හග්ගයි 2:1-23

  • අලුතින් හදන දේවමාලිගාව තේජසින් පිරිලා යයි (1-9)

    • සියලු ජාතීන්ව සොලවයි (7)

    • ජාතීන්ගේ වටිනා වස්තු ගෘහයට ගලාගෙන එයි (7)

  • දේවමාලිගාව ආයෙත් ගොඩනඟන නිසා ආශීර්වාද ලැබෙයි (10-19)

    • ශුද්ධ දෙයක් ඇල්ලුවා කියලා පවිත්‍ර වෙන්නේ නැහැ (10-14)

  • සෙරුබාබෙල්ට පණිවිඩයක් (20-23)

    • “මම ඔයාව මුද්‍රා තියන මුද්දක් වගේ වෙන්න සලස්වනවා” (23)

2  හත්වෙනි මාසයේ 21වෙනිදා අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් යෙහෝවා දෙවියන් මේ පණිවිඩය දුන්නා.  “ෂෙයල්ටියල්ගේ පුතා වුණ යූදා දේශයේ ආණ්ඩුකාරයා+ වන සෙරුබාබෙල්ගෙනුත්+ යෙහොෂාදාක්ගේ+ පුතා වුණ උත්තම පූජක යොෂුවාගෙනුත්+ අනිත් හැම කෙනෙක්ගෙනුත් මෙහෙම අහන්න.  ‘මීට කලින් මේ ගෘහය කොයි තරම් තේජවත් තත්වයක තිබුණාද කියලා ඔයාලාගෙන් කාටද මතක?+ දැන් ඒකේ තත්වය ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? ඒක කලින් තිබුණ ගෘහය අහළකින්වත් තියන්න බැහැ වගේ නේද පේන්නේ?’”+  “ඒත් යෙහෝවා දැන් මෙහෙම කියනවා. ‘සෙරුබාබෙල්, ධෛර්යවත් වෙන්න. යෙහොෂාදාක්ගේ පුතා වන උත්තම පූජක යොෂුවා, ඔයාත් ධෛර්යවත් වෙන්න.’ “‘දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වෙලා දැන් වැඩ පටන්ගන්න’ කියලා යෙහෝවා කියනවා.+ “‘මොකද මම ඔයාලා එක්කම ඉන්නවා’+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.  ‘ඔයාලා ඊජිප්තුවෙන්+ පිටතට එද්දී මං ඔයාලට වුණ පොරොන්දුව දැන් මතක් කරගන්න. දැනුත් ඔයාලට මගේ බලය තියෙනවා කියලා+ මතක තියාගන්න.* ඒ නිසා බය වෙන්න එපා.’”+  “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘තව ටික කාලෙකින් මම ආයෙත් අහසත් පොළොවත් මුහුදත් ගොඩබිමත් සොලවනවා’+  “‘මම සියලු ජාතීන්වත් සොලවනවා. එතකොට එයාලාගේ වටිනා වස්තු මේ ගෘහයට ගලාගෙන එයි.+ මම මේ ගෘහය තේජසින් පිරිලා ඉතිරිලා යන්න සලස්වනවා.’+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.  “‘රිදී අයිති මටයි. රත්තරන් අයිතිත් මටයි’ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මේ ගෘහයේ තේජස කලින් තිබුණු ගෘහයේ තේජසට වඩා වැඩි වෙයි.’+ “‘මම මේ ස්ථානයේදී මගේ සෙනඟට සමාදානය දෙනවා’+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.” 10  දාරියුස් රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ නමවෙනි මාසයේ 24වෙනිදා යෙහෝවා අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් මේ පණිවිඩය දුන්නා. 11  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘නීතියේ කියලා තියෙන්නේ මොනවාද කියලා පූජකයන්ගෙන් අහන්න.+ 12  “කෙනෙක් දෙවියන්ට කැප කරපු මස් ටිකක් එයාගේ ඇඳුමේ ඔතාගෙන යද්දී, එයාගේ ඇඳුම රොටිවල හරි හොදිවල හරි වයින්වල හරි තෙල්වල හරි වෙන කෑමක හරි ගෑවුණොත් ඒවා ශුද්ධ තත්වයකට පත් වෙයිද?”’” එතකොට පූජකයෝ “නැහැ” කියලා කිව්වා. 13  ඊටපස්සේ හග්ගයි මෙහෙම ඇහුවා. “මළ සිරුරක්* අල්ලලා අපවිත්‍ර තත්වයක ඉන්න කෙනෙක් ඒ කෑම බීම ඇල්ලුවොත් ඒවා අපවිත්‍ර වෙයිද?”+ එතකොට පූජකයෝ “ඔව්, ඒවා අපවිත්‍ර වෙනවා” කියලා කිව්වා. 14  ඊටපස්සේ හග්ගයි මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මේ සෙනඟත් මේ ජාතියත් මං ඉස්සරහා ඉන්නේ ඒ වගේම තත්වයක. එයාලා කරන හැම දෙයක්මත් එයාලා ඔප්පු කරන හැම පූජාවක්මත් අපවිත්‍රයි.’ 15  “‘ඒත් අද ඉඳන් මේ දේ ගැන හොඳට හිතලා බලන්න. යෙහෝවා වන මගේ ගෘහය, ගලක් පිට ගලක් තියලා ආයෙත් ගොඩනඟන්න කලින් තිබුණේ මොන වගේ තත්වයක්ද කියලා හිතන්න.+ 16  ඒ දවස්වල ධාන්‍ය මිනුම් 20ක් ගන්න හිතාගෙන ධාන්‍ය ගොඩක් ගාවට ගිය කෙනෙක්ට ලැබුණේ ධාන්‍ය මිනුම් 10යි. වයින් මිනුම් 50ක් ගන්න හිතාගෙන වයින් ගබඩාවට ගිය කෙනෙක්ට ගන්න පුළුවන් වුණේ වයින් මිනුම් 20යි.+ 17  හැම දේම පිච්චිලා යන තරම් රස්නයකිනුත් දිලීර රෝගයකිනුත්+ හිම කැට වැස්සෙනුත් මම ඔයාලට පහර දුන්නා. ඒකෙන් මං ඔයාලාගේ අස්වැන්න විනාශ කරලා දැම්මා. ඒ වුණත් ඔයාලාගෙන් එක් කෙනෙක්වත් මං ගාවට හැරිලා ආවේ නැහැ.’ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 18  “‘යෙහෝවා වන මගේ ගෘහයේ අත්තිවාරම දාපු+ මේ දවසේ ඉඳන් ඒ කියන්නේ නමවෙනි මාසයේ 24වෙනිදා ඉඳන් මේ ගැන හොඳට හිතලා බලන්න. 19  මේ වෙද්දී ධාන්‍ය ගබඩාවේ එක ධාන්‍ය ඇටයක්වත් ඉතුරු වෙලා තියෙනවාද?+ මිදිවැලේවත් අත්තික්කා ගහේවත් දෙළුම් ගහේවත් ඔලීව ගහේවත් එක ගෙඩියක්වත් දකින්න තියෙනවාද? ඒත් මේ දවසේ ඉඳන් මං ඔයාලට ආශීර්වාද කරන හැටි බලන්න.’”+ 20  ඒ දවසේදීම ඒ කියන්නේ ඒ මාසයේ 24වෙනිදා+ යෙහෝවා අනාගතවක්තෘ හග්ගයි මාර්ගයෙන් තවත් පණිවිඩයක් දුන්නා. 21  “යූදා දේශයේ ආණ්ඩුකාරයා වන සෙරුබාබෙල්ට මෙහෙම කියන්න. ‘මම අහසත් පොළොවත් සොලවනවා.+ 22  මම රාජ්‍යයන්+ පෙරළලා ජාතීන්ගේ බලය සුනුවිසුනු කරලා දානවා. අශ්ව රථත් ඒවා පදවන අයවත් බිමට ඇදලා දානවා. අශ්වයොත් අසරුවොත් එකට මැරුම් කනවා. ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කනවා.’”+ 23  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ෂෙයල්ටියල්ගේ+ පුතා වන සෙරුබාබෙල්,+ ඔයා මගේ සේවකයා.’ යෙහෝවා මෙහෙමත් කියනවා. ‘ඒ දවසේදී මම ඔයාව මුද්‍රා තියන මුද්දක් වගේ වෙන්න සලස්වනවා. මොකද වැදගත් කාර්යයක් ඉටු කරන්න මං ඔයාව තෝරගෙන තියෙනවා.’ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.”

පාදසටහන්

හෝ සමහරවිට, “එදා ඔයාලට මගේ බලය තිබුණා.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.