවන් ඇඳුමක් නැති කෙනෙක්ට ඒක දෙන්න. කෙනෙක් ළඟ කෑම තියෙනවා නම් එයාට පුළුවන් කෑම නැති කෙනෙක් එක්ක ඒක බෙදාගන්න.”+ 12  බදු එකතු කරන අයත් බව්තීස්ම වෙන්න+ එයා ළඟට ආවා. “ගුරුතුමනි, අපි මොනවාද කරන්න ඕනෙ” කියලා එයාලා යොහන්ගෙන් ඇහුවා. 13  එයා මෙහෙම කිව්වා. “නියමිත බද්ද විතරක් එකතු කරන්න. වැඩිපුර අය කරන්න එපා.”+ 14  හමුදාවේ සේවය කරපු අයත් “අපි මොනවාද කරන්න ඕනෙ” කියලා එයාගෙන් ඇහුවා. “කාටවත් හිරිහැර කරන්න* එපා. කිසි කෙනෙක්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කරන්නත් එපා.+ ඔයාලට තියෙන දෙයින්* සෑහීමට පත් වෙන්න” කියලා එයා කිව්වා. 15  ඒ කාලේ හිටපු අය ක්‍රිස්තුස් එන කල් බලාගෙන හිටිය නිසා එයාලා යොහන් ගැන මෙහෙම හිතන්න පටන්ගත්තා. “මේ කෙනා ක්‍රිස්තුස් වෙන්න බැරිද?”+ 16  යොහන් කියපු මේ දෙයින් එයාලාගේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. “මං ඔයාලව බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඒත් මට වඩා බලවත් කෙනෙක් එනවා. ඔහුගේ පාවහන්වල පටි ලිහන්න තරම්වත් මං වටින්නේ නැහැ.+ ඔහු දෙවියන්ගේ බලයෙන් සහ ගින්නෙන් ඔයාලව බව්තීස්ම කරයි.+ 17  ඔහු දැනටමත් ධාන්‍ය පොළන ආයුධය* අතට අරගෙනයි තියෙන්නේ. ඒ, ඔහුගේ කමත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා තිරිඟු ටික ඔහුගේ ගබඩාවට රැස් කරන්නයි. ඒත් දහයියා ටික ඔහු කාටවත් නිවලා දාන්න බැරි ගින්නකින් පුච්චලා දානවා.” 18  යොහන් සෙනඟට තවත් හුඟක් දේවල් ගැන මඟ පෙන්වීම් දීලා දිගටම ශුභාරංචිය දේශනා කළා. 19  ඔය අතරේ, දිසාපති වුණ හෙරොද්ට යොහන් අවවාදයක් දුන්නා. එයා එහෙම කළේ හෙරොද් එයාගේ සහෝදරයාගේ බිරිඳ වුණ හෙරෝදියස් සම්බන්ධයෙන් කරපු වරද සහ එයා කරපු වෙනත් දුෂ්ට දේවල් නිසයි. 20  ඒ හැම වරදකටම අමතරව හෙරොද් තවත් වරදක් කළා. ඒ තමයි යොහන්ව හිරේ දාපු එක.+ 21  හුඟදෙනෙක් බව්තීස්ම වෙන අතරේ යේසුත් බව්තීස්ම වුණා.+ යේසුස් ඒ වෙලාවේ යාච්ඤා කරකර ඉද්දී අහස විවර වෙලා,+ 22  දෙවියන්ගේ බලය පරෙවියෙක්ගේ ස්වරූපයෙන් ඔහු පිටට බැහැලා ආවා. ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “ඔයා තමයි මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම ඔයා ගැන සතුටු වෙනවා.”*+ 23  යේසුස්+ ඔහුගේ සේවය පටන්ගද්දී ඔහුට වයස අවුරුදු 30ක් විතර වුණා.+ හැමෝම පිළිගත්තේ යෝසෙප්+ ඔහුගේ තාත්තා කියලයි.යෝසෙප්ගේ තාත්තාහේලි. 24  හේලිගේ තාත්තා මතට්.මතට්ගේ තාත්තා ලෙවී.ලෙවීගේ තාත්තා මෙල්කි.මෙල්කිගේ තාත්තා යනයි.යනයිගේ තාත්තා යෝසෙප්. 25  යෝසෙප්ගේ තාත්තා මටතියස්.මටතියස්ගේ තාත්තා ආමොස්.ආමොස්ගේ තාත්තා නාහුම්.නාහුම්ගේ තාත්තා එස්ලි.එස්ලිගේ තාත්තා නග්ගයි. 26  නග්ගයිගේ තාත්තා මායත්.මායත්ගේ තාත්තා මටතියස්.මටතියස්ගේ තාත්තා සෙමියන්.සෙමියන්ගේ තාත්තා යෝසෙක්.යෝසෙක්ගේ තාත්තා යෝදා. 27  යෝදාගේ තාත්තා යොවානන්.යොවානන්ගේ තාත්තා රේසා.රේසාගේ තාත්තා සෙරුබාබෙල්.+සෙරුබාබෙල්ගේ තාත්තා ෂෙයල්ටියල්.+ෂෙයල්ටියල්ගේ තාත්තා නේරි. 28  නේරිගේ තාත්තා මෙල්කි.මෙල්කිගේ තාත්තා අද්දි.අද්දිගේ තාත්තා කෝසම්.කෝසම්ගේ තාත්තා එල්මාදම්.එල්මාදම්ගේ තාත්තා ඒර්. 29  ඒර්ගේ තාත්තා යේසුස්.යේසුස්ගේ තාත්තා එලියේසර්.එලියේසර්ගේ තාත්තා යෝරිම්.යෝරිම්ගේ තාත්තා මතට්.මතට්ගේ තාත්තා ලෙවී. 30  ලෙවීගේ තාත්තා සිමියොන්.සිමියොන්ගේ තාත්තා යූදස්.යූදස්ගේ තාත්තා යෝසෙප්.යෝසෙප්ගේ තාත්තා යෝනාම්.යෝනාම්ගේ තාත්තා එලියාකීම්. 31  එලියාකීම්ගේ තාත්තා මේලියා.මේලියාගේ තාත්තා මෙන්නා.මෙන්නාගේ තාත්තා මත්තතා.මත්තතාගේ තාත්තා නාතන්.+නාතන්ගේ තාත්තා දාවිත්.+ 32  දාවිත්ගේ තාත්තා යෙස්සේ.+යෙස්සේගේ තාත්තා ඕබෙද්.+ඕබෙද්ගේ තාත්තා බෝවස්.+බෝවස්ගේ තාත්තා සල්මොන්.+සල්මොන්ගේ තාත්තා නාෂොන්.+ 33  නාෂොන්ගේ තාත්තා අමිනදාබ්.අමිනදාබ්ගේ තාත්තා ආනී.ආනීගේ තාත්තා හෙස්‍රොන්.හෙස්‍රොන්ගේ තාත්තා පේරෙස්.+පේරෙස්ගේ තාත්තා යූදා.+ 34  යූදාගේ තාත්තා යාකොබ්.+යාකොබ්ගේ තාත්තා ඊසාක්.+ඊසාක්ගේ තාත්තා ආබ්‍රහම්.+ආබ්‍රහම්ගේ තාත්තා ටේරා.+ටේරාගේ තාත්තා නාහෝර්.+ 35  නාහෝර්ගේ තාත්තා සේරග්.+සේරග්ගේ තාත්තා රෙව්.+රෙව්ගේ තාත්තා පේලෙග්.+පේලෙග්ගේ තාත්තා ඒබර්.+ඒබර්ගේ තාත්තා ෂේලා.+ 36  ෂේලාගේ තාත්තා කායිනන්.කායිනන්ගේ තාත්තා ආර්පක්සද්.+ආර්පක්සද්ගේ තාත්තා ෂෙම්.+ෂෙම්ගේ තාත්තා නෝවා.+නෝවාගේ තාත්තා ලාමෙක්.+ 37  ලාමෙක්ගේ තාත්තා මෙතූසලා.+මෙතූසලාගේ තාත්තා ඒනොක්.ඒනොක්ගේ තාත්තා යාරද්.+යාරද්ගේ තාත්තා මහාලලියල්.+මහාලලියල්ගේ තාත්තා කායිනන්.+ 38  කායිනන්ගේ තාත්තා ඒනොෂ්.+ඒනොෂ්ගේ තාත්තා සෙත්.+සෙත්ගේ තාත්තා ආදම්.+ආදම්ගේ තාත්තා දෙවියන්.

පාදසටහන්

ඒ කියන්නේ හෙරොද් අන්තිපස්. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
හෝ, “හැම මනුෂ්‍යයෙක්ම.”
හෝ, “කාගෙන්වත් බලෙන් සල්ලි ගන්න.”
හෝ, “ලැබෙන වැටුපෙන්.”
මේක සවලක හැඩය තියෙන උපකරණයක් නැත්නම් දැති කීපයක් සවි කරපු පොල්ලක් වෙන්නත් පුළුවන්.
හෝ, “මම ඔයාව පිළිගන්නවා; අනුමත කරනවා.”