හිතෝපදේශ 14:1-35

  • කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව දන්නේ එයායි (10)

  • හරියි කියලා හිතෙන මඟ අවසන් වෙන්නේ මරණයෙන් (12)

  • අද්දැකීම් අඩු කෙනා හැම දේම විශ්වාස කරයි (15)

  • පොහොසතා ළඟ යාළුවෝ වට වෙලා (20)

  • සන්සුන් මනසක් ජීවිතය රැක දෙයි (30)

14  ප්‍රඥාවන්ත ස්ත්‍රියක් එයාගේ පවුල ගොඩනඟයි.+ඒත් අඥාන ස්ත්‍රියක් එයාගේ අත් දෙකෙන්ම ඒක බිඳලා දායි.   ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා.ඒත් වංක කෙනා ඔහුව හෙළා දකිනවා.   අඥානයාගේ උද්ධච්ච කතා වේවැල් පහරක් වගේ.ඒත් නැණවත් කෙනාගේ වචන එයාට ආරක්ෂාවක් වෙයි.   ගවයන් නැති වුණාම ගවමඩුව* පිරිසිදුයි.ඒත් සරු අස්වැන්නක් ලැබෙන්නේ ගවයෙක්ගේ ශක්තියෙන්.   විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් බොරු කියන්නේ නැහැ.ඒත් බොරු සාක්ෂිකරුවෙක්ගේ කටින් පිට වෙන්නේ බොරුමයි.+   සමච්චල් කරන කෙනා ප්‍රඥාව හෙව්වත් එයාට ඒක හම්බ වෙන්නේ නැහැ.ඒත් කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා ඉක්මනින්ම ඉගෙනගන්නවා.+   අඥානයාගෙන් ඈත් වෙලා ඉන්න.මොකද එයා කියන දේවලින් දැනුම ලබාගන්න බැහැ.+   බුද්ධිමත් කෙනෙක් ප්‍රඥාව යොදාගෙන එයා යන මඟ හොඳින් අවබෝධ කරගන්නවා.ඒත් අඥානයා තමන්ගෙම මෝඩකම නිසා නොමඟ යනවා.*+   මෝඩ අය තමන් කරන වැරදි* සැහැල්ලුවට ගනියි.+ඒත් ප්‍රතිපත්තිගරුක අය ප්‍රශ්න විසඳගන්න මහන්සි වෙයි.* 10  කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව දන්නේ එයා විතරයි.එයාට දැනෙන සතුට වුණත් තේරුම්ගන්න කාටවත් බැහැ. 11  දුෂ්ටයාගේ නිවස විනාශ කරයි.+ඒත් අවංක කෙනාගේ නිවස තව තවත් දියුණු වෙයි. 12  මිනිසෙක්ට හරියි කියලා හිතෙන මඟක් තියෙනවා.+ඒත් ඒ මඟ අවසන් වෙන්නේ මරණයෙන්.+ 13  කෙනෙක් හිනා වුණත් එයාගේ හිතේ වේදනාවක් තියෙන්න පුළුවන්.විනෝදය දුකෙන් කෙළවර වෙන්නත් පුළුවන්. 14  කෙනෙක් තමන්ගේ හිත නොමඟ යන්න දුන්නොත් එයාට නරක ප්‍රතිඵල විඳින්න වෙනවා.+ඒත් යහපත් කෙනා එයා කරන දේවලින් හොඳ ප්‍රතිඵල නෙළාගන්නවා.+ 15  අද්දැකීම් අඩු කෙනා අනිත් අය කියන හැම දේම විශ්වාස කරයි.ඒත් සිහිබුද්ධිය තියෙන කෙනා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලයි.+ 16  ප්‍රඥාවන්තයා විමසිල්ලෙන් ඉඳලා නපුරෙන් ඈත් වෙනවා.ඒත් අඥානයා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා හිතුමතේට* වැඩ කරනවා. 17  ඉක්මනින් කේන්ති ගන්න කෙනා මෝඩයෙක් වගේ හැසිරෙයි.+හොඳට කල්පනා කරලා වැඩ කරන කෙනා* වෛරයට ලක් වෙයි. 18  අද්දැකීම් අඩු අය මෝඩ විදිහට වැඩ කරයි.ඒත් සිහිබුද්ධිය තියෙන අය දැනුම ඔටුන්නක් වගේ පලඳියි.+ 19  දුෂ්ටයන් යහපත් අය ඉස්සරහා දණ නමයි.නපුරු අයට ධර්මිෂ්ඨයන්ගේ දොරටු ඉස්සරහා දණ නමන්න සිද්ධ වෙයි. 20  දුප්පතාගේ අසල්වැසියොත් එයාව හෙළා දකිනවා.+ඒත් පොහොසතා ළඟ යාළුවන් වට වෙලා ඉන්නවා.+ 21  අසල්වැසියාව පහත් කරලා සලකන කෙනා කරන්නේ වරදක්.ඒත් අගහිඟකම් තියෙන කෙනෙක්ට දයානුකම්පාවෙන් සලකන කෙනා සන්තෝෂවත්.+ 22  නපුරක් කරන්න කුමන්ත්‍රණය කරන අය මංමුළා වෙයි. ඒත් හරි දේ කරන්න අදිටන් කරගෙන ඉන්න අය අනිත් අයගේ ආදරයත් විශ්වාසයත් දිනාගනියි.+ 23  මහන්සි වෙලා කරන හැම වැඩකින්ම ප්‍රයෝජන ලැබෙයි.ඒත් කතාවටම වැටුණොත් අගහිඟකම් ඇති වෙයි.+ 24  ප්‍රඥාවන්තයාගේ වස්තුව එයාට ඔටුන්නක්.ඒත් මෝඩයන්ට ඉතුරු වෙන්නේ මෝඩකම් විතරයි.+ 25  සැබෑ සාක්ෂිකරුවෙක් ජීවිත බේරගනියි.ඒත් බොරු සාක්ෂිකරුවෙක් කියන්නෙම බොරු. 26  යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් හැම දේකදීම ඔහුව විශ්වාස කරයි.+ඒක එයාගේ දරුවන්ටත් ආරක්ෂාවක් වෙයි.+ 27  යෙහෝවාට ගරුබිය දැක්වීමෙන් ජීවනය ලැබෙයි.*මරණයේ උගුල්වලින් ආරක්ෂා වෙන්න ඒක උදව් වෙයි. 28  රජෙක් යටතේ හුඟක් පුරවැසියන් ඉද්දී ඒක ඔහුට ගෞරවයක්.+ඒත් යටත්වැසියන් අඩු වෙද්දී පාලකයෙක්ගේ බලය බිඳ වැටෙයි. 29  ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනාට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+ඒත් ඉවසීම නැති කෙනා එයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා.+ 30  සන්සුන් මනසක් ජීවිතය රැක දෙයි.*ඒත් ඊර්ෂ්‍යාව නිසා ඇටකටු දිරලා යයි.+ 31  අසරණයාට වංචා කරන කෙනා තමන්ගේ සැදුම්කරුට නින්දා කරයි.+ඒත් දුප්පතාට දයානුකම්පාවෙන් සලකන කෙනා ඔහුව ප්‍රශංසාවට පත් කරයි.+ 32  දුෂ්ටයා පහත් තත්වයට පත් වෙන්නේ එයා කරන නපුරු දේවල් නිසාමයි.ඒත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම එයාට ආරක්ෂාවක්.+ 33  තේරුම්ගැනීමේ හැකියාව තියෙන කෙනාගේ ප්‍රඥාව තියෙන්නේ එයාගේ හිතේ.+ඒත් අඥානයා එයා ප්‍රඥාවන්තයෙක් කියලා හැම තැනම කියකිය යනවා. 34  ධර්මිෂ්ඨකම නිසා මුළු ජාතියක්ම ගෞරවයට පත් වෙයි.+ඒත් වැරදි වැඩ කරන නිසා සෙනඟ නින්දාවට ලක් වෙයි. 35  අවබෝධයෙන් වැඩ කරන සේවකයෙක් ගැන රජ සතුටු වෙනවා.+ඒත් කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන කෙනා ගැන ඔහුට දැනෙන්නේ ලොකු කේන්තියක්.+

පාදසටහන්

මූ.අ., “ගවඔරුව.”
හෝ සමහරවිට, “අනිත් අයව නොමඟ යවයි.”
හෝ, “වැරදි හදාගන්න එක.”
හෝ, “සාමකාමීව ඉන්න වෑයම් කරනවා.”
හෝ, “කේන්තියෙන්.”
හෝ, “සිතීමේ හැකියාව තියෙන කෙනා.”
මූ.අ., “දැක්වීම ජීවනයේ උල්පතක්.”
හෝ, “ගතට සුවයක්.”