සලමොන්ගේ ගීතිකාව 6:1-13

  • යෙරුසලමේ දූවරු (1)

  • තරුණිය (2, 3)

    • “මගේ හිමිකරු මගේ පෙම්වතායි. ඔහුගේ හිමිකාරිය මමයි” (3)

  • රජ (4-10)

    • “ඔබ තිර්ෂා වගේ ලස්සනයි” (4)

    • කාන්තාවන් කියපු දේ (10)

  • තරුණිය (11, 12)

  • රජ (සහ අනිත් අය) (13අ)

  • තරුණිය (13ආ)

  • රජ (සහ අනිත් අය) (13ඇ)

6  “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය,ඔබේ පෙම්වතා කොහෙද? ඔහු ගියේ කොහෙටද? ඔහුව හොයන්න අපිත් ඔබ එක්ක එන්නම්.”   “මගේ පෙම්වතා සුවඳ පැළෑටි පිරුණු පාත්ති තියෙනඔහුගේ උයනට ගිහින්.උයන් අතරේ ඉන්න බැටළුවන්ව රැකබලා ගන්න ගිහින්.ලිලී මල් කඩාගන්න ගිහින්.+   මගේ හිමිකරු මගේ පෙම්වතායි.ඔහුගේ හිමිකාරිය මමයි.+ ලිලී මල් පිපුණු තණබිමක ඔහු බැටළුවන්ව බලාගන්නවා.”+   “මගේ සොඳුරිය,+ ඔබ තිර්ෂා*+ වගේ ලස්සනයි.යෙරුසලම තරම්ම අලංකාරයි.+කොඩි අරගෙන රැස් වෙලා ඉන්න හමුදාවන් වගේ ඔබ තේජාන්විතයි.+   ඔබේ දෙනෙත් මගෙන් ඉවතට ගන්න.+ඔබ මං දිහා බලද්දී මගේ හද ගැස්ම වැඩි වෙනවා. ඔබේ වරලස හරියට ගිලියද් කඳු බෑවුම් දිගේබැහැගෙන එන එළු රංචුවක් වගෙයි.+   ඔබේ දත් හරියට බැටළු රැළක් වගෙයි.නාවපු බැටළු රැළක් වගෙයි.ඒවා එකකට එකක් ගැළපෙන විදිහටඑකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.   මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.   මට බිසෝවරු 60දෙනෙකුත්උපභාර්යාවෝ 80දෙනෙකුත් ඉන්නවා.තවත් තරුණියන් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවකුත් ඉන්නවා.+   ඒත් මට ඉන්න එකම එක නිකැළැල් පුංචි කොබෙයියා ඔබයි.+ ඇය ඇගේ මවට විශේෂ දියණියක්. ඇයව බිහි කළ තැනැත්තියගේ ප්‍රියතම* දියණිය ඇයයි. තරුණියන් ඇයව දැකලා ඇගේ ගුණ වර්ණනා කරනවා.බිසෝවරු සහ උපභාර්යාවන් ඇයට ප්‍රශංසා කරනවා. 10  ‘අලුයම් ආලෝකය වගේ බැබළෙන,පුරහඳ වගේ ලස්සන ඇය කවුද?හිරු කිරණ වගේ පවිත්‍ර,කොඩි අරගෙන රැස් වෙලා ඉන්න හමුදාවන් වගේ තේජාන්විත ඇය කවුද?’”+ 11  “මම පලතුරු ගස් පිරුණු උයනට ගියා.+නිම්නයේ දලු දාලා තියෙන ගස් වැල් බලන්න ගියා.මිදිවැලේ දලු ලියලලා* තියෙනවාද කියලත්දෙළුම් ගස්වල මල් පීදිලා තියෙනවාද කියලත් බලන්න මම ගියා. 12  ඒ දේවල් දැකගන්න ආසාවෙන් ඇවිදගෙන ගිය මමදන්නෙම නැතුවමගේ වංශවත්* සෙනඟගේ රථ ළඟට ආවා.” 13  “ෂූලම්මීය ළඳේ, ආපහු එන්න. හැරිලා එන්න.අපිට ඔබව ආයෙත් දැක බලා ගන්න ආපහු එන්න.” “ෂූලම්මීය ළඳක් දිහා ඔබ බලන්නේ මොකටද?”+ “ඇය හරියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන නැටුමක්* වගෙයි.”

පාදසටහන්

හෝ, “ප්‍රියකරු නගරය.”
හෝ, “නළල් දෙකෙළවර.”
මූ.අ., “නිර්මල.”
හෝ, “මල් පොහොට්ටු ඇවිල්ලා.”
හෝ, “වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න.”
හෝ, “මහනායිම්වල කරන නැටුමක්.”