හිතෝපදේශ 10:1-32

  • ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි (1)

  • උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි (4)

  • ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කියවෙයි (19)

  • සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදවලින් (22)

  • යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි (27)

10  සලමොන්ගේ හිතෝපදේශ.+ ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි.+ඒත් අඥාන පුතෙක් අම්මාව දුකට පත් කරයි.   දුෂ්ටකම් කරලා ලබාගන්න වස්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ.ඒත් මරණයෙන් බේරෙන්නේ හරි දේ කරන අයයි.+   යෙහෝවා ධර්මිෂ්ඨයාට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ.+ඒත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉටු කරලා දෙන්නේ නැහැ.   කම්මැළියා දුප්පත්කමට වැටෙයි.+ඒත් උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි.+   බුද්ධිමත්ව වැඩ කරන පුතෙක් ගිම්හාන කාලේදී අස්වැන්න නෙළාගනියි.ඒත් අස්වැන්න නෙළන කාලේදී නිදාගන්න පුතෙක්ට අත් වෙන්නේ ලැජ්ජාවයි.+   ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටයි.+ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.   ධර්මිෂ්ඨයා ගැන හැමදාමත් තියෙන්නේ හොඳ මතකයන්.*හැමෝම එයාගේ හොඳ කතා වෙනවා.+ඒත් දුෂ්ටයාගේ නම ඇහෙද්දීත් දැනෙන්නේ පිළිකුලක්.එයාගේ නම මැකිලාම යනවා.+   ප්‍රඥාවන්තයා මඟ පෙන්වීම්* පිළිගන්නවා.+ඒත් මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දානවා.+   දෙවියන්ට විශ්වාසවන්ත කෙනා සුරක්ෂිතව ගමන් කරයි.+ඒත් බොරුවෙන් ජීවත් වෙන කෙනාගේ බොරුව හෙළි වෙයි.+ 10  කපටි විදිහට ඇස්වලින් ඉඟි කරන කෙනා වේදනා ඇති කරයි.+මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දායි.+ 11  ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙන උල්පතක්.+ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.+ 12  වෛරය රණ්ඩු දබර ඇති කරයි.ඒත් ආදරය හැම වරදක්ම අමතක කරයි.+ 13  අවබෝධයෙන් වැඩ කරන කෙනා ප්‍රඥාවන්තව කතා කරයි.+ඒත් වේවැල තියෙන්නේ සිහිකල්පනාවෙන් වැඩ නොකරන කෙනාට* දඬුවම් කරන්නයි.+ 14  ප්‍රඥාවන්තයා දැනුම වස්තුවක් වගේ රැකගනියි.+ඒත් මෝඩයාගේ කට එයාව විනාශයට ඇදලා දායි.+ 15  පොහොසතාගේ ධනය* එයාට බලකොටුවක්. ඒත් දුප්පතා දුක් විඳින්නේ දුප්පත්කම නිසයි.+ 16  ධර්මිෂ්ඨයා වැඩ කරන විදිහ නිසා ජීවනය ලැබෙයි.ඒත් දුෂ්ටයාගේ වැඩ නිසා එයා පාපයට වැටෙයි.+ 17  හික්මවීම් පිළිගන්න කෙනා ජීවනයට මඟ පෙන්වයි.*ඒත් අවවාදයට පිටු පාන කෙනා අනුන්ව නොමඟ යවයි. 18  හිතේ වෛරය හංගන කෙනා බොරු කියයි.+අපහාසාත්මක කතා* පතුරුවන කෙනා මෝඩයෙක්. 19  ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කටින් පිට වෙන එක නවත්තන්න බැහැ.+ඒත් බුද්ධිමත් කෙනා කතා කරන්නේ හොඳට හිතලා බලලයි.+ 20  ධර්මිෂ්ඨයාගේ වචන පවිත්‍ර රිදී වගේ.+ඒත් දුෂ්ටයාගේ සිතුවිලිවල කිසි වටිනාකමක් නැහැ. 21  ධර්මිෂ්ඨයා එයාගේ කතාවෙන් හුඟක් අයව පෝෂණය කරයි.*+ඒත් මෝඩයා එයාගේ මෝඩකම් නිසා මිය යයි.+ 22  සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලිනුයි.*+ඔහු ඒ ආශීර්වාදවලට කිසි වේදනාවක්* එකතු කරන්නේ නැහැ. 23  පහත් විදිහට හැසිරෙන එක අඥානයාට සෙල්ලමක් වගේ.ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා ප්‍රඥාව හොයාගෙන යයි.+ 24  දුෂ්ටයාට අද්දකින්න වෙන්නේ එයා බයෙන් ඉන්න දේමයි.ඒත් ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් ඉටු කරලා දෙයි.+ 25  දුෂ්ටයාව කුණාටුවත් එක්කම ගහගෙන යනවා.+ඒත් ධර්මිෂ්ඨයා හැමදාටම තියෙන අත්තිවාරමක් වගේ.+ 26  විනාකිරිවලට දත් හිරි වැටෙනවා. දුම නිසා ඇස් දැවිල්ල ගන්නවා.කම්මැළියෙක්ව වැඩට ගන්න කෙනාටත් දැනෙන්නේ ඒ විදිහටමයි. 27  යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි.+ඒත් දුෂ්ටයාගේ ජීවිතය කෙටි කරයි.+ 28  ධර්මිෂ්ඨයාගේ බලාපොරොත්තුව ජීවිතේට සතුටක් එක් කරයි.+ඒත් දුෂ්ටයාගේ බලාපොරොත්තු සුන් වෙයි.+ 29  යෙහෝවාගේ මාර්ගය නිර්දෝෂ අයට බලකොටුවක්.+ඒත් දුෂ්ට අයට ඒකෙන් අත් වෙන්නේ විනාශයයි.+ 30  ධර්මිෂ්ඨයාව කවදාවත් වට්ටන්න බැහැ.+ඒත් දුෂ්ටයාට පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.+ 31  ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්‍රඥාවන්ත වදන්.*ඒත් පහත් කතා කියන අයව හැමදාටම නිහඬ කරනවා. 32  හිතට සතුටක් දැනෙන විදිහට කතා කරන්න ධර්මිෂ්ඨයා දන්නවා.ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන්නේ නරක කතාමයි.

පාදසටහන්

හෝ, “ධර්මිෂ්ඨයාට තියෙන්නේ හොඳ නමක්.”
මූ.අ., “ආඥා.”
හෝ, “අඥානයාට.”
හෝ, “වටිනා දේවල්.”
හෝ සමහරවිට, “ඉන්නේ ජීවනයට යන පාරේ.”
හෝ, “කටකතා.”
හෝ, “හුඟක් අයට මඟ පෙන්වයි.”
හෝ, “දුක් කරදර.”
හෝ, “යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද සැබෑ වස්තුවක්.”
හෝ, “ප්‍රඥාවෙන් ලැබෙන පල.”