Skip to content

පටුනට යන්න

සෙකරියා පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

පොතේ සාරාංශයක්

  • 1

    • යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න කියලා කියයි (1-6)

      • ‘මං ළඟට ආයෙත් හැරිලා එන්න. මමත් ඔයාලා ළඟට හැරිලා එන්නම්’ (3)

    • 1වෙනි දර්ශනය: මරඳ ගස් අතරේ හිටපු අසරුවන් (7-17)

      • ‘යෙහෝවා සියොන් දියණියව සනසයි’ (17)

    • 2වෙනි දර්ශනය: අං හතරක් සහ කර්මාන්තකරුවන් හතරදෙනෙක් (18-21)

  • 2

    • 3වෙනි දර්ශනය: මනින ලණුවක් අතේ තියාගෙන ඉන්න මිනිසෙක් (1-13)

      • යෙරුසලම මනියි (2)

      • යෙහෝවා ‘ගිනි පවුරක් වගේ වට කරගන්නවා’ (5)

      • දෙවියන්ගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා (8)

      • හුඟක් ජාතීන් යෙහෝවා එක්ක බැඳීමක් ඇති කරගනියි (11)

  • 3

    • 4වෙනි දර්ශනය: උත්තම පූජකයාට අලුත් ඇඳුමක් අන්දවයි (1-10)

      • සාතන් උත්තම පූජක යොෂුවාට බාධා කරයි (1)

      • ‘අංකුරය විදිහට හඳුන්වන මගේ සේවකයාව මං හෙළි කරනවා’ (8)

  • 4

    • 5වෙනි දර්ශනය: පහන් රුක සහ ඔලීව ගස් දෙක (1-14)

      • ‘මගේ බලයෙන් මිසක් මිනිසුන්ගේ ශක්තියෙන් නෙවෙයි’ (6)

      • සුළුවෙන් පටන්ගත්ත වැඩක් කවදාවත් පහත් කරන්න එපා (10)

  • 5

    • 6වෙනි දර්ශනය: අහසේ පාවෙන ලියවිල්ල (1-4)

    • 7වෙනි දර්ශනය: ඒපා මිනුම් භාජනය (5-11)

      • භාජනය ඇතුළේ ඉන්නේ දුෂ්ටකම නියෝජනය කරන ස්ත්‍රියක් (8)

      • භාජනය ෂීනාර් දේශයට අරන් යයි (9-11)

  • 6

    • 8වෙනි දර්ශනය: අශ්ව රථ හතරක් (1-8)

    • අංකුරය කියන කෙනා රජෙක් සහ පූජකයෙක් විදිහට වැඩ කරයි (9-15)

  • 7

    • බොරුවට නිරාහාරව ඉන්න එක යෙහෝවා හෙළා දකියි (1-14)

      • “ඔයාලා ඇත්තටම නිරාහාරව හිටියේ මං වෙනුවෙන්ද?” (5)

      • ‘එකිනෙකාට යුක්තිය ඉටු කරන්න. නොසැලෙන ආදරයක් පෙන්වන්න. දයාවත් පෙන්වන්න’ (9)

  • 8

    • යෙහෝවා සියොන් දියණියට සත්‍යයත් සමාදානයත් දෙයි (1-23)

      • යෙරුසලම “සත්‍යයට ළැදි නුවර” (3)

      • “එකිනෙකා එක්ක ඇත්ත කතා කරන්න” (16)

      • නිරාහාරව ඉන්නවා වෙනුවට කාලා බීලා උත්සව සමරයි (18, 19)

      • “අපි ගිහින් යෙහෝවාට කන්නලව් කරලා ඔහුගේ අනුමැතිය ලබාගමු” (21)

      • මිනිස්සු දහදෙනෙක් යුදෙව් ජාතිකයෙක්ගේ ඇඳුම තදින් අල්ලගනියි (23)

  • 9

    • අවට ජාතීන්ට දෙවියන්ගෙන් ලැබුණ විනිශ්චය (1-8)

    • සියොන් දියණියගේ රජ එයි (9, 10)

      • බූරුවෙක් පිටේ නැඟලා එන නිහතමානී රජෙක් (9)

    • යෙහෝවාගේ සෙනඟව බේරගනියි (11-17)

  • 10

    • වැස්ස දෙන්න කියලා වෙනත් දෙවිවරුන්ගෙන් නෙමෙයි යෙහෝවාගෙන් ඉල්ලන්න (1, 2)

    • යෙහෝවා ඔහුගේ සෙනඟව එක්සත් කරයි (3-12)

      • යූදා සෙනඟ අතරින් එන ප්‍රධාන තැනැත්තා (3, 4)

  • 11

    • දෙවියන් පත් කරන සැබෑ එඬේරාව ප්‍රතික්ෂේප කළොත් වෙන දේ (1-17)

      • “මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න” (4)

      • සැරයටි දෙකක්: මිතුදම සහ එකමුතුකම (7)

      • එඬේරාගේ කුලිය: රිදී ෂෙකෙල් 30ක් (12)

      • සල්ලි භාණ්ඩාගාරයට වීසි කරයි (13)

  • 12

    • යෙහෝවා යූදා සහ යෙරුසලම වෙනුවෙන් නැඟී ඉඳියි (1-9)

      • යෙරුසලම “දැවැන්ත ගලක්” (3)

    • හෙල්ලයෙන් ඇනපු කෙනා ගැන වැලපෙයි (10-14)

  • 13

    • වෙනත් දෙවිවරුන්ගේ රූප සහ බොරු අනාගතවක්තෘවරුන්ව නැති කරලා දායි (1-6)

      • බොරු අනාගතවක්තෘවරු ලැජ්ජා වෙයි (4-6)

    • එඬේරාට පහර දෙයි (7-9)

      • තුනෙන් එකක් පවිත්‍ර කරයි (9)

  • 14

    • සැබෑ නමස්කාරය රජයයි (1-21)

      • ඔලීව කන්ද දෙපළු වෙයි (4)

      • යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළි අරන් ඔහුගේ නමට විතරක් අයැදියි (9)

      • යෙරුසලමට විරුද්ධව එන අයට වසංගතයකින් පහර දෙයි (12-15)

      • පැල් උත්සවය සමරයි (16-19)

      • හැම හැළියක්ම යෙහෝවාට කැප කරයි (20, 21)