ලෙවී කතාව 1:1-17

  • දවන පූජාව (1-17)

1  යෙහෝවා දෙවියන් හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා.  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කවුරු හරි කෙනෙක් යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න සතෙක්ව ගේනවා නම් ඔහු ඒ සතාව එළු බැටළු රැළෙන් නැත්නම් ගව රැළෙන් තෝරගත යුතුයි.+  “‘ඔහු දවන පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවා නම් ඔහු ගේන්න ඕනෙ කැළලක් නැති පිරිමි සතෙක්වයි.+ ඔහු ඒ පූජාව ගේන්න ඕනෙ කැමැත්තෙන්මයි.+ ඒක හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන යෙහෝවා ඉස්සරහා ඔප්පු කළ යුතුයි.  දවන පූජාවක් විදිහට ඔප්පු කරන ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එතකොට ඔහු ඔප්පු කරන ඒ පූජාව දෙවියන් සතුටින් පිළි අරන් ඔහුගේ වැරදිවලට සමාව දෙනවා.  “‘ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඒ වස්සාව මැරිය යුතුයි. පූජකයන්+ විදිහට සේවය කරන ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ දෙවියන් ඉස්සරහට ගෙනල්ලා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+  දවන පූජාවට ඔප්පු කරන සතාගේ හම අයින් කරලා ඌව කෑලිවලට කැපිය යුතුයි.+  පූජකයන් වන ආරොන්ගේ පුතාලා ගිනි අඟුරු පූජාසනයට දාලා+ ඒකට උඩින් දර ඇතිරිය යුතුයි.  පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් සතාගේ හිස සහ තෙල් කොටස්* එක්ක ඉතුරු කෑලි ටික පිළිවෙළට තැබිය යුතුයි.+  උගේ බඩවැල් සහ කකුල්* වතුරෙන් හෝදන්න. පූජකයා ඒ හැම කොටසක්ම පූජාසනය මත දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+ 10  “‘කෙනෙක් බැටළු පැටියෙක්ව* හරි එළුවෙක්ව හරි දවන පූජාවක් විදිහට ඔප්පු කරනවා නම්+ ඔහු කැළලක් නැති පිරිමි සතෙක්ව ගෙනා යුතුයි.+ 11  ඒ සතාව පූජාසනයේ උතුරු පැත්තට අරන් ගිහින් යෙහෝවා ඉස්සරහා මැරිය යුතුයි. පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 12  පූජකයා ඌව කෑලිවලට කපලා, උගේ හිස සහ තෙල් කොටස්* එක්ක ඉතුරු කෑලි ටිකත් පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් පිළිවෙළට තැබිය යුතුයි. 13  උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදන්න. පූජකයා ඒ හැම කොටසක්ම දෙවියන් ඉස්සරහට ගෙනල්ලා පූජාසනය මත දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා. 14  “‘කෙනෙක් දවන පූජාවක් විදිහට යෙහෝවාට කුරුල්ලන්ව ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියන්ව නැත්නම් පරෙවියන්ව* ගෙනා යුතුයි.+ 15  පූජකයා ඌව පූජාසනයට ගෙනල්ලා උගේ බෙල්ලේ කැපුමක් දාලා පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දෙවියන් ඉස්සරහා ඌව දැවිය යුතුයි. ඒත් ඊට කලින් උගේ ලේ පූජාසනයේ පැත්තකින් සම්පූර්ණයෙන්ම ගලා යන්න සැලැස්විය යුතුයි. 16  ඔහු උගේ පිහාටු සහ ගොදුරු බොක්ක ඉවත් කරලා ඒවා පූජාසනයේ නැඟෙනහිර පැත්තේ තියෙන අළු* දාන තැනට වීසි කළ යුතුයි.+ 17  ඌව උගේ තටු ළඟින් පැළිය යුතුයි. ඒත් ඌව සම්පූර්ණයෙන් දෙකට වෙන් කරන්න එපා. ඊටපස්සේ පූජකයා ඌව පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් තබා දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.

පාදසටහන්

හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටස්.”
හෝ, “දෙවියන්ව සතුටු කරන.”
මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ කකුල්වල පහළ කොටස ගැනයි.
ඒ කියන්නේ තරුණ බැටළුවෙක්ව.
හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටස්.”
ඒ කියන්නේ තරුණ පරෙවියන්ව.
හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.