ලෙවී කතාව 4:1-35

  • පාප පූජාව (1-35)

4  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා.  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා කරන්න එපා කියලා අණ කරපු දෙයක් කෙනෙක් වැරදීමකින් කළොත්+ ඒ වරද වෙනුවෙන් ඔහු මෙහෙම කළ යුතුයි.  “‘අභිෂේක ලත් පූජකයා+ වරදක් කළොත්+ ඔහු කරපු වරද නිසා මුළු සෙනඟවම වරදකරුවන් හැටියට ගණන් ගන්නවා. ඔහු කළ වරද වෙනුවෙන් ඔහු කැළලක් නැති වස්සෙක්ව යෙහෝවාට ඔප්පු කළ යුතුයි. ඒක පාප පූජාවක්.+  ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට වස්සාව ගෙනා යුතුයි.+ ඊටපස්සේ ඔහු උගේ හිස මත අත තබා යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි.+  අභිෂේක ලත් පූජකයා+ වස්සාගේ ලේවලින් ටිකක් අරගෙන හමු වීමේ කූඩාරම ඇතුළට යා යුතුයි.  පූජකයා ශුද්ධස්ථානයේ තිරය ඉස්සරහට ගිහිල්ලා ඔහුගේ ඇඟිල්ලට ලේ ටිකක් අරගෙන+ යෙහෝවා ඉස්සරහා ඒ ලේ ඉසිය යුතුයි. ඒ විදිහට ඔහු හත් පාරක් ලේ ඉහින්න ඕනේ.+  පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ.+ වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+  “‘ඊටපස්සේ ඔහු පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ වස්සාගේ සියලුම තෙල් කොටස් ඉවතට ගත යුතුයි. ඒකට සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුව, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව,  වකුගඩු දෙක සහ ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුව ඇතුළත්. ඔහු වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 10  හවුල් පූජාව සඳහා ඔප්පු කරන ගවයාගේ තෙල් කොටස් ඉවත් කරන විදිහටම මේ සතාගේ තෙල් කොටසුත් ඉවතට ගන්න ඕනේ.+ ඊටපස්සේ පූජකයා ඒ කොටස් දවන පූජා ඔප්පු කරන පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි. 11  “‘ඒත් වස්සාගේ හම, උගේ ඔක්කොම මස්, ඔළුව, කකුල්, බඩවැල් සහ ගොම+ 12  ඒ කියන්නේ උගේ ඉතුරු වෙන හැම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට ගෙන යා යුතුයි. ඒ කොටස් අළු* දාන තැනට අරන් ගිහින් දර මත දැවිය යුතුයි.+ ඒ සතාගේ කොටස් දැවිය යුත්තේ අළු දාන තැනදිමයි. 13  “‘මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා කරන්න එපා කියලා අණ කරපු දෙයක් වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා.+ ඒත් සෙනඟ අතින් වරදක් වෙලා තියෙනවා කියලා ඔවුන්* දන්නේ නැහැ.+ 14  ඒ වරද ගැන දැනගන්න ලැබුණාම සෙනඟ* පාප පූජාවක් විදිහට වස්සෙක්ව හමු වීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුයි. 15  සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් යෙහෝවා ඉස්සරහා වස්සාගේ හිස මත අත් තැබිය යුතුයි. ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි. 16  “‘අභිෂේක ලත් පූජකයා වස්සාගේ ලේවලින් ටිකක් අරගෙන හමු වීමේ කූඩාරම ඇතුළට යා යුතුයි. 17  පූජකයා ශුද්ධස්ථානයේ තිරය+ ඉස්සරහට ගිහිල්ලා ඔහුගේ ඇඟිල්ලට ලේ ටිකක් අරගෙන යෙහෝවා ඉස්සරහා ඒ ලේ ඉසිය යුතුයි. ඒ විදිහට ඔහු හත් පාරක් ලේ ඉසිය යුතුයි. 18  පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ*+ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ. වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ+ පාමුලට වක් කළ යුතුයි. 19  ඔහු උගේ සියලු තෙල් කොටස් ඉවතට අරගෙන පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට ඒවා දැවිය යුතුයි.+ 20  තමන් අතින් වරදක් වුණාම පාප පූජාවක් හැටියට ඔප්පු කරන ගවයාට කරන දේම පූජකයා මේ සතාටත් කළ යුතුයි. සෙනඟ අතින් වුණ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි.+ එතකොට සෙනඟට සමාව ලැබෙයි. 21  ඔහු වස්සාගේ ඉතුරු කොටස් කඳවුරෙන් පිටතට අරන් ගිහින් කලින් සතාව පුලුස්සපු විදිහටම ඌව පිලිස්සිය යුතුයි.+ ඒක මුළු සෙනඟ වෙනුවෙන් කරන පාප පූජාවක්.+ 22  “‘අධිපතියෙක්+ යෙහෝවා කරන්න එපා කියලා ආඥා කරපු දේවලින් එකක් හරි වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා. ඒ විදිහට ඔහු වරදක් කළොත් 23  නැත්නම් දෙවියන්ගේ ආඥාවක් කඩ කරලා තමන් අතින් වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඔහු කැළලක් නැති එළු පැටියෙක්ව* පූජාවක් විදිහට ගෙනා යුතුයි. 24  ඔහු ඒ එළු පැටියාගේ හිස මත අත තැබිය යුතුයි. ඊටපස්සේ දවන පූජා සඳහා සතුන්ව මරන තැනදීම යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි.+ ඒක පාප පූජාවක්. 25  පූජකයා ඒ පාප පූජාවේ ලේ ටිකක් ඇඟිල්ලට අරගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අංවල ගාන්න ඕනේ.+ එළුවාගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+ 26  හවුල් පූජාවේ තෙල් කොටස් පුලුස්සපු විදිහටම මේ සතාගේ තෙල් කොටස් සියල්ලත් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.+ ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි. 27  “‘සෙනඟ අතරේ ඉන්න කෙනෙක් යෙහෝවා කරන්න එපා කියලා ආඥා කරපු දේවලින් එකක් හරි වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා. ඒ විදිහට ඔහු වරදක් කළොත්+ 28  නැත්නම් තමන් අතින් වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඒ වරද වෙනුවෙන් ඔහු කැළලක් නැති එළු පැටියෙක්ව* පූජාවක් විදිහට ගෙනා යුතුයි. 29  පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. ඊටපස්සේ දවන පූජා සඳහා සතුන්ව මරන තැනදීම ඌව මැරිය යුතුයි.+ 30  පූජකයා උගේ ලේවලින් ටිකක් ඇඟිල්ලට අරගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අංවල ගාන්න ඕනේ. එළුදෙනගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+ 31  හවුල් පූජාව සඳහා ඔප්පු කළ සතාගේ තෙල් කොටස් සියල්ල ඉවතට ගත්ත විදිහටම+ මේ සතාගේ තෙල් කොටසුත් ඉවතට ගන්න.+ පූජකයා ඒවා පූජාසනය මත දැවිය යුතුයි. ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කරන්න ඕනේ. එතකොට ඔහුට සමාව ලැබෙයි. 32  “‘ඔහු පාප පූජාව විදිහට බැටළු පැටියෙක්ව ගේනවා නම් කැළලක් නැති ගැහැනු සතෙක්ව ගෙනා යුතුයි. 33  පූජාවට ගෙනාපු ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. ඊටපස්සේ දවන පූජා සඳහා සතුන්ව මරන තැනදී ඌව මැරිය යුතුයි. ඒක පාප පූජාවක්.+ 34  පූජකයා පාප පූජාව සඳහා ඔප්පු කළ සතාගේ ලේවලින් ටිකක් ඇඟිල්ලට අරගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අංවල ගාන්න ඕනේ.+ බැටළු පැටියාගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි. 35  පූජකයා හවුල් පූජාව සඳහා ඔප්පු කළ බැටළු පැටියාගේ තෙල් කොටස් ඉවතට ගත්ත විදිහටම මේ සතාගේ තෙල් කොටස් සියල්ලත් ඉවතට ගත යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු අනිත් පූජාවලට උඩින් තියලා දුම ඉහළට නඟින විදිහට ඒවා දැවිය යුතුයි.+ ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+

පාදසටහන්

හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.
ඒකෙන් සෙනඟව නියෝජනය කරපු වැඩිමහල්ලන් අදහස් වෙන්න පුළුවන්.
ඒකෙන් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ව අදහස් වෙන්න පුළුවන්.
මූ.අ., “ඉස්සරහා තියෙන පූජාසනයේ.”
ඒ කියන්නේ තරුණ එළුවෙක්ව.
ඒ කියන්නේ තරුණ එළුදෙනක්ව.
හෝ, “දෙවියන්ව සතුටු කරන.”