සලමොන්ගේ ගීතිකාව 1:1-17

  • ගීත අතරින් ලස්සනම ගීතය (1)

  • තරුණිය (2-7)

  • යෙරුසලමේ දූවරු (8)

  • රජ (9-11)

    • ‘අපි ඔබට රන් ආභරණ හදලා දෙන්නම්’ (11)

  • තරුණිය (12-14)

    • ‘මගේ පෙම්වතා සුවඳ ලාටු පිරුණු මල්ලක් වගෙයි’ (13)

  • එඬේරා (15)

    • “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!”

  • තරුණිය (16, 17)

    • ”මගේ හිත දිනාගත්ත පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද!” (16)

1  ගීත අතරින් ලස්සනම ගීතය සලමොන්ගේ ගීතයයි.+  “ඇවිත් මාව සිපගන්න. ඔබේ මුවින් මාව සිපගන්න.ඔබ පෙන්නන ආදරේ මට වයින්වලටත් වඩා වටිනවා.+   ඔබ ඇඟේ ගාන තෙල්වල සුවඳ මොන තරම්ද!+ ඔබේ නම හිසට වත් කරන සුවඳ තෛලයක් වගෙයි.+ තරුණියන් ඔබට ප්‍රිය කරන්නේ ඒ නිසයි.   රජ මාව ඔහුගේ කාමර ඇතුළට අරගෙන ආවා. ඔබ ඇවිත් මාව එක්කගෙන යන්න. අපි දුවගෙන යමු. අපි දෙන්නා එකට සතුටු වෙමු. ඔබ පෙන්නන ආදරේ ගැන අපි කතා කරමු. ඒ ආදරේ වයින්වලටත් වඩා වටිනවා. ඔවුන්* ඔබට ප්‍රිය කරන එක පුදුමයක්ද!   යෙරුසලමේ දූවරුනි, මම කලුයි. ඒත් මං ලස්සනයි.මම හරියට කේදාර්වල කූඩාරම්+ වගෙයි. සලමොන්ගේ කූඩාරම්+ වගෙයි.   හිරු රශ්මියට මගේ හම කලු වෙලා තියෙන නිසාමං දිහා අමුතු විදිහට බලන්න එපා. මගේ සහෝදරයන්ට මාත් එක්ක කේන්ති ගියා.ඉතින් ඔවුන් මාව මිදිවතු බලාගන්න යැව්වා.ඒ නිසා මට මගේ මිදිවත්ත බලාගන්න බැරි වුණා.   මං ගොඩක් ආදරේ කරන මගේ පෙම්වත,ඔබ බැටළුවන්ට තණ කවන්නේ කොහෙද කියලා මට කියන්න.+දහවල් කාලේදී වැතිරෙන්න උන්ව ගෙනියන්නේ කොහෙටද කියලා මට කියන්න. මං මූණ වහගෙන ඉන්න ස්ත්‍රියක් වගේ*ඔබේ යාළුවන්ගේ බැටළු රැළවල් අතරේ එහේ මෙහේ ඇවිදින්නේ මොකටද?”   “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය, ඔහු ඉන්න තැන ඔබ දන්නේ නැත්නම්බැටළු රැළ ගිය පාර දිගේ යන්න.එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට තණ කවන්න.”   “මගේ සොඳුරිය, ඔබ පාරාවෝගේ රථවල බැඳලා ඉන්න අශ්වධේනුවක් වගෙයි.+ 10  ආභරණවලින් සරසලා තියෙන* ඔබේ දෙකොපුල් හරිම ලස්සනයි.පබළු පොටවල් ඔබේ ගෙල සරසවයි. 11  අපි ඔබට රිදී පබළු අල්ලපුරන් ආභරණ හදලා දෙන්නම්.” 12  “රජ ඔහුගේ මේසේ ඉඳගෙන ඉන්නවා.ඒත් මගේ විලවුන්වල+ සුවඳ ඈතට විහිදිලා ගියා. 13  මගේ පෙම්වතා මට සුවඳ ලාටු පිරුණු මල්ලක් වගෙයි.+මුළු රෑම ඔහු මගේ ළයට තුරුලු වෙලා ඉන්නවා. 14  මගේ පෙම්වතා මට ඒන්ගෙදී ප්‍රදේශයේ+මිදිවතු අතරේ වැවෙන හෙනා මල් මිටක් වගෙයි.”+ 15  “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද! ඔබ කොතරම් රූමත්ද! ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.”+ 16  “මගේ හිත දිනාගත්ත පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද! ඔබ කොච්චර ප්‍රසන්නද!+ අපේ යහන අපි හදාගත්තේ කොළ අතු අතරේ. 17  අපේ නිවසේ බාල්ක දේවදාර ගස්.පරාල ජුනිපර් ගස්.

පාදසටහන්

ඒ කියන්නේ තරුණියන්.
හෝ, “ශෝකයට මූණ වහගෙන ඉන්න කෙනෙක් වගේ.”
හෝ සමහරවිට, “කොණ්ඩ කරල් අතරින් පේන.”