සලමොන්ගේ ගීතිකාව 7:1-13

  • රජ (1-9අ)

    • ‘මගේ සොඳුරිය, ඔබ මොන තරම් ප්‍රියමනාපද!’ (6)

  • තරුණිය (9ආ-13)

    • “මගේ හිමිකාරයා මගේ පෙම්වතායි. ඔහු ආදරේ කරන්නේ මට විතරයි” (10)

7  “ගෞරවය දිනාගත්ත දියණිය,පාවහන් පැලඳගෙන ඉන්න ඔබේ දෙපා කොයි තරම් අලංකාරද! ඔබේ උකුළ ලස්සන ආභරණ වගෙයි.දක්ෂ ශිල්පියෙක්ගේ අතින් නිමැවුණු ආභරණ වගෙයි.   ඔබේ නාභිය වටකුරු බඳුනක් වගෙයි. ඒක හැමදාම වයින්වලින් පිරිලා තිබේවා! ඔබේ උදරය ලිලී මල්වලින් වට වුණතිරිඟු ගොඩක් වගෙයි.   ඔබේ පියයුරු මුව පැටවුන් දෙන්නෙක් වගෙයි.නිවුන් මුව පැටවුන් වගෙයි.+   ඔබේ ගෙල+ ඇත්දළවලින් නිමැවුණු කොතක් වගෙයි.+ ඔබේ දෙනුවන්+ බාත්රබ්බිම් දොරටුව ළඟ තියෙනහෙෂ්බොන්වල පොකුණු වගෙයි.+ ඔබේ නහය දමස්කයට මුහුණ ලා තියෙනලෙබනොන්වල කොත වගෙයි.   ඔබේ හිස කර්මෙල් කන්ද වගේ තේජවත්.+ඔබේ හිසකෙස්+ දම් පාට ලොම් වගෙයි.+ ඔබේ ලස්සන දිගු වරලසට රජගේ හිත ඇදිලා යනවා.   මගේ සොඳුරිය, ඔබ මොන තරම් ලස්සනද! මොන තරම් ප්‍රියමනාපද!ලස්සන හැම දේකටම වඩා ඔබ සුන්දරයි.   ඔබේ පෙනුම හරියට තාල ගහක් වගෙයි.ඔබේ පියයුරු ඉඳිපොකුරු වගෙයි.+   ‘මම ඒ ගහට නැඟලාඒකේ පල නෙළාගන්නවා’ කියලා මං කිව්වා. ඔබේ පියයුරු මිදිපොකුරු වගෙත්ඔබේ සුසුම් ඇපල් සුවඳ වගෙත් වේවා!   ඔබේ මුව ඉස්තරම්ම වයින් වගේ වේවා!” “මගේ සතුට ඒ වයින් මගේ පෙම්වතාගේ උගුර දිගේ හෙමිහිට ගලාගෙන යනවා දකින එකයි.ඒ වයින් තොල් අතරින් හෙමිහිට ගලාගෙන ගිහින් කෙනෙක්ව සුව නින්දකට වට්ටන වයින් වගේ වේවා! 10  මගේ හිමිකාරයා මගේ පෙම්වතායි.+ඔහු ආදරේ කරන්නේ මට විතරයි. 11  මගේ පෙම්වත, එන්න.අපි තණබිම්වලට යමු.සුවඳවත් හෙනා පඳුරු අතරේ කල් ගෙවමු.+ 12  අපි හිමිදිරි උදෑසන අවදි වෙලා මිදිවතුවලට යමු.මිදිවැලේ දලු දාලාද කියලත්මල් පිපිලාද කියලත් බලන්න යමු.+දෙළුම් ගස්වල මල් පීදිලාද කියලා බලන්න යමු.+ එහෙදී මගේ ආදරේ මම ඔබට පෙන්නන්නම්.+ 13  මැන්ඩ්‍රේක් ගෙඩිවලින්+ සුවඳ හමනවා.ඉස්තරම්ම පලතුරු හැම එකක්ම අපේ දොරකඩ ළඟ තියෙනවා.+ මගේ පෙම්වත, අලුත කඩපු පලතුරු වගේම කල් තියාගන්න පලතුරුමම ඔබ වෙනුවෙන්ම රැස් කරලා තියෙනවා.

පාදසටහන්