සෙකරියා 13:1-9

  • වෙනත් දෙවිවරුන්ගේ රූප සහ බොරු අනාගතවක්තෘවරුන්ව නැති කරලා දායි (1-6)

    • බොරු අනාගතවක්තෘවරු ලැජ්ජා වෙයි (4-6)

  • එඬේරාට පහර දෙයි (7-9)

    • තුනෙන් එකක් පවිත්‍ර කරයි (9)

13  “ඒ කාලයේදී, දාවිත්ගේ පෙළපතේ අයයි, යෙරුසලමේ වැසියනුයි කරපු අපවිත්‍ර දේවල් සහ පව් සෝදාහරින්න ළිඳක් හාරයි.”+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ කාලයේදී මම දේශයේ තියෙන වෙනත් දෙවිවරුන්ගේ රූප+ නැත්තටම නැති කරලා දානවා. මිනිසුන්ට ඒ දෙවිවරුන්ව අමතක වෙලාම යයි. බොරු අනාගතවක්තෘවරුන්වත්+ භූතයන්ගේ බලපෑමත්* මම දේශයෙන් නැති කරලා දානවා.  ඒකෙන් පස්සේ කවුරු හරි බොරු අනාවැකි කිව්වොත් ඔහුගේ අම්මායි, තාත්තායි ඔහුට මෙහෙම කියයි. ‘ඔයා යෙහෝවාගේ නමින් බොරු අනාවැකි කිව්ව නිසා ඔයා ජීවත් වෙන්න වටින්නේ නැහැ.’ ඊටපස්සේ ඔහුගේ අම්මායි, තාත්තායි ඔහුට පිහියකින් ඇනලා ඔහුව මරලා දායි.+  “ඒ කාලයේදී, බොරු අනාගතවක්තෘවරු අනාවැකි කියද්දී තමන් දැක්ක දර්ශන ගැන ලැජ්ජා වෙයි. ඔවුන් කලින් කළා වගේ මිනිසුන්ව රවට්ටන්න ලොම්වලින් හදපු නිලඇඳුම්+ අඳින්නේ නැහැ.  ඔවුන් මෙහෙම කියයි. ‘මම අනාගතවක්තෘවරයෙක් නෙවෙයි. මම ගොවියෙක්. මං තරුණ කාලේ කෙනෙක් සල්ලි දීලා මාව දාසකමට ගත්තා.’  කෙනෙක් එයාගෙන් ඇහුවොත් ‘ඔයාගේ ඇඟේ* මේ වගේ තුවාල තියෙන්නේ ඇයි’ කියලා එයා මෙහෙම කියයි. ‘මගේ යාළුවන්ගේ* ගෙදර ඉද්දියි මට මෙහෙම වුණේ.’”   ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “කඩුව, මං පත් කරපු එඬේරාට+ විරුද්ධව නැඟී ඉන්න.මාත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු යාළුවාට පහර දෙන්න.එඬේරාට පහර දීලා+ රැළේ බැටළුවන්ට හැම තැනටම විසිරිලා යන්න හරින්න.+වැදගත්කමින් අඩු අයව මම හික්මවනවා.”   යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා.“දේශයේ ඉන්න අයගෙන් තුනෙන් දෙකක් විනාශ වෙයි.බේරිලා ජීවත් වෙන්නේ තුනෙන් එකක් විතරයි.   ඒ තුනෙන් එක මම ගිනි මැදින් අරන් එනවා.මම ඔවුන්ව රිදී පවිත්‍ර කරනවා වගේ පවිත්‍ර කරනවා.රන් සෝදිසි කරනවා වගේ සෝදිසි කරනවා.+ ඔවුන් මගේ නම කියලා දිගටම මට කන්නලව් කරයි.මමත් ඔවුන්ට උත්තර දෙනවා. ‘මේ මගේ සෙනඟ’ කියලා මම ඔවුන් ගැන කියනවා.+ඔවුනුත් ‘යෙහෝවායි අපේ දෙවියන්’ කියලා කියයි.”

පාදසටහන්

මූ.අ., “අපවිත්‍ර බලවේගයන්.”
මූ.අ., “අත් දෙක අතරේ.” ඒ කියන්නේ පිටේ නැත්නම් පපුවේ.
හෝ, “මට ආදරේ කරන අයගේ.”