සෙකරියා 14:1-21

  • සැබෑ නමස්කාරය රජයයි (1-21)

    • ඔලීව කන්ද දෙපළු වෙයි (4)

    • යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළි අරන් ඔහුගේ නමට විතරක් අයැදියි (9)

    • යෙරුසලමට විරුද්ධව එන අයට වසංගතයකින් පහර දෙයි (12-15)

    • පැල් උත්සවය සමරයි (16-19)

    • හැම හැළියක්ම යෙහෝවාට කැප කරයි (20, 21)

14  “බලන්න! යෙහෝවා දෙවියන්ගේ දවස එනවා. ඒ දවසේදී සතුරා ඔබේ වස්තුව කොල්ල කාලා ඒවා ඔබ* ඉස්සරහම බෙදාගන්නවා.  යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න මම සියලු ජාතීන්ව රැස් කරනවා. ඔවුන් ඇවිත් නුවර අල්ලගෙන, ගෙවල් කොල්ල කාලා ස්ත්‍රීන්ව දූෂණය කරයි. නුවරේ වැසියන්ගෙන් භාගයක්ම වහලුන් විදිහට අරන් යයි. ඒත් ඉතුරු අය නුවරේම ඉඳියි.  “යෙහෝවා අතීතයේදී තමන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කළා වගේ ඒ ජාතීන්ට+ විරුද්ධවත් සටන් කරයි.+  ඒ දවසේදී ඔහු ඔලීව කන්දේ+ හිටගනියි. එතකොට යෙරුසලමට නැඟෙනහිරෙන් තියෙන ඒ කන්ද දෙපළු වෙයි. නැඟෙනහිර ඉඳන් බස්නාහිර* වෙන කල් ඒ කන්ද පැළිලා ගිහින් ඒකෙන් කොටසක් උතුරු පැත්තටත් අනිත් කොටස දකුණු පැත්තටත් වෙන් වෙලා යයි. ඒ මැදින් විශාල නිම්නයක් ඇති වෙයි.  ඔබ ඔහුගේ කඳු දෙක අතරේ තියෙන නිම්නයට දුවයි. ඒ නිම්නය ආෂෙල් වෙන කල්ම විහිදිලා යයි. යූදාවල රජ වුණ උසියාගේ+ කාලයේදී භූමිකම්පාව ඇති වුණාම ඔබ පලා ගියා වගේ එදාටත් ඔබට පලා යන්න වෙයි. ඒ දවසේදී මගේ දෙවි යෙහෝවා ජාතීන්ට දඬුවම් කරන්න එයි. සියලු ශුද්ධ තැනැත්තනුත් ඔහු එක්ක එයි.+  “ඒ දවසේදී කිසිම දීප්තිමත් ආලෝකයක්+ දකින්න ලැබෙන්නේ නැහැ. අධික සීතල නිසා දේවල් මිදිලා යයි.  යෙහෝවා දෙවියන්ගේ දවස+ විදිහට හඳුන්වන ඒ දවස විශේෂ දවසක් වෙයි. එදාට දවාල සහ රාත්‍රිය අතර වෙනසක් පේන්නේ නැහැ. හවස් වරුවේදීත් එළිය තියෙයි.  ඒ දවසේදී යෙරුසලමෙන්+ ජීවනය ලබා දෙන වතුර+ ගලාගෙන එයි. ඒ වතුරෙන් භාගයක් නැඟෙනහිර පැත්තේ තියෙන මුහුදටත්*+ ඉතුරු භාගය බස්නාහිර පැත්තේ තියෙන මුහුදටත්*+ ගලාගෙන යයි. ගිම්හාන කාලයේදී වගේම ශීත කාලයේදීත් ඒ වතුර නොනැවතී ගලාගෙන එයි.  යෙහෝවා මුළු පොළොවේම රජ වෙයි.+ ඒ කාලයේදී හැමෝම යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළිගනියි.+ හැමෝම ඔහුගේ නමට විතරක් අයැදියි.+ 10  “ගෙබා+ නගරයේ ඉඳන් යෙරුසලමට දකුණෙන් තියෙන රිම්මොන්+ නගරය දක්වා තියෙන මුළු දේශයම අරබා+ නිම්නය වගේ වෙයි. ඒත් යෙරුසලම ඒක පිහිටලා තියෙන ස්ථානයේදී ඉහළින්ම පිහිටුවයි. බෙන්ජමින් දොරටුවේ+ ඉඳන් පළවෙනි දොරටුව දක්වාත් එතන ඉඳන් කොනේ දොරටුව දක්වාත් හනානෙල්ගේ මුරකොටුවේ+ ඉඳන් රජතුමාට අයිති, මිදි පාගන තැන්* දක්වාත් තියෙන මුළු ප්‍රදේශය පුරාම මිනිසුන් ජීවත් වෙයි.+ 11  සෙනඟ යෙරුසලමේ සුරක්ෂිතව ජීවත් වෙයි.+ ඒක ආයේ කවදාවත් විනාශයට නියම කරන්නේ නැහැ.+ 12  “යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න එන+ හැම කෙනෙක් පිටටම යෙහෝවා ගේන වසංගතය මේකයි. ඔවුන් හිටගෙන ඉද්දීම ඔවුන්ගේ ශරීර කුණු වෙලා යයි. ඔවුන් පණ පිටින් ඉද්දීම ඔවුන්ගේ ඇස්, දිව් කුණු වෙලා යයි. 13  “ඒ දවසේදී යෙහෝවා ඔවුන් හැමෝවම වියවුල් කරනවා. ඔවුන් තම තමන්ගේ යාළුවාට විරුද්ධව සටන් කරයි.+ 14  යෙරුසලම අවට සිද්ධ වෙන යුද්ධයට යූදා දේශයේ වැසියොත් හවුල් වෙයි. අවට ජාතීන්ගේ රන්, රිදී, ඇඳුම් පැලඳුම් ඇතුළු මුළු වස්තු සම්භාරයම ඔවුන් එකතු කරගනියි.+ 15  “ඒ වසංගතය අශ්වයෝ, කොටළුවෝ, ඔටුවෝ, බූරුවෝ පිටට වගේම කඳවුරුවල ඉන්න අනිත් හැම සතෙක් පිටටමත් එයි. 16  “යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න එන ජාතීන් අතරින් පිරිසක් ඉතුරු වෙයි. ඔවුන් හැම අවුරුද්දක් ගාණේම,+ ස්වර්ගයේ සේනාවල අධිපති+ සහ රජ වන යෙහෝවාට නමස්කාර කරන්නත් පැල්* උත්සවය+ පවත්වන්නත් ඒ නුවරට නැඟගෙන යයි. 17  පොළොවේ ජාතීන් අතරින් කවුරු හරි ස්වර්ගයේ සේනාවල අධිපති සහ රජ වන යෙහෝවාට නමස්කාර කරන්න යෙරුසලමට ගියේ නැත්නම් ඔවුන්ට වැස්ස ලැබෙන්නේ නැහැ.+ 18  ඊජිප්තු දේශයේ වැසියන් යෙරුසලමට ගියේ නැත්නම් ඔවුන්ටත් වැසි ලැබෙන්නේ නැහැ. පැල් උත්සවය පවත්වන්න යෙරුසලමට යන්නේ නැති ජාතීන්ට පහර දෙන වසංගතයෙන්ම යෙහෝවා ඔවුන්ටත් පහර දෙයි. 19  පැල් උත්සවය පවත්වන්න යන්නේ නැති ඊජිප්තු ජාතිකයන්ටත් අනිත් හැම ජාතිකයෙක්ටමත් ලැබෙන්නේ ඒ දඬුවමයි. 20  “ඒ දවසේදී අශ්වයන්ගේ ඇඟේ එල්ලලා තියෙන සීනුවල ‘ශුද්ධකමේ උල්පත යෙහෝවායි’+ කියලා කොටලා තියෙයි. යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන විශාල හැළි+ පූජාසනය ළඟ තියෙන භාජන+ වගේ වෙයි. 21  යෙරුසලමේ සහ යූදා දේශයේ උයන්න පාවිච්චි කරන හැම හැළියක්ම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට කැප කරයි. ඒ හැම එකක්ම ශුද්ධ භාජන විදිහට සලකයි. පූජා ඔප්පු කරන හැමෝම ඔවුන් ඔප්පු කරන සතුන්ගේ මස් තම්බන්නේ ඒ හැළිවලයි. ඒ කාලයේදී ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ ගෘහයේ කිසිම කානානිවරයෙක්ට* ඉන්න ලැබෙන්නේ නැහැ.”+

පාදසටහන්

ඒ කියන්නේ දෙවෙනි පදයේ සඳහන් වෙන නුවර.
මූ.අ., “මුහුද.”
ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
ඒ කියන්නේ මළ මුහුද.
හෝ, “වයින් ගබඩා.”
හෝ, “තාවකාලික මඩු.”
හෝ සමහරවිට, “වෙළෙන්දෙක්ට.”