ලෙවී කතාව 16:1-34

  • සමඟි වෙන දවස (1-34)

16  යෙහෝවා දෙවියන්ට අගෞරව වෙන විදිහට ඔහු ඉස්සරහට ගිය ආරොන්ගේ පුතාලා දෙන්නාගේ මරණයෙන් පස්සේ යෙහෝවා මෝසෙස්ට කතා කළා.+  යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා වන ආරොන්ට කියන්න තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයේ* තියලා තියෙන ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට ඔහුට හිතෙන හිතෙන වෙලාවලදී එන්න බැහැ+ කියලා. එහෙම ආවොත් ඔහු මැරෙනවා.+ මොකද ගිවිසුම් පෙට්ටියේ පියනට*+ ඉහළින් තියෙන වලාකුළේ+ මම පෙනී ඉන්නවා.  “ආරොන් අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන්න කලින් පාප පූජාවක්+ හැටියට වස්සෙක්වයි, දවන පූජාවක්+ හැටියට බැටළුවෙක්වයි ඔප්පු කළ යුතුයි.  මුලින් ඔහු නාලා+ ඊටපස්සේ ලිනන් රෙදිවලින්+ මහපු යට කලිසමයි,+ ලිනන් රෙද්දෙන් මහපු ශුද්ධ ඇඳුමයි ඇඳලා ලිනන් පටිය+ ඉණ වටේ බැඳගන්න ඕනේ. ඊටපස්සේ ලිනන්වලින් හදපු විශේෂ හිස්වැස්ම+ පැලඳිය යුතුයි. ඒවා ශුද්ධ ඇඳුම්.+  “ඊශ්‍රායෙල් සෙනඟ+ පාප පූජාවක් හැටියට එළු පැටව් දෙන්නෙක්වයි, දවන පූජාවක් හැටියට බැටළුවෙක්වයි ඔහුට දිය යුතුයි.  “ආරොන් පාප පූජාවට ගෙනාපු වස්සාව ඉස්සරහට ගෙනා යුතුයි. ඒ පාප පූජාව ඔප්පු කරන්නේ ඔහු වෙනුවෙන්. ඔහු ඒක ඔප්පු කරලා ඔහු වෙනුවෙනුයි,+ ඔහුගේ පවුලේ* අය වෙනුවෙනුයි සමාව ලබාගත යුතුයි.  “ඊටපස්සේ ඔහු එළුවන් දෙන්නාව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට අරගෙන එන්න ඕනේ.  ආරොන් එළුවන් දෙන්නා වෙනුවෙන් දාදු දාලා එකෙක් යෙහෝවා වෙනුවෙනුත් අනිකා අෂාෂෙල්* වෙනුවෙනුත් තෝරගත යුතුයි.  යෙහෝවා වෙනුවෙන් තෝරගත්ත එළුවාව+ ආරොන් පාප පූජාවක් හැටියට ඔප්පු කළ යුතුයි. 10  අෂාෂෙල් වෙනුවෙන් තෝරගත්ත එළුවාව මරන්න එපා. සමාව ලබාගන්න ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. ඊටපස්සේ අෂාෂෙල් වෙනුවෙන් ඌව පාළුකරයට යැවිය යුතුයි.+ 11  “තමන්ගේ වැරදි වෙනුවෙන් පාප පූජාවක් හැටියට ගෙනාපු වස්සාව ආරොන් පූජාසනය ළඟට ගෙනල්ලා ඔහු වෙනුවෙනුයි,+ ඔහුගේ පවුලේ* අය වෙනුවෙනුයි සමාව ඉල්ලිය යුතුයි. ඊටපස්සේ ඔහු ඒ වස්සාව මැරිය යුතුයි. 12  “ඔහු යෙහෝවා ඉස්සරහා තියෙන පූජාසනයෙන් ඇවිළෙන ගිනි අඟුරු අරගෙන+ සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවගත යුතුයි. සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකකුයි,+ සුවඳ දුම් ඔප්පු කරන භාජනයයි අරගෙන ඔහු තිරයට පිටිපස්සේ තියෙන අතිශුද්ධස්ථානයට යා යුතුයි.+ 13  ඔහු ගිනි අඟුරුවලට උඩින් සුවඳ ද්‍රව්‍ය දාලා යෙහෝවා ඉස්සරහා ඒවා දැවිය යුතුයි.+ ඒකෙන් නඟින දුමෙන් ගිවිසුම් පෙට්ටියේ+ ආවරණය වැහිලා යයි.+ එහෙම කළේ නැත්නම් ඔහු මැරෙනවා. 14  “ඔහු ඇඟිල්ලට වස්සාගේ ලේවලින්+ ටිකක් අරගෙන ගිවිසුම් පෙට්ටිය* ඉස්සරහා නැඟෙනහිර පැත්තට ඒක ඉසිය යුතුයි. ඒ විදිහට ඔහු ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා හත් පාරක් ලේ ඉසිය යුතුයි.+ 15  “ඊටපස්සේ සෙනඟගේ වැරදි+ වෙනුවෙන් පාප පූජාවක් හැටියට ඔප්පු කරන්න ගෙනාපු එළුවාව ඔහු මැරිය යුතුයි. ඔහු එළුවාගේ ලේ අරගෙන තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයට යා යුතුයි. වස්සාගේ ලේ ඉස්ස විදිහටම උගේ ලේත්+ ගිවිසුම් පෙට්ටිය* ඉස්සරහා ඉසිය යුතුයි. 16  “එහෙම කරලා දෙවියන්ට පිළිගන්න පුළුවන් වෙන්න ආරොන් ශුද්ධස්ථානය පවිත්‍ර කළ යුතුයි. එහෙම කරන්න ඕනෙ ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින්, දෙවියන්ට විරුද්ධව කරපු දේවල්වලින් සහ ඔවුන්ගේ වැරදිවලින්+ ඒක අපවිත්‍ර වෙලා තියෙන නිසයි. ඒ අපවිත්‍ර සෙනඟ අතරේ තියෙන හමු වීමේ කූඩාරමත් ඔහු ඒ විදිහට පවිත්‍ර කළ යුතුයි. 17  “සමාව ලබාගන්න ඔහු ශුද්ධස්ථානයට ඇතුල් වෙද්දී හමු වීමේ කූඩාරමේ කිසිම කෙනෙක්ට ඉන්න අවසර නැහැ. ඔහු එළියට එන කල් කිසිම කෙනෙක් කූඩාරමට ඇතුල් නොවිය යුතුයි. ඔහු තමන් වෙනුවෙනුත් තමන්ගේ පවුලේ* අය වෙනුවෙනුත්+ මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙනුත්+ සමාව ලබාගත යුතුයි. 18  “ඔහු ශුද්ධස්ථානයෙන් එළියට ඇවිත් යෙහෝවා ඉස්සරහා තියෙන පූජාසනය ළඟට+ ගිහින් ඒක දෙවියන්ට පිළිගන්න පුළුවන් විදිහට පවිත්‍ර කළ යුතුයි. වස්සාගේ ලේවලින් ටිකකුයි, එළුවාගේ ලේවලින් ටිකකුයි අරගෙන පූජාසනය වටේ තියෙන අංවල ගාන්න ඕනේ. 19  ඔහු ඇඟිල්ලට ලේ ටිකක් අරගෙන ඒක පූජාසනය උඩට හත් පාරක් ඉසිය යුතුයි. ඒ විදිහට ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින් පූජාසනය පවිත්‍ර කරලා ඒක පරිශුද්ධ දෙයක් විදිහට කැප කරලා තැබිය යුතුයි. 20  “ශුද්ධස්ථානය, හමු වීමේ කූඩාරම සහ පූජාසනය+ දෙවියන්ට පිළිගන්න පුළුවන් විදිහට පවිත්‍ර කළාට පස්සේ+ ඔහු පණ ඇති එළුවාව ගෙනා යුතුයි.+ 21  ඊටපස්සේ ආරොන් ඔහුගේ අත් දෙකම එළුවාගේ ඔළුවේ තියලා ඊශ්‍රායෙල් සෙනඟ අතින් වුණ හැම වරදක් ගැනමත් දෙවියන්ට විරුද්ධව කරපු අනිත් හැම දෙයක් ගැනමත් හෙළි කළ යුතුයි. ඒක හරියට ඔවුන් කරපු හැම වරදක්ම එළුවා පිට පටවනවා වගේ දෙයක්.+ ඊටපස්සේ ඌව ගෙනියන්න පත් කරන කෙනා* ඌව පාළුකරයට ගෙන යා යුතුයි. 22  ඔහු එළුවාව පාළුකරයට යැවිය යුතුයි.+ ඒ විදිහට ඌ සෙනඟ අතින් වුණ හැම වරදක්ම ඌ පිටට අරගෙන+ පාළුකරයට+ යනවා. 23  “ඊටපස්සේ ආරොන් හමු වීමේ කූඩාරම ඇතුළට ඇවිත් ඔහු ශුද්ධස්ථානයට යද්දී ඇඳගෙන හිටපු ලිනන් ඇඳුම් ගලවලා එතන පැත්තකින් තැබිය යුතුයි. 24  ඊටපස්සේ ඔහු ශුද්ධ තැනකදී නාගෙන+ ඔහුගේ පූජක ඇඳුම් ඇඳගත යුතුයි.+ ඊළඟට ඔහු පූජාසනය ළඟට ඇවිත් තමන් වෙනුවෙන් ගෙනාපු දවන පූජාවයි,+ සෙනඟ ගෙනාපු දවන පූජාවයි+ ඔප්පු කරලා තමන් වෙනුවෙන් සහ සෙනඟ වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+ 25  පාප පූජාවට ගෙනාපු සතුන්ගේ තෙල් කොටස් ඔහු පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි. 26  “අෂාෂෙල්+ වෙනුවෙන් යවපු එළුවා එක්ක ගිය කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගත යුතුයි. ඊටපස්සේ ඔහුට කඳවුර ඇතුළට එන්න පුළුවන්. 27  “පාප පූජාවට මරපු වස්සාගෙයි, එළුවාගෙයි ලේ ශුද්ධස්ථානයට අරන් ගිහින් සමාව ලබාගත්තාට පස්සේ ඒ සතුන්ගේ හමයි, මසුයි, අසූචියි කඳවුරෙන් එළියට අරන් ගිහින් ගින්නෙන් පුච්චන්න ඕනේ.+ 28  ඒවා පුච්චපු කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගත යුතුයි. ඊටපස්සේ ඔහුට කඳවුර ඇතුළට එන්න පුළුවන්. 29  “ඔබ දිගටම මේ පනත පිළිපැදිය යුතුයි. හත්වෙනි මාසේ දහවෙනිදා ඔබේ වැරදි ගැන ඔබ දුක් වෙනවා කියලා පෙන්නන්න ඕනේ.* ඒ දවසේ කිසිම වැඩක් කරන්න ඔබට අවසර නැහැ.+ ඔබත් ඔබ අතරේ ජීවත් වෙන විදේශිකයනුත් ඒ පනත පැවැත්විය යුතුයි. 30  මේ දවසේදී දෙවියන් ඔබ එක්ක සමාදාන වෙනවා.+ ඔහු ඔබව පවිත්‍ර කරයි. ඔබේ වැරදිවලට සමාව ලැබෙන නිසා යෙහෝවා ඔබව පවිත්‍ර අය හැටියට සලකනවා.+ 31  ඒක මුළු දවසම විවේකයෙන් ගත කළ යුතු සබත් දවසක්. ඒ දවසේදී ඔබේ වැරදි ගැන ඔබ දුක් වෙනවා කියලා පෙන්නන්න ඕනේ.+ ඔබ ඒක දිගටම පැවැත්විය යුතු පනතක්. 32  “තමන්ගේ තාත්තාගෙන් පස්සේ+ උත්තම පූජකයා+ විදිහට සේවය කරන්න අභිෂේක කරන*+ කෙනා ශුද්ධ ලිනන්+ ඇඳුම්+ ඇඳලා සමාව ලබාගන්න පූජා ඔප්පු කළ යුතුයි. 33  ඔහු ඒ පූජා අතිශුද්ධස්ථානය,+ හමු වීමේ කූඩාරම+ සහ පූජාසනය+ පවිත්‍ර කරන්නත් පූජකයන්ගේ සහ ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදි වෙනුවෙනුත් ඔප්පු කළ යුතුයි.+ 34  ඊශ්‍රායෙල් සෙනඟගේ හැම වරදකටම සමාව ලබාගන්න අවුරුද්දකට වතාවක්+ එහෙම කළ යුතුයි. ඒක ඔබ දිගටම පිළිපැදිය යුතු පනතක්.”+ යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහටම ආරොන් කළා.

පාදසටහන්

මූ.අ., “ශුද්ධස්ථානයේ.”
ඒ කියන්නේ ආවරණයට.
හෝ, “ගෝත්‍රයේ.”
තේරුම, “අතුරුදහන් වෙන එළුවා” වෙන්න පුළුවන්.
හෝ, “ගෝත්‍රයේ.”
මූ.අ., “ආවරණය.”
මූ.අ., “ආවරණය.”
හෝ, “ගෝත්‍රයේ.”
හෝ, “සූදානමින් ඉන්න කෙනා.”
මේකෙන් නිරාහාරව ඉන්න එක ඇතුළුව තමන්ටම දාගත්ත තහංචි අදහස් කළා වෙන්න පුළුවන්.
හෝ, “අත්වලට බලය ලබා දීපු.”