විලාප ගී 2:1-22

  • යෙරුසලමට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය

    • කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ (2)

    • යෙහෝවා ඇගේ සතුරෙක් වගෙයි (5)

    • සියොන් ගැන අඬයි (11-13)

    • පහු කරගෙන යන අය නගරයට නින්දා කරයි (15)

    • සියොන්ගේ වැටීම ගැන සතුරෝ සතුටු වෙයි (17)

א [ආලෙෆ්] 2  යෙහෝවා දෙවියන් කේන්තියෙන් සියොන් දියණියව අඳුරු වලාවකින් වහලා දාපු හැටි බලන්න! ඔහු ඊශ්‍රායෙල්ගේ තේජස අහසින් පොළොවට හෙළුවා.+ ඔහු තමන්ගේ කේන්තිය පිට කරපු දවසේදී තමන්ගේ පා පුටුව සිහි කළේ නැහැ.+ ב [බේත්]   යෙහෝවා කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව යාකොබ්ගේ හැම නිවහනක්ම විනාශ කරලා දැම්මා. ඔහු ලොකු කේන්තියකින් යූදා දියණියගේ බලකොටු බිමටම සමතලා කළා.+ ඔහු රාජ්‍යයත් පාලකයන්වත්+ බිමට ඇදලා දාලා, නින්දාවට පත් කළා.+ ג [ගීමෙල්]   ඔහු කේන්තියෙන් ඊශ්‍රායෙල්ගේ සවිය* සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා. සතුරා ළං වෙද්දී ඔහු තමන්ගේ දකුණත අයින් කරගත්තා.+ඔහුගේ කේන්තිය හැම දෙයක්ම පුච්චලා දාන ගින්නක් වගෙයි. ඒ ගින්න යාකොබ්ව පුච්චලා දැම්මා.+ ד [දාලෙත්]   සතුරෙක් වගේ ඔහු තමන්ගේ දුන්න සූදානම් කරගත්තා. විරුද්ධවාදියෙක් වගේ අපිට පහර දෙන්න ඔහු තමන්ගේ දකුණත ඉස්සුවා.+අනර්ඝයි කියලා සලකන හැම කෙනෙක්වම ඔහු දිගින් දිගටම මරලා දැම්මා.+ ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තියෙන්+ ඔහු සියොන් දියණියගේ කූඩාරම පුච්චලා දැම්මා.+ ה [හේ]   යෙහෝවා අපේ සතුරෙක් වෙලා.+ඔහු ඊශ්‍රායෙල්ව ගිලලා දැම්මා. ඇගේ හැම පවුරක්ම ඔහු ගිලලා දැම්මා.දේශයේ හැම බලකොටුවක්ම ඔහු විනාශ කරලා දැම්මා. ඔහු යූදා දියණියගේ ශෝකයත් වැලපීමත් වැඩි කළා. ו [වාව්]   වත්තක තියෙන පැලක් කඩලා දානවා වගේ ඔහු තමන්ගේ පැල කඩලා දැම්මා.+ ඔහුගේ උත්සවයට ඔහු අවසානයක් ගෙනාවා.+ සියොන්වල පවත්වපු උත්සව සහ සබත් දවස් අමතක වෙලා යන්න යෙහෝවා සැලැස්සුවා.ඔහු ලොකු කේන්තියකින් රජවත් පූජකයාවත් ප්‍රතික්ෂේප කළා.+ ז [ෂායින්]   යෙහෝවා තමන්ගේ පූජාසනය ප්‍රතික්ෂේප කළා.ඔහුගේ ශුද්ධස්ථානය අතහැරලා දැම්මා.+ ඇගේ පවුරුත් බලකොටුත් අල්ලගන්න ඔහු සතුරාට ඉඩ දුන්නා.+ උත්සව දවසකදී වගේ සතුරන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී මහ හයියෙන් කෑගැහුවා.+ ח [හෙත්]   යෙහෝවා සියොන් දියණියගේ පවුර විනාශ කරලා දාන්න තීරණය කළා.+ ඔහු ලණුව ඇදලා පවුර මැන්නා.+ විනාශ කරන්න දිගහැරපු ඔහුගේ අත ඔහු ආපහු නමාගත්තේ නැහැ. කොටු බැම්මටත් පවුරටත් ඔහු වැලපෙන්න සැලැස්සුවා. ඒවා දුර්වල වෙලා ගිහින්. ט [ටේත්]   ඇගේ දොරටු පසට යට වෙලා ගිහින්.+ ඔහු ඇගේ දොරගුලු කඩලා විනාශ කරලා දැම්මා. ඇගේ රජත් පාලකයොත් වෙනත් ජාතීන් අතරේ වහලුන් වෙලා.+ කිසිම කෙනෙක් දැන් නීතිය* පිළිපදින්නේ නැහැ. ඇගේ අනාගතවක්තෘවරුන්ට යෙහෝවාගෙන් දර්ශන ලැබෙන්නෙත් නැහැ.+ י [යෝද්] 10  සියොන් දියණියගේ වැඩිමහල්ලන් නිහඬව බිම ඉඳගෙන ඉන්නවා.+ ගෝණි රෙදි ඇඳගෙන ඉන්න ඔවුන්, ඔළුවට දූවිලි දාගන්නවා.+ යෙරුසලමේ තරුණියන්* තමන්ගේ හිස් බිමටම පහත් කරගෙන ඉන්නවා. כ [කෆ්] 11  අඬන්න මට තවත් කඳුළු ඉතුරු වෙලා නැහැ.+ මගේ හිත* හොඳටම කැලඹිලා. මගේ දියණිය* වන මගේ සෙනඟගේ වැටීම දැක්කාම,දරුවන් සහ ළදරුවන් හන්දිවල කලන්තේ දාලා වැටිලා ඉන්න විදිහ දැක්කාම+ මගේ අක්මාව පිටතට එන තරම් වේදනාවක් මට දැනුණා.+ ל [ලාමෙද්] 12  ඔවුන් අම්මලාගෙන් ආයේ ආයේ මෙහෙම අහනවා. “අපිට කන්න මුකුත් නැද්ද? අනේ, අපිට බොන්න දෙයක් නැද්ද?”+ ඔවුන් තුවාල වෙලා වැටිලා ඉන්න අය වගේ නගරේ හන්දිවල කලන්තේ දානවා.අම්මාගේ තුරුලේ පණ ඇදඇද ඉන්නවා. מ [මෙම්] 13  යෙරුසලම් දියණියනි, මම ඔබට උදාහරණයක් විදිහට කවුරු ගැන කියන්නද?ඔබව කාට සමාන කරන්නද? සියොන් කන්‍යා දියණියනි, ඔබේ දුක තුනී කරන්න මම ඔබව සමාන කරන්නේ කාටද? ඔබට වුණ විපත සාගරය තරම් විශාලයි.+ ඔබව සුව කරන්න පුළුවන් කාටද?+ נ [නුන්] 14  ඔබේ අනාගතවක්තෘවරු දැක්කේ බොරු දර්ශන. ඒවාවල කිසි තේරුමක් නැහැ.+ඔවුන් ඔබේ වරද පෙන්නලා දුන්නා නම් අද ඔබට වහල්කමට යන්න වෙන්නේ නැහැ.+ ඒත් ඔවුන් දිගින් දිගටම ඔබට කිව්වේ ඔබව මුළා කරවන, බොරු දර්ශන.+ ס [සාමෙක්] 15  ඔබව පහු කරගෙන යන හැමෝම අත්පුඩි ගහලා ඔබට නින්දා කරනවා.+ යෙරුසලම් දියණිය දිහා පුදුමයෙන් බලලා*+ ඔළුව වනවන මෙහෙම කියනවා. “පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙන, හැම අතින්ම ලස්සන නගරය කියලා කිව්වේ මේකටද?”+ פ [පේ] 16  ඔබේ සතුරෝ ඔබට විරුද්ධව කතා කරන්න කට ඇරගෙන ඉන්නවා. ඔවුන් ඔබට අපහාස කරලා දත්මිටි කකා මෙහෙම කියනවා. “අපි ඇයව ගිලලා දැම්මා.+ අපි බලාගෙන හිටියේ මේ දවස එන කල් තමයි.+ දැන් ඒක ඇවිල්ලා.”+ ע [ආයින්] 17  යෙහෝවා කරන්න අදහස් කරපු දේ කළා.+ ඔහු කියපු දේ ඔහු ඒ විදිහටම කළා.+අතීතයේදී ඔහු තීන්දු කරපු දේ ඔහු කළා.+ ඔහු කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව ඔබව විනාශ කරලා දැම්මා.+ ඔබව පරාජය කරලා සතුටු වෙන්න ඔහු සතුරාට ඉඩ දුන්නා. ඔහු ඔබේ සතුරන්ව බලවත් කළා.* צ [ට්සාධේ] 18  සියොන් දියණියගේ පවුර, ඇහුම්කන් දෙන්න. සෙනඟ හදවතින්ම යෙහෝවාගෙන් උදව් ඉල්ලන හඬ අහන්න. ගලාගෙන යන දිය පහරක් වගේ ඔබත් රෑ දවල් කඳුළු සලන්න. ඔබේ ඇස්වලට කිසිම විවේකයක් නොදී නොනවත්වා අඬන්න. ק [කෝෆ්] 19  අවදි වෙන්න! මුළු රෑ පුරා* කෑගහලා අඬන්න. කඳුළු සලමින් ඔබේ හදවතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කියන්න. හැම හන්දියක් ගාණේම හාමතෙන් වැටිලා ඉන්න,+ඔබේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අත් උස්සලා ඔහුට කන්නලව් කරන්න. ר [රේෂ්] 20  අනේ යෙහෝවා දෙවියනි, ඔබ දඬුවම් කරපු කෙනා දිහා බලන්න. අම්මලා නිරෝගී දරුවන්ව, තමන්ගෙම කිරිකැටි දරුවන්ව මරාගෙන කන එක හරිද?+යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධස්ථානයේදීම පූජකයන්වයි, අනාගතවක්තෘවරුන්වයි මරලා දාන එක හරිද?+ ש [ෂින්] 21  තරුණයොත් මහල්ලොත් පාරවල්වල මැරිලා වැටිලා.+ මගේ තරුණ තරුණියෝ* කඩුවෙන් පහර කාලා ඇද වැටිලා.+ ඔබේ කේන්තිය පිට කරපු දවසේදී ඔබ ඔවුන්ව මරලා දැම්මා. කිසිම අනුකම්පාවක් නැතුව ඔවුන්ට පහර දුන්නා.+ ת [ටාව්] 22  උත්සවයකට සෙනඟ රැස් කරනවා වගේ+ මාව බයගන්වන අයව ඔබ හැම පැත්තකින්ම කැඳෙව්වා. යෙහෝවාගේ කේන්තිය පිට කරපු දවසේදී කිසිම කෙනෙක් බේරුණේවත් ගැලවුණේවත් නැහැ.+ මං බිහි කරලා ඇතිදැඩි කරපු දරුවන්ව සතුරා ඇවිත් නැත්තටම නැති කරලා දැම්මා.+

පාදසටහන්

මූ.අ., “හැම අඟක්ම.”
හෝ, “මඟ පෙන්වීම්.”
හෝ, “කන්‍යාවන්.”
කාව්‍යමය විදිහට මෙතන සෙනඟව දියණියක් විදිහට හඳුන්වන්නේ අනුකම්පාව පෙන්නන්නයි.
මූ.අ., “බඩවැල්.”
හෝ, “පුදුමයෙන් විසිල් ගගහා.”
මූ.අ., “සතුරන්ගේ අඟ උසස් කළා.”
මූ.අ., “රෑ පුරාම, රැකවල් යාම පටන්ගද්දීම.”
හෝ, “කන්‍යාවියෝ.”