හිතෝපදේශ 12:1-28

  • අවවාද හෙළා දකින කෙනා මෝඩයෙක් (1)

  • “හිතන්නේ බලන්නේ නැතුව කියන වචන හරියට කඩුවෙන් අනිනවා වගේ” (18)

  • සාමය ඇති කරද්දී සතුට වැඩි වෙයි (20)

  • බොරු කියන දිව යෙහෝවාට පිළිකුලක් (22)

  • කනස්සල්ල නිසා මානසිකව වැටෙයි (25)

12  හික්මවීම්වලට ප්‍රිය කරන කෙනා දැනුමට ප්‍රිය කරයි.+ඒත් අවවාද හෙළා දකින කෙනාට කිසි දෙයක් තේරුම්ගන්න බැහැ.*+   යහපත් කෙනෙක් ගැන යෙහෝවා සතුටු වෙනවා.ඒත් කූට සැලසුම් යොදන කෙනාව ඔහු හෙළා දකිනවා.+   දුෂ්ටකම් කරලා ස්ථිරව ඉන්න කාටවත් බැහැ.+ඒත් ධර්මිෂ්ඨයා උගුල්ලන්න බැරි ශක්තිමත් ගහක් වගේ.   හොඳ* බිරිඳක් එයාගේ සැමියාට ඔටුන්නක්.+ඒත් කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන බිරිඳක් නිසා සැමියාගේ ඇටකටු දිරලා යයි.+   ධර්මිෂ්ඨ අයගේ සිතුවිලි සාධාරණයි.ඒත් දුෂ්ටයන් දෙන මඟ පෙන්වීම් රැවටිලිකාරයි.   දුෂ්ටයන්ගේ වචන මර උගුලක්.*+ඒත් අවංක අය වචන හසුරුවන විදිහ නිසා එයාලා බේරෙයි.+   දුෂ්ට අයව පාගලා දාද්දී එයාලා නැති වෙලාම යයි.ඒත් ධර්මිෂ්ඨ අයගේ නිවස හැමදාටම පවතියි.+   නැණවත්ව වචන හසුරුවන මිනිසාට ප්‍රශංසාව ලැබෙයි.+ඒත් කපටි හිතක් තියෙන කෙනාව පිළිකුල් කරයි.+   කන්න කෑම ටිකක්වත් නැතුව ඉද්දී තමන් ගැන ලොකුකම් කියවන කෙනෙක්ට+ වඩාඑක සේවකයෙක් හරි ඉන්න සාමාන්‍ය කෙනෙක් වටිනවා. 10  ධර්මිෂ්ඨ කෙනෙක් එයා ඇති කරන සතා ගැනත් සැලකිලිමත් වෙනවා.+ඒත් දුෂ්ට කෙනාගේ කරුණාවන්තම ක්‍රියාව වුණත් කුරිරුයි. 11  තමන්ගේ ඉඩමේ වගා කරන කෙනා කෑම කාලා තෘප්තිමත් වෙයි.+ඒත් වැඩකට නැති දේවල් පස්සේ යන කෙනා වැඩ කරන්නේ සිහිකල්පනාව නැතුවයි.* 12  දුෂ්ට කෙනෙක් නපුරු අය පැහැරගත්ත දේවලට ආශා කරයි.ඒත් ධර්මිෂ්ඨයා හොඳට මුල් ඇදපු, පල දරන ගහක් වගේ. 13  නපුරු කෙනෙක් එයාගෙම දුෂ්ට කතාවලට අහු වෙනවා.+ඒත් ධර්මිෂ්ඨයා දුක් වේදනාවලින් ගැලවෙනවා. 14  මිනිසෙක් එයාගේ කටින් පිට කරන වචනවලින් සතුටක් අද්දකියි.+එයා කරන දේවලට එයාට හොඳ ප්‍රතිඵල ලැබෙයි. 15  අඥාන කෙනෙක් තමන් කරන දේවල් හරියි කියලා හිතයි.+ඒත් ප්‍රඥාවන්ත කෙනා උපදෙස්වලට සවන් දෙයි.+ 16  අඥාන කෙනෙක් එයාගේ කේන්තිය ඒ වෙලාවෙම* පිට කරයි.+ඒත් බුද්ධිමත් කෙනෙක්ට අපහාස කළත් එයා ඒක හිතට ගන්නේ නැහැ.* 17  විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් ඇත්ත* කියයි.ඒත් බොරු සාක්ෂිකරුවෙක්ගේ කටින් පිට වෙන්නේ රැවටිලිකාර වචනයි. 18  හිතන්නේ බලන්නේ නැතුව කියන වචන හරියට කඩුවෙන් අනිනවා වගේ.ඒත් ප්‍රඥාවන්ත කෙනෙක්ගේ වචන සුවය ගෙන දෙයි.+ 19  ඇත්ත කතා කරන කෙනා සදහටම ජීවත් වෙයි.+ඒත් බොරු කියන දිව තියෙන්නේ සුළු මොහොතකට විතරයි.+ 20  උගුල් අටවන කෙනාගේ හිත වංචාවෙන් පිරිලා.ඒත් සාමය ඇති කරන කෙනාගේ හිත සතුටින් පිරිලා.+ 21  ධර්මිෂ්ඨයාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ.+ඒත් දුෂ්ටයාට එක පිට එක විපත්තිවලට මුහුණ දෙන්න වෙයි.+ 22  බොරු කියන දිව යෙහෝවාට පිළිකුලක්.+ඒත් විශ්වාසවන්ත කෙනා ගැන ඔහු සතුටු වෙනවා. 23  සිහිබුද්ධියෙන් වැඩ කරන කෙනා තමන් දන්න දේ කියන්න ඉක්මන් වෙන්නේ නැහැ.ඒත් අඥානයා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරයි.+ 24  කඩිසරව වැඩ කරන අය පාලකයන් වෙයි.+ඒත් කම්මැළියාට වෙන්නේ වහල්කම් කරන්නයි.+ 25  කනස්සල්ල නිසා කෙනෙක් මානසිකව වැටෙයි.+ඒත් දිරිගන්වන වචනයකින් එයාගේ හිතට සතුටක් දැනෙයි.+ 26  ධර්මිෂ්ඨයා හොඳම තණබිම් හොයාගෙන යයි.ඒත් දුෂ්ටයාගේ ගමන් මඟ නිසා එයා මංමුළා වෙයි. 27  කම්මැළි කෙනෙක් දඩයමේ යන්නේ නැහැ.+ඒත් කඩිසරකම මිනිසෙක්ට තියෙන වටිනා වස්තුවක්. 28  ධර්මිෂ්ඨ මාවත මඟ පෙන්වන්නේ ජීවනයටයි.+ඒ මඟේ යන අයට මරණය අත් වෙන්නේ නැහැ.

පාදසටහන්

හෝ, “කෙනා මෝඩයෙක්.”
හෝ, “ගුණවත්.”
මූ.අ., “මඟ රැකගෙන ඉන්නේ ලේ වගුරුවන්නයි.”
හෝ, “අඥාන කෙනෙක්.”
හෝ, “ඒ දවසේම.”
හෝ, “නිහඬව ඉන්නවා.”
මූ.අ., “හරි දේ.”