Skip to content

පටුනට යන්න

හිතෝපදේශ පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • හිතෝපදේශවල අරමුණ (1-7)

    • නරක අයව ඇසුරු කරන එකේ තියෙන අනතුර (8-19)

    • සැබෑ ප්‍රඥාව හැමෝටම ඇහෙන්න හඬ නඟයි (20-33)

  • 2

    • ප්‍රඥාවේ වටිනාකම (1-22)

      • නිධාන හොයනවා වගේ ප්‍රඥාව හොයන්න (4)

      • සිතීමේ හැකියාව ආරක්ෂාවක් (11)

      • අනාචාරය විනාශයට මඟ පාදයි (16-19)

  • 3

    • ප්‍රඥාවන්ත වෙලා යෙහෝවාව විශ්වාස කරන්න (1-12)

      • ඔයාගේ වටිනා දේවලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න (9)

    • ප්‍රඥාව හොයාගන්න කෙනා සන්තෝෂවත් (13-18)

    • ප්‍රඥාවෙන් ආරක්ෂාව ලැබෙයි (19-26)

    • අනිත් අයට සලකන්න ඕනෙ විදිහ (27-35)

      • පුළුවන් හැම වෙලාවෙම අනිත් අයට යහපත් දේ කරන්න (27)

  • 4

    • තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ප්‍රඥාවන්ත උපදෙස් (1-27)

      • අනිත් හැම දේටම වඩා ප්‍රඥාව ලබාගන්න (7)

      • දුෂ්ටයන්ගේ මාර්ග ළඟින්වත් යන්න එපා (14, 15)

      • ධර්මිෂ්ඨයන්ගේ මාවතේ දීප්තිය ටිකෙන් ටික වැඩි වෙයි (18)

      • “ඔයාගේ හිත ආරක්ෂා කරගන්න” (23)

  • 5

    • අනාචාරයේ යෙදෙන ස්ත්‍රීන් ගැන අනතුරු ඇඟවීමක් (1-14)

    • ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න (15-23)

  • 6

    • ණයකට ඇප වෙන එක ගැන පරෙස්සම් වෙන්න (1-5)

    • “කම්මැළියෙනි, කූඹියා ළඟට යන්න” (6-11)

    • කිසි කමකට නැති, දුෂ්ට කෙනෙක් (12-15)

    • යෙහෝවා පිළිකුල් කරන දේවල් හතක් (16-19)

    • නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා වෙන්න (20-35)

  • 7

    • දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙලා ජීවිතේ රැකගන්න (1-5)

    • අද්දැකීම් අඩු තරුණයෙක්ව රවට්ටගනියි (6-27)

      • “මරන්න ගෙනියන ගොනෙක් වගේ” (22)

  • 8

    • ප්‍රඥාව කතා කරයි (1-36)

      • ‘දෙවියන්ගේ මුල්ම නිර්මාණය මමයි’ (22)

      • ‘දෙවියන්ගේ ළඟින්ම ඉඳන් ප්‍රධාන සේවකයා විදිහට වැඩ කළා’ (30)

      • “මට වැඩියෙන්ම ආදරේ දැනුණේ මනුෂ්‍ය පුත්‍රයන් ගැනයි” (31)

  • 9

    • සැබෑ ප්‍රඥාව කරන ආරාධනය (1-12)

      • “මං නිසා ඔයා ගොඩක් කල් ජීවත් වෙයි” (11)

    • මෝඩ ස්ත්‍රියකගෙන් ලැබෙන ආරාධනය (13-18)

      • “හොරෙන් ගත්ත වතුර මිහිරියි” (17)

  • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

    • 10

      • ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි (1)

      • උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි (4)

      • ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කියවෙයි (19)

      • සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදවලින් (22)

      • යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි (27)

    • 11

      • නිහතමානී අය ප්‍රඥාවන්තයි (2)

      • දෙවියන්ව අත්හැරපු කෙනා අනිත් අයව විනාශ කරයි (9)

      • ‘උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සාර්ථක වෙයි’ (14)

      • ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි (25)

      • වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි (28)

    • 12

      • අවවාද හෙළා දකින කෙනා මෝඩයෙක් (1)

      • “හිතන්නේ බලන්නේ නැතුව කියන වචන හරියට කඩුවෙන් අනිනවා වගේ” (18)

      • සාමය ඇති කරද්දී සතුට වැඩි වෙයි (20)

      • බොරු කියන දිව යෙහෝවාට පිළිකුලක් (22)

      • කනස්සල්ල නිසා මානසිකව වැටෙයි (25)

    • 13

      • උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි (10)

      • බලාපොරොත්තු වුණ දේ ප්‍රමාද වෙද්දී හිත කලකිරෙනවා (12)

      • විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවයක් ගෙන දෙයි (17)

      • ප්‍රඥාවන්තයන්ව ඇසුරු කරද්දී ප්‍රඥාවන්ත වෙනවා (20)

      • හික්මවීම, ආදරේ සංකේතයක් (24)

    • 14

      • කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව දන්නේ එයායි (10)

      • හරියි කියලා හිතෙන මඟ අවසන් වෙන්නේ මරණයෙන් (12)

      • අද්දැකීම් අඩු කෙනා හැම දේම විශ්වාස කරයි (15)

      • පොහොසතා ළඟ යාළුවෝ වට වෙලා (20)

      • සන්සුන් මනසක් ජීවිතය රැක දෙයි (30)

    • 15

      • කාරුණික උත්තරයකින් කේන්තිය නිවෙයි (1)

      • යෙහෝවා හැම දෙයක්ම දකිනවා (3)

      • ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා දෙවියන්ට ප්‍රසන්නයි (8)

      • උපදෙස් ලබාගන්නේ නැතුව කරන සැලසුම් අසාර්ථක වෙයි (22)

      • උත්තරයක් දෙන්න කලින් හිතලා බලන්න (28)

    • 16

      • යෙහෝවා චේතනා සෝදිසි කරනවා (2)

      • කරන හැම දේකදීම යෙහෝවා මතම රඳා ඉන්න (3)

      • නිවැරදි තරාදි අයිති යෙහෝවාට (11)

      • විනාශයට මුල උඩඟුකම (18)

      • පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් (31)

    • 17

      • හොඳක් කරපු කෙනාට නපුරක් කරන්න එපා (13)

      • රණ්ඩුවක් ඇති වෙන්න කලින් එතනින් යන්න (14)

      • අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරෙයි (17)

      • “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්” (22)

      • වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා දිව පාලනය කරගනියි (27)

    • 18

      • අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා අඥානයි, ආත්මාර්ථකාමියි (1)

      • යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක් (10)

      • වස්තුව ආරක්ෂාවක් කියලා හිතන එක මෝඩ සිතුවිල්ලක් (11)

      • කාරණයක දෙපැත්තම අහන එක ප්‍රඥාවන්ත දෙයක් (17)

      • සහෝදරයෙක්ටත් වඩා විශ්වාසවන්ත යාළුවෙක් (24)

    • 19

      • වටහාගැනීමේ ශක්තිය තිබුණාම ඉක්මනින් කේන්ති යන්නේ නැහැ (11)

      • රණ්ඩුවට බර බිරිඳක් කැඩිච්ච වහලක් වගේ (13)

      • බුද්ධිමත් බිරිඳක් යෙහෝවාගෙන් (14)

      • දරුවෙක්ව හරි මඟට ගන්න හැකියාව තියෙද්දී එයාව හික්මවන්න (18)

      • උපදෙස්වලට ඇහුම්කන් දෙන එක ප්‍රඥාවන්තයි (20)

    • 20

      • වයින් සමච්චල් කරන්නෙක් (1)

      • කම්මැළියා ශීත කාලේදී වපුරන්නේ නැහැ (4)

      • මිනිසෙක්ගේ සිතුවිලි ගැඹුරු ජලය වගේ (5)

      • දුර දිග බලන්නේ නැතුව පොරොන්දු වෙන්න එපා (25)

      • තරුණයන්ගේ ගෞරවය එයාලාගේ ශක්තියයි (29)

      • 21 රජෙක්ගේ හිත යෙහෝවා කැමති අතට හරවනවා (1)

      • පූජාවලට වඩා සාධාරණව වැඩ කරන එක වටිනවා (3)

      • කඩිසරකම නිසා සැලසුම් සාර්ථක වෙයි (5)

      • අසරණයන්ගේ ඉල්ලීම් අහක දාන කෙනාටත් ඒ දේම වෙයි (13)

      • යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව යන්න තරම් ප්‍රඥාවක් නැහැ (30)

    • 22

      • ධන සම්පත්වලට වඩා හොඳ නමක් වටිනවා (1)

      • පුංචි කාලේ දෙන පුහුණුව ජීවිත කාලෙටම මතක තියෙයි (6)

      • කම්මැළියා එළිමහනේ ඉන්න සිංහයාට බයයි (13)

      • හික්මවීම්වලින් මෝඩකම් නැති වෙනවා (15)

      • දක්ෂ විදිහට වැඩ කරන කෙනා රජවරුන් ඉස්සරහට යයි (29)

    • 23

      • කෑමකට ලැබෙන ආරාධනා පිළිගන්න කලින් හිතලා බලන්න (2)

      • ධනය පස්සේ යන්න එපා (4)

      • වස්තුව තටු විහිදලා යයි (5)

      • බේබද්දන් එක්ක ඇසුරු කරන්න එපා (20)

      • මත්පැන් සර්පයෙක් වගේ දෂ්ට කරයි (32)

    • 24

      • නපුරු මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා (1)

      • ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙනවා (3)

      • ධර්මිෂ්ඨයා වැටුණත් ආයෙත් නැඟිටිනවා (16)

      • පළිගන්න එපා (29)

      • නින්දට ආස කරන කෙනා දුප්පතෙක් වෙයි (33, 34)

  • හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27)

    • 25

      • රහසිගත කාරණා හෙළි නොකිරීම (9)

      • හොඳට හිතලා බලලා කියන වචන (11)

      • අනිත් අයගේ නිදහසට ගරු කරන්න (17)

      • සතුරාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහන එක (21, 22)

      • හොඳ ආරංචියක් සිසිල් පැන් පොදක් වගේ (25)

    • 26

      • කම්මැළියන් ගැන විස්තරයක් (13-16)

      • අනිත් අයගේ රණ්ඩුවලට පැටලෙන්න එපා (17)

      • අනවශ්‍ය විහිළු කරන්න එපා (18, 19)

      • දර නැත්නම් ගින්දරත් නැහැ (20, 21)

      • බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන රස කෑමක් වගේ (22)

    • 27

      • යාළුවෙක් දෙන අවවාද හුඟක් වටිනවා (5, 6)

      • මගේ පුතේ, මගේ හිත සතුටු කරන්න (11)

      • යකඩින් යකඩ මුවහත් වෙයි (17)

      • ඔයාගේ රැළේ තත්වය දැනගෙන ඉන්න (23)

      • වස්තුව හැමදාටම තියෙන්නේ නැහැ (24)

    • 28

      • නීතිය ගණන් ගන්නේ නැති කෙනාගේ යාච්ඤා පිළිකුලක් (9)

      • වැරදි හෙළි කරන කෙනාට දයාව පෙන්වයි (13)

      • ඉක්මනින් පොහොසත් වෙන්න හදන කෙනාට නිර්දෝෂව ඉන්න බැහැ (20)

      • චාටු කතාවලට වඩා අවවාද හොඳයි (23)

      • ත්‍යාගශීලී කෙනාට කිසිම දේකින් අඩුවක් නැහැ (27)

    • 29

      • හිතුමතේට වැඩ කරන්න ඉඩහරින දරුවෙක් දෙමාපියන්ට ලැජ්ජාවක් (15)

      • දෙවියන්ගෙන් මඟ පෙන්වීම් නැති වෙද්දී මිනිසුන් පාලනයක් නැතුව හැසිරෙයි (18)

      • කේන්ති ගන්න කෙනා රණ්ඩු දබර ඇති කරයි (22)

      • නිහතමානී කෙනා ගෞරවයට පත් වෙයි (23)

      • මිනිසුන්ට බය වෙන එක උගුලක් (25)

  • 30

    • ආගුර් කියපු පණිවිඩය (1-33)

      • මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා (8)

      • සෑහීමට පත් වෙන්නේ නැති දේවල් (15, 16)

      • තේරුම්ගන්න අමාරු දේවල් (18, 19)

      • අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක් (20)

      • සහජයෙන්ම ප්‍රඥාවන්ත සත්තු (24)

  • 31

    • ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක් (1-31)

      • හොඳ බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද? (10)

      • කඩිසරයි, දක්ෂයි (17)

      • ආදරෙන් කතා කරයි (26)

      • දරුවනුත් සැමියාත් ප්‍රශංසා කරයි (28)

      • රූමත්කම හැමදාටම තියෙන්නේ නැහැ (30)