හිතෝපදේශ 11:1-31

  • නිහතමානී අය ප්‍රඥාවන්තයි (2)

  • දෙවියන්ව අත්හැරපු කෙනා අනිත් අයව විනාශ කරයි (9)

  • ‘උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සාර්ථක වෙයි’ (14)

  • ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි (25)

  • වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි (28)

11  හොර තරාදිය යෙහෝවාට පිළිකුලක්.ඒත් නිවැරදි මිනුම් පඩිය ගැන ඔහු සතුටු වෙනවා.+   කෙනෙක් අහංකාරකමින් ඉදිමුණොත් එයා අගෞරවයට පත් වෙයි.+ඒත් නිහතමානී අය ප්‍රඥාවන්තයි.+   ප්‍රතිපත්තිගරුක අයට මඟ පෙන්වන්නේ එයාලාගේ අවංකකමයි.+ඒත් ද්‍රෝහිකම් කරන අය එයාලාගේ වංකකම නිසා විනාශ වෙයි.+   දෙවියන් කෝපය පිට කරන දවසේදී ධනයෙන්* කිසි වැඩක් නැහැ.+ඒත් මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ කෙනායි.+   හරි දේ කරන නිසා නිර්දෝෂ කෙනාගේ මාර්ග සමතලා වෙනවා.ඒත් දුෂ්ටයා එයාගේ දුෂ්ටකම නිසා වැටෙනවා.+   හරි දේ කරන නිසා ප්‍රතිපත්තිගරුක අය බේරෙයි.+ඒත් ද්‍රෝහිකම් කරන අය එයාලාගෙම වැරදි ආශාවන්වලට අහු වෙයි.+   දුෂ්ට කෙනෙක් මැරෙද්දී එයාගේ බලාපොරොත්තු නැති වෙනවා.එයාගේ බලය ගැන විශ්වාසය තියලා ඇති කරගත්ත බලාපොරොත්තුත් සුන් වෙනවා.+   දුක් පීඩාවලින් ධර්මිෂ්ඨයාව බේරගනියි.ඒත් ඒ දුක් පීඩා හැම එකක්ම දුෂ්ටයා පිටට එයි.+   දෙවියන්ට ද්‍රෝහි වෙන* කෙනා එයාගේ වචනවලින් අසල්වැසියාව විනාශ කරයි.ඒත් දැනුම තියෙන නිසා ධර්මිෂ්ඨයා බේරෙයි.+ 10  ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ සතුටු වෙයි.දුෂ්ටයා විනාශ වෙද්දී එයාලා සතුටින් කෑගහයි.+ 11  ප්‍රතිපත්තිගරුක අයට ආශීර්වාද ලැබෙද්දී නුවරක් ගෞරවයට පත් වෙයි.*+ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන වචන නිසා ඒක බිඳ වැටෙයි.+ 12  සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනා* අසල්වැසියාව හෙළා දකිනවා.ඒත් දේවල් හොඳින් තේරුම්ගන්න කෙනා නිහඬව ඉන්නවා.+ 13  බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරනවා.+ඒත් විශ්වාසවන්ත කෙනා රහසිගත කාරණා රකිනවා. 14  නැණවත් උපදෙස් නැති වෙද්දී ජනයා දුකට පත් වෙයි.ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී එයාලා සාර්ථක වෙයි.*+ 15  අඳුරන්නේ නැති කෙනෙක්ගේ ණයකට ඇප වෙන කෙනා කරදරේ වැටෙයි.+ඒත් අතට අත දීලා ඇප වෙන්නේ නැති කෙනා ප්‍රශ්නවලින් නිදහස් වෙයි. 16  කාරුණික* ස්ත්‍රියක් අනිත් අයගේ ගෞරවය දිනාගන්නවා.+ඒත් කුරිරු අය වස්තුව පැහැරගන්නවා. 17  කාරුණික* කෙනා වැඩ කරන විදිහ නිසා එයාට ප්‍රයෝජන ලැබෙනවා.+ඒත් කුරිරු කෙනා තමන් පිටටම දුක් කරදර ගේනවා.*+ 18  දුෂ්ටයා උපයගන්න දේවල කිසි වටිනාකමක් නැහැ.+ඒත් ධර්මිෂ්ඨකමින් වපුරන කෙනාට හොඳම දේ ලැබෙයි.+ 19  ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ස්ථිරව රකින අයට ජීවනය ලැබෙනවා.+ඒත් දුෂ්ට දේවල් පස්සේම යන අයට ලැබෙන්නේ මරණයයි. 20  වංක හිත් තියෙන අය යෙහෝවාට පිළිකුලක්.+ඒත් නිර්දෝෂ අය ඔහුගේ හිත සතුටු කරයි.+ 21  දුෂ්ටයන්ට* දඬුවම් ලැබෙනවාමයි.+ ඒක ස්ථිරයි.ඒත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ බේරෙනවා. 22  සිහිබුද්ධියෙන් වැඩ කරන්නේ නැති ස්ත්‍රියකගේ රූමත්කමඌරෙක්ගේ නහයට දාපු රන් මුද්දක් වගේ. 23  ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් නිසා යහපත් ප්‍රතිඵල ලැබෙයි.+ඒත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තු නිසා දෙවියන්ගේ කෝපය ඇවිළෙයි. 24  ත්‍යාගශීලීව දෙන* කෙනාට තව තවත් ලැබෙයි.+දෙන්න ඕනෙ දේ නොදී ඉන්න කෙනා දුප්පතෙක් වෙයි.+ 25  ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි.+අනිත් අයව ප්‍රාණවත් කරන* කෙනාවත් ප්‍රාණවත් කරයි.+ 26  ධාන්‍ය හංගන වෙළෙන්දන්ට ජනයා ශාප කරයි.ඒත් ඒවා විකුණන අයට එයාලා ආශීර්වාද කරයි. 27  නිතරම යහපත් දේ කරන්න මහන්සි වෙන අයට ආශීර්වාද ලැබෙයි.+ඒත් වැරදි දේ පස්සේ යන අයට වෙන්නේ නපුරු දේවල්මයි.+ 28  තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි.+ඒත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් වගේ සාර්ථක වෙයි.+ 29  තමන්ගේ ගෙදර අයට කරදර* ගේන කෙනාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.*+අඥානයා ප්‍රඥාවන්තයාගේ සේවකයෙක් වෙයි. 30  ධර්මිෂ්ඨයාගේ ක්‍රියා ජීවන වෘක්ෂයක් වගේ.*+අනිත් අයගේ හිත්* දිනාගන්න කෙනා ප්‍රඥාවන්තයෙක්.+ 31  ධර්මිෂ්ඨ අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.එහෙනම් දුෂ්ටයන්ටයි, පව්කාරයන්ටයි ඊටත් වඩා කොච්චර දඬුවම් විඳින්න වෙයිද!+

පාදසටහන්

හෝ, “වස්තුවෙන්.”
හෝ, “දෙවියන් ගැන ගරුබියක් නැති.”
හෝ සමහරවිට, “ප්‍රතිපත්තිගරුක අය නුවරකට ආශීර්වාද කරද්දී ඒක ගෞරවයට පත් වෙයි.”
හෝ, “අඥාන කෙනා.”
හෝ, “ගැලවීම ලැබෙයි.”
හෝ, “ගුණවත්.”
හෝ, “තමන්ටම නින්දා කරගන්නවා.”
හෝ, “නොසැලෙන ආදරයක් තියෙන.”
හෝ, “දුෂ්ටයන් අතට අත දුන්නත්.”
හෝ, “හැමෝටම බෙදලා දෙන.”
මූ.අ., “ලෝභ නැතුව වතුර බෙදාහරින.”
හෝ, “නින්දාවක්.”
මූ.අ., “ලැබෙන්නේ හුළං විතරයි.”
හෝ, “ජීවනය ගෙන දෙයි.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.