ශෙපනියා 3:1-20

  • යෙරුසලම කැරලිකාර, දූෂිත නගරයක් (1-7)

  • විනිශ්චයෙන් පස්සේ ආයෙත් එක් රැස් කරයි (8-20)

    • පවිත්‍ර භාෂාවක් උගන්වයි (9)

    • යටහත්පහත්, නිහතමානී අයව බේරගනියි (12)

    • යෙහෝවා සියොන් නිසා සතුටින් ඉපිල යයි (17)

3  කුරිරු, කැරලිකාර, දූෂිත නගරයට දුක් වෙන්න වෙයි!+  ඇය කාටවත් කීකරු වෙන්නේ නැහැ.+ හික්මවීම් පිළිගන්නේ නැහැ.+ ඇය ඇගේ දෙවි යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ කළේවත් නැහැ.+   ඇගේ පාලකයන් ගොරවන සිංහයන් වගේ.+ ඇගේ විනිශ්චයකරුවන් රාත්‍රියේ සැරිසරන වෘකයන් වගේ.ඔවුන් ඊළඟ දවසට කන්න මස් කට්ටක්වත් ඉතුරු කරන්නේ නැහැ.   ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහිකම් කරන, අහංකාර අය.+ ඇගේ පූජකයෝ ශුද්ධ දේ අපවිත්‍ර කරනවා.+ඔවුන් නීතිය හෙළා දකිනවා.+   ඒත් ඔවුන් අතරේ ඉන්න යෙහෝවා ධර්මිෂ්ඨයි.+ඔහු කවදාවත් වරදක් කරන්නේ නැහැ. හිරු නොවරදවාම උදා වෙනවා වගේඔහු හැම උදෑසනකම ඔහුගේ විනිශ්චයන් ඔවුන්ට දැනුම් දෙනවා.+ ඒත් අධර්මිෂ්ඨ අය වැඩ කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.+   “මම ජාතීන්ව විනාශ කළා. ඔවුන් උසට හදපු මුරකොටු පාළු වෙලා ගියා. මම ඔවුන්ගේ මංමාවත් විනාශ කරලා දැම්මා. ඒ නිසා ඒවාත් පාළුවට ගියා. ඔවුන්ගේ නගරවල කිසිම කෙනෙක් ඉතුරු වුණේ නැහැ. ඉතුරු වුණේ නටබුන් ගොඩක් විතරයි.+   ‘මං ගැන ගරුබියක් ඇති කරගෙන මගේ හික්මවීම* පිළිගන්න’ කියලා මම ඇයට ආයාචනා කළා.+ මං එහෙම කළේ ඇගේ හැම වරදකටම දඬුවම් නොකරඇගේ වාසස්ථානය විනාශ වෙන එක වළක්වන්න ඕනෙ නිසයි.+ ඒත් ඔවුන්ගේ හිත දුෂ්ට දේවලට තව තවත් ඇදිලා ගියා.+   ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම සතුරන්ට විරුද්ධව නැඟී ඉඳලාඔවුන්ගේ වටිනා දේවල් පැහැරගන්න දවස එන කල්* බලාගෙන ඉන්න.*+ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කරන්නත්මගේ දැවෙන කෝපය ඔවුන් පිටට සම්පූර්ණයෙන්ම වගුරුවන්නත් මම තීරණය කළා.+ගින්නක් වගේ ඇවිළෙන මගේ කේන්තිය නිසා මුළු දේශයම* දැවිලා යයි.+   ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාවක් කතා කරන්න උගන්වනවා.එතකොට ඒ හැමෝටම යෙහෝවා වන මගේ නමට අයැදින්නත්එක්සත්ව මට සේවය* කරන්නත් පුළුවන් වෙනවා.’+ 10  ඉතියෝපියාවේ ගංගා අවට ප්‍රදේශය පුරාම විසිරිලා ඉන්න,මට කන්නලව් කරන මගේ සෙනඟ මට තෑග්ගක් අරන් එයි.+ 11  ඔබ මට විරුද්ධව කැරලිගහලා හුඟක් වැරදි කරලා තිබුණත්ඒ දවසේදී ඔබට ඒවා ගැන ලැජ්ජා වෙන්න ඕනෙ වෙන්නේ නැහැ.+මොකද උඩඟු විදිහට පුරසාරම් දොඩපු අයව මම ඒ වෙද්දී ඔබ අතරින් අයින් කරලා තියෙයි.ඔබ ආයේ කවදාවත් මගේ ශුද්ධ කන්දේදී උඩඟු විදිහට හැසිරෙන්නේ නැහැ.+ 12  මම ඔබ අතරේ ඉන්න ඉඩ දෙන්නේ යටහත්පහත්, නිහතමානී අයට විතරයි.+ඔවුන් යෙහෝවා වන මගේ නම ඔවුන්ගේ රැකවරණය කරගන්නවා. 13  ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙන අය+කිසිම අධර්මිෂ්ඨ දෙයක් කරන්නෙවත්+ බොරු කියන්නෙවත් නැහැ.අනිත් අයව රවට්ටන කිසිම කෙනෙක් ඔවුන් අතරේ ඉන්න යන්නෙත් නැහැ.ඔවුන් හොඳින් පෝෂණය වෙලා සුවෙන් කල් ගෙවයි.කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+ 14  සියොන් දියණිය, සතුටින් කෑගහන්න! ඊශ්‍රායෙල්, ජය නාද නඟන්න!+ යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්‍රීති වෙන්න!+ 15  යෙහෝවා දෙවියන් ඔබට දුන්න දඬුවම දැන් අවසන් වෙලා.+ ඔහු ඔබේ සතුරාව පන්නලා දැම්මා.+ ඊශ්‍රායෙල්වල රජු වන යෙහෝවා දැන් ඔබ අතරේ ඉන්නවා.+ ඔබ ආයේ කවදාවත් විපත්තිවලට බය වෙන්නේ නැහැ.+ 16  ඒ දවසේදී යෙරුසලමට මෙහෙම කියයි. “සියොන්, බය වෙන්න එපා.+ ඔබේ දෑත් දුර්වල වෙන්න දෙන්න එපා. 17  ඔබේ දෙවි යෙහෝවා ඔබ අතරේ ඉන්නවා.+ බලවන්තයෙක් වගේ ඔහු ඔබව බේරගනියි. ඔබ නිසා ඔහු සතුටින් ඉපිල යයි.+ ඔබට පෙන්වන ආදරේ නිසා ඔහුගේ හිතට සැනසීමක් දැනෙයි.* ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් ඔබ ගැන සතුටු වෙයි. 18  ඔබේ උත්සවවලට සහභාගි වෙන්න බැරි නිසා දුකෙන් ඉන්න අයව මම එක් රැස් කරනවා.+ඔවුන්ට ඔබ ළඟට එන්න බැරි වුණේ ඔවුන් වෙනත් දේශයක නින්දා විඳිමින් හිටපු නිසයි.+ 19  ඒ කාලයේදී ඔබට පීඩා කරන හැම කෙනෙක්ටම විරුද්ධව මම පියවර ගන්නවා.+කොරගගහා ඉන්න අයව මම බේරගන්නවා.+විසිරිලා ඉන්න අයව මම එකතු කරගන්නවා.+ ඔවුන් නින්දාවට ලක් වුණ දේශය පුරාම මම ඔවුන්ව ප්‍රශංසාවට පත් කරනවා.ඔවුන්ගේ නම හැමෝටම දැනුම් දෙනවා. 20  ඒ කාලයේදී මම ඔබව එක් රැස් කරලා ආයෙත් ඔබේ මව්බිමට අරන් එනවා.ඔබේ ඇස් පනාපිටම ඔබේ වහලුන්ව නිදහස් කරනවා. එදාට පොළොවේ සියලු වැසියන් ඉස්සරහා මම ඔබව ප්‍රශංසාවට පත් කරලා+ඔබේ නම ඔවුන්ට දැනුම් දෙනවා.” එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.+

පාදසටහන්

හෝ, “නිවැරදි කිරීම්.”
හෝ සමහරවිට, “සාක්ෂිකරුවෙක් විදිහට නැඟී ඉන්න කල්.”
හෝ, “ඉවසීමෙන් බලාගෙන ඉන්න.”
හෝ, “පොළොවම.”
හෝ, “නමස්කාර.”
මූ.අ., “නිහඬව ඔහුගේ ආදරේ පෙන්වනවා.”