සෙකරියා 11:1-17

  • දෙවියන් පත් කරන සැබෑ එඬේරාව ප්‍රතික්ෂේප කළොත් වෙන දේ (1-17)

    • “මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න” (4)

    • සැරයටි දෙකක්: මිතුදම සහ එකමුතුකම (7)

    • එඬේරාගේ කුලිය: රිදී ෂෙකෙල් 30ක් (12)

    • සල්ලි භාණ්ඩාගාරයට වීසි කරයි (13)

11  “ලෙබනොන් වැසියෙනි, දේශයේ දොරටු විවෘත කරලා තියන්න.එතකොට ගින්නක් ඇවිත් ඔබේ දේවදාර ගස් අළු කරලා දායි.   ජුනිපර් වෘක්ෂයෙනි, දැවිලා ගිය දේවදාර ගස් වෙනුවෙන් හඬා වැලපෙන්න.දැවැන්ත ගස් විනාශ වෙලා ගිහින්. බාෂාන්වල ඕක් වෘක්ෂයෙනි, අළු වෙලා ගිය ඝන වනාන්තර වෙනුවෙන් හඬා වැලපෙන්න.   එඬේරුන්ගේ විලාප හඬට ඇහුම්කන් දෙන්න.මොකද ඔවුන්ගේ තේජස නැති වෙලා ගිහින්.* තරුණ සිංහයන්ගේ* ගර්ජනාවට ඇහුම්කන් දෙන්න.මොකද යොර්දාන් ගඟ ළඟ තිබුණ ගන කැලෑව විනාශ කරලා.  “මගේ දෙවි යෙහෝවා මෙහෙම කිව්වා. ‘මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න.+  මොකද ඔවුන්ගේ එඬේරුන්ට ඔවුන් ගැන කිසිම අනුකම්පාවක් නැහැ.+ ඔවුන්ව විකුණන අය+ කියනවා “යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ. මොකද අපි දැන් පොහොසත් වෙන්නයි යන්නේ” කියලා. ඔවුන්ව මිල දී ගන්න අය ඔවුන්ව මරලා දැම්මත්+ ඒ අයට දඬුවම් ලැබෙන්නේ නැහැ.’  “යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා. ‘මම දේශයේ වැසියන්ට තවත් නම් අනුකම්පා කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් හැමෝටම ඔවුන්ගේ අසල්වැසියාගෙත් ඔවුන්ගේ රජගෙත් අතට අහු වෙන්න මම ඉඩහරිනවා. ඔවුන් මුළු දේශයම නැති නාස්ති කරලා දායි. මම එක් කෙනෙක්වවත් බේරගන්නේ නැහැ.’”  මම මරණයට නියම වුණ බැටළු රැළ රැකබලා ගන්න කැමති වුණා.+ හිරිහැර විඳින බැටළුවෙනි, මම එහෙම කළේ ඔයාලා ගැන හිතලයි. මම සැරයටි දෙකක් අතට අරන් එක සැරයටියක් ‘මිතුදම’ කියලත් අනිත් සැරයටිය ‘එකමුතුකම’+ කියලත් හැඳින්නුවා. ඊටපස්සේ මම බැටළු රැළ රැකබලා ගන්න පටන්ගත්තා.  මාසයක් ගත වෙන්නත් කලින් මම එඬේරු තුන්දෙනෙක්ව පන්නලා දැම්මා. මොකද එයාලා කරන දේවල් මට ඉවසන් ඉන්න බැරි වුණා. එයාලත් මට වෛර කළා.  ඒත් පස්සේ මම මෙහෙම කිව්වා. “මම තවත් නම් ඔයාලව බලාගන්නේ නැහැ. ඒ නිසා පණ අදින අයට මැරෙන්න ඉඩ දෙන්න. විනාශ වෙන්න යන අයව අත්හැරලා දාන්න. ඉතුරු වෙලා ඉන්න අයට එකිනෙකාව මරාගන්න ඉඩහරින්න.” 10  ඉතින් මම ‘මිතුදම’ කියලා හඳුන්වපු මගේ සැරයටිය+ අරගෙන ඒක කෑලි කෑලිවලට කපලා දැම්මා. මම එහෙම කරලා සෙනඟ එක්ක මං ඇති කරගත්ත ගිවිසුම අහෝසි කළා. 11  එයාලා එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුම එදාම අවසන් වුණා. ඒක දැක්කාම සෙනඟ අතරේ හිරිහැර විඳින අය තේරුම්ගත්තා යෙහෝවා මට දුන්න පණිවිඩය එයාලට දැනුම් දෙන්න ඕනෙ නිසයි මම එහෙම කළේ කියලා. 12  ඊටපස්සේ මම එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා සුදුසුයි කියලා හිතනවා නම් මට ලැබෙන්න ඕනෙ කුලිය දෙන්න. ඒත් ඔයාලා අකමැති නම් ඒක දෙන්න එපා.” එතකොට එයාලා මගේ කුලිය විදිහට රිදී ෂෙකෙල්* 30ක් දුන්නා.+ 13  ඒක දැකලා යෙහෝවා මට මෙහෙම කිව්වා. “එයාලා මාව කොච්චර පහත් කරලා සලකනවාද කියලා ඔයා දැක්කාද?+ ඔයාට දීපු රිදී ෂෙකෙල් භාණ්ඩාගාරයට වීසි කරන්න.” ඉතින් මම ඒ රිදී ෂෙකෙල් 30 අරන් ගිහින් යෙහෝවාගේ ගෘහයේ තියෙන භාණ්ඩාගාරයට වීසි කළා.+ 14  ඊටපස්සේ මම ‘එකමුතුකම’ කියලා හඳුන්වපු මගේ අනිත් සැරයටියත්+ කෑලි කෑලිවලට කපලා දැම්මා. මං එහෙම කළේ යූදා සහ ඊශ්‍රායෙල් අතර තියෙන සහෝදරකම නැති වෙනවා+ කියලා පෙන්වන්නයි. 15  යෙහෝවා මට මෙහෙමත් කිව්වා. “දැන් කිසි කමකට නැති එඬේරෙක්ගේ උපකරණ අතට ගන්න.+ 16  මොකද මම මේ දේශයට ඒ වගේ එඬේරෙක්ව එවනවා. විනාශ වෙන්න යන බැටළුවන් ගැන එයාට කිසිම සැලකිල්ලක් නැහැ.+ එයා නැති වුණ බැටළු පැටවුන්ව හොයාගෙන යන්නෙවත් තුවාල වුණ බැටළුවන්ව සුව කරන්නෙවත් නැහැ.+ ශක්තිමත්ව ඉන්න සතුන්ට එයා කෑම දෙන්නේ නැහැ. එයා මහත සතුන්ගේ මස් ගිලලා දානවා.+ එයා බැටළුවන්ගේ කුර කඩලා දානවා.+ 17  රැළ අත්හැරලා දාන,+ කිසි කමකට නැති එඬේරාට+ මොන තරම් දුක් වෙන්න වෙයිද! කඩුවකින් එයාගේ අතටත් දකුණු ඇහැටත් පහර දෙයි. එයාගේ අත පණ නැති වෙලා යයි.එයාගේ දකුණු ඇහැ අන්ධ වෙයි.”

පාදසටහන්

හෝ, “ඔවුන්ගේ සරුසාර තණබිම් විනාශ වෙලා ගිහින්.”
හෝ, “කේශර සිංහයන්ගේ.”
මූ.අ., “රිදී කෑලි.”