සෙකරියා 2:1-13

  • 3වෙනි දර්ශනය: මනින ලණුවක් අතේ තියාගෙන ඉන්න මිනිසෙක් (1-13)

    • යෙරුසලම මනියි (2)

    • යෙහෝවා ‘ගිනි පවුරක් වගේ වට කරගන්නවා’ (5)

    • දෙවියන්ගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා (8)

    • හුඟක් ජාතීන් යෙහෝවා එක්ක බැඳීමක් ඇති කරගනියි (11)

2  මම ඔළුව උස්සලා බලද්දී මනින ලණුවක්+ අතේ තියාගෙන හිටිය මිනිසෙක්ව දැක්කා.  “ඔයා කොහෙද යන්නේ” කියලා මම එයාගෙන් ඇහුවා. “මම යන්නේ යෙරුසලමේ දිග පළල මනින්න”+ කියලා එයා කිව්වා.  එතකොට මාත් එක්ක කලින් කතා කරකර හිටපු දේවදූතයා එතනින් ගියා. එයා යද්දී එයාව හම්බ වෙන්න තවත් දේවදූතයෙක් ආවා.  එයා මුලින්ම ආපු දේවදූතයාට මෙහෙම කිව්වා. “අර තරුණයා ළඟට දුවලා ගිහින් මෙහෙම කියන්න. ‘“ඉස්සරහට යෙරුසලම පවුරකින් වට කරන්න බැරි තරම් විශාල දේශයක් වගේ වෙයි.+ මොකද ඒක මිනිස්සුන්ගෙනුත් සත්තුන්ගෙනුත් පිරිලා ඉතිරිලා යයි.+  මම ගිනි පවුරක් වගේ යෙරුසලම වට කරගන්නවා.+ මගේ තේජසින් ඇයව පුරවනවා”+ කියලා යෙහෝවා කියනවා.”’”  “පොළොවේ හතර දිශාවට මං විසුරුවාහැරපු ජනයෙනි, ආයෙත් එන්න”+ කියලා යෙහෝවා කියනවා. “උතුරු දේශයෙන් පිට වෙලා ඉක්මනින්ම එන්න.”+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.  “සියොන් ජනයෙනි, ඉක්මනින්ම බැබිලෝනියෙන් බේරිලා එන්න.+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+  ඒ නිසා මම ඒ ජාතීන්ට පහර දෙනවා. ඒ ජාතීන් වහල්කමට අරන් ගිය අයම එයාලව කොල්ල කනවා.’+ එතකොට ඔයාලා දැනගනියි මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා. 10  යෙහෝවා මෙහෙම කියනවා. “සියොන් දියණිය, සතුටින් කෑගහන්න.+ මොකද මම ඔයාලා අතරට ඇවිත්+ ඔයාලා එක්කම ඉන්නවා.+ 11  ඒ කාලයේදී, හුඟක් ජාතීන් යෙහෝවා වන මාත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා.+ ඔයාලා මගේ සෙනඟ වෙනවා. මමත් ඔයාලා එක්කම ඉන්නවා.” එතකොට ඔයාලා දැනගනියි මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා. 12  ඒ කාලයේදී යෙහෝවා, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය විදිහට තෝරගන්නේ යූදා සෙනඟවයි. ඔහු ආයෙත් යෙරුසලම ඔහුගේ නගරය විදිහට තෝරගන්නවා.+ 13  සියලු ජනයෙනි, යෙහෝවා දෙවියන් ඉදිරියේ නිහඬ වෙන්න. මොකද ඔහු ඔහුගේ ශුද්ධ වාසස්ථානයේ ඉඳන් පියවර ගන්නවා.

පාදසටහන්