Skip to content

පටුනට යන්න

විනිශ්චයකරුවෝ පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

පොතේ සාරාංශයක්

     

  • 1

    • යූදා සහ සිමියොන් ගෝත්‍රවල අය අල්ලගත්ත ප්‍රදේශ (1-20)

    • යෙබූසිවරුන්ව යෙරුසලමෙන් පන්නලා දැම්මේ නැහැ (21)

    • යෝසෙප්ගෙන් පැවතෙන අය බෙතෙල් අල්ලගනියි (22-26)

    • කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න බැරි වෙයි (27-36)

  • 2

    • දේවදූතයා දුන්න අනතුරු ඇඟවීම (1-5)

    • යොෂුවාගේ මරණය (6-10)

    • ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න විනිශ්චයකරුවන්ව පත් කරයි (11-23)

  • 3

    • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව සෝදිසි කරයි (1-6)

    • පළවෙනි විනිශ්චයකරු ඔත්නියෙල් (7-11)

    • ඒහුද් එග්ලොන් රජව මරයි (12-30)

    • ෂම්ගර් විනිශ්චයකරු (31)

  • 4

    • යාබින් ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-3)

    • දෙබොරා අනාගතවක්තෘවරිය සහ බාරාක් විනිශ්චයකරු (4-16)

    • යායෙල්, හමුදාපති වුණ සිසෙරාව මරයි (17-24)

  • 5

    • දෙබොරා සහ බාරාක් ගායනා කරපු ගීතය (1-31)

      • තාරකා සිසෙරාට විරුද්ධව සටන් කරයි (20)

      • කීෂොන් දිය පහර පිටාර ගලයි (21)

      • යෙහෝවාට ආදරේ කරන අය ඉර වගේ බැබළෙයි (31)

  • 6

    • මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-10)

    • දෙවියන්ගේ උදව් ලැබෙනවා කියලා දේවදූතයෙක් ගිඩියොන්ට සහතික වෙයි (11-24)

    • ගිඩියොන් බාල්ගේ පූජාසනය කඩයි (25-32)

    • දෙවියන්ගේ බලය ගිඩියොන්ට ලැබෙයි (33-35)

    • ලොම් ටිකෙන් කරපු පරීක්ෂණය (36-40)

  • 7

    • ගිඩියොන් සහ මිනිස්සු 300දෙනා (1-8)

    • ගිඩියොන්ගේ හමුදාව මිදියන්වරුන්ව පරාජය කරයි (9-25)

      • “මේ සටන අයිති යෙහෝවාටයි, ගිඩියොන්ටයි” (20)

      • මිදියන්වරුන්ගේ කඳවුර වියවුල් වෙයි (21, 22)

  • 8

    • එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන් එක්ක රණ්ඩු කරයි (1-3)

    • මිදියන්වරුන්ගේ රජවරු පස්සේ එළවගෙන ගිහින් එයාලව මරයි (4-21)

    • ගිඩියොන් රජකම ප්‍රතික්ෂේප කරයි (22-27)

    • ගිඩියොන්ගේ ජීවිතේ විස්තර (28-35)

  • 9

    • අබිමෙලෙක් ෂීකෙම්වල රජ වෙයි (1-6)

    • යෝතම්ගේ උදාහරණය (7-21)

    • අබිමෙලෙක්ගේ කුරිරු පාලනය (22-33)

    • අබිමෙලෙක් ෂීකෙම්වලට පහර දෙයි (34-49)

    • ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ ඔළුවට ගලක් අතහරියි (50-57)

  • 10

    • තෝලා සහ යායිර් (1-5)

    • ඊශ්‍රායෙල්වරු දෙවියන් අකමැති දේවල් කරයි. පස්සේ දුක් වෙයි (6-16)

    • අම්මොන්වරු යුද්දෙට එයි (17, 18)

  • 11

    • යෙප්තාව ගෙදරින් එළවයි. පස්සේ එයාව නායකයා කරයි (1-11)

    • යෙප්තා වරද කාගෙද කියලා අම්මොන්වරුන්ට පෙන්නලා දෙයි (12-28)

    • යෙප්තාගේ පොරොන්දුව සහ එයාගේ දුව (29-40)

      • දුව විවාහ නොවී ඉඳියි (38-40)

  • 12

    • එෆ්‍රායිම් ගෝත්‍රයේ අය රණ්ඩු කරයි (1-7)

      • ෂිබොලෙත් පරීක්ෂණය (6)

    • ඉබ්ෂාන්, ඒලොන් සහ අබ්දොන් (8-15)

  • 13

    • දේවදූතයෙක් මානෝවාව සහ එයාගේ බිරිඳව හම්බ වෙයි (1-23)

    • සැම්සන් ඉපදෙයි (24, 25)

  • 14

    • සැම්සන් පිලිස්තිය තරුණියක්ව විවාහ කරගන්න යයි (1-4)

    • යෙහෝවාගේ උදව්වෙන් සැම්සන් සිංහයෙක්ව මරයි (5-9)

    • සැම්සන් කියපු තේරවිල්ල (10-19)

    • සැම්සන්ගේ බිරිඳව වෙනත් කෙනෙක්ට දෙයි (20)

  • 15

    • සැම්සන් පිලිස්තිවරුන්ගෙන් පළිගනියි (1-20)

  • 16

    • සැම්සන් ගාසාවලට යයි (1-3)

    • සැම්සන් සහ දෙලීලා (4-22)

    • සැම්සන් පළිගනියි; එයාගේ මරණය (23-31)

  • 17

    • මීකා හදපු රූප සහ එයාගේ පූජකයා (1-13)

  • 18

    • දාන් ගෝත්‍රයේ අය ජීවත් වෙන්න ප්‍රදේශයක් හොයයි (1-31)

      • මීකාගේ රූපයි, පූජකයාවයි අරන් යයි (14-20)

      • ලායිෂ් අල්ලගෙන ඒක දාන් කියලා නම් කරයි (27-29)

      • දාන්වල අය රූපයට නමස්කාර කරයි (30, 31)

  • 19

    • බෙන්ජමින් ගෝත්‍රයේ අය කරපු අපරාධය (1-30)

  • 20

    • බෙන්ජමින්වරුන්ට විරුද්ධව යුද්දෙට යයි (1-48)

  • 21

    • බෙන්ජමින්වරුන්ගේ ගෝත්‍රය රැකගනියි (1-25)